BWIO සම්මාන උළෙලේදී ආචාර්ය කේ.ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Women Icon of the Year සම්මානය දිනයි

Dr. K.A. Buddhima Indu Abeygunawardena

ශ්‍රී ලංකාවේ ඇගැලුම් කර්මාන්තයට, මෙහෙයුම් විශිෂ්ටත්වයට, නවෝත්පාදනයට හා ආයතනික නායකත්වයට දුන් සුවිශේෂ දායකත්වය අගයමින් ආචාර්ය කේ. ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Business World International Organization සංවිධානය කළ ගල්කිස්ස හෝටලයේදී පැවති BWIO 2026 සම්මාන උළෙලේදී Women Icon of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවාය. වසර 25කට අධික ඇගැලුම් කර්මාන්ත අත්දැකීම් සහිත ආචාර්ය අබේගුණවර්ධන වෙළෙඳ භාණ්ඩ කළමනාකරණය, මූලාශ්‍ර කළමනාකරණය, මෙහෙයුම්, සැපැයුම් දාම කළමනාකරණය, Lean Enterprise, ක්‍රියාවලි විශිෂ්ටත්වය, Customer Interface හා ව්‍යාපාර පරිවර්තනය යන ක්ෂේත්‍රවලට කැපී පෙනෙන දායකත්වයක් සපයා තිබේ. වර්තමානයේදී ඇය ප්‍රකට ඇගැලුම් සමාගමක Consultant – Process Excellence, Customer Interface ලෙස කටයුතු කරයි.




ඇය වසර දෙකක් AIA Sri Lankaහි District Wealth Planner ලෙස MDRT ජාත්‍යන්තර පිළිගැනීම හිමි කර ගෙන ඇති අතර Blues of Natureහි සම-නිර්මාතෘවරියක ලෙස කටයුතු කරමින් තිරසාර ව්‍යාපාර සංකල්ප ප්‍රවර්ධනය කරයි. ඇය Diploma in Childcare and Psychology පාඨමාලාව විශිෂ්ට සාමාර්ථ සහිතව සම්පූර්ණ කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ Abraham Lincoln University වෙතින් ගෞරව ආචාර්ය උපාධියක් (ව්‍යාපාර පරිපාලනය) ලබා ඇත. Sri Lanka Institute of Apparel and Textile Technology (SLITA) වෙතින් ඩිප්ලෝමාවක්, Edith Cowan University වෙතින් MBA (International) උපාධියක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ Chartered Institute of Marketing (CIM–UK) වෙතින් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත. ඇය Chartered Marketer තත්ත්වයද හිමි කර ගෙන ඇති අතර Lean Enterprise, Supply Chain Management හා Quality Improvement සම්බන්ධ වෘත්තීය සහතික රැසක් ලබා ඇත. ඇයගේ වෘත්තීය ජීවිතය තුළ MAS Game Changer Innovation Award, Kaizen Awards කිහිපයක්, National Gold Awards for Quality and Productivity හා MDRT ජාත්‍යන්තර පිළිගැනීම ඇතුළු සම්මාන රැසක් ලබා ඇත. BWIO Women Icon of the Year 2026 සම්මානය ඇයගේ විශිෂ්ට වෘත්තීය ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව