Indian Affair බිරියානි: විවේචන තුළින් ඉගෙන ගනිමින් අප නැවතත් පාරිභෝගික ආදරය දිනාගත් හැටි

4U5A0726 (LBN)

බිරියානි යනු හුදෙක් ආහාරයක්ම පමනක් නොව, ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් හදවත් එකිනෙකට යා කරන්නක් ද විය. ඒ නිසා Indian Affair හි අප කිසි දිනක අපගේ බිරියානි තවත් එක් ආහාර වර්ගයක් ලෙස පමණක් සැලකුවේ නැත.

කෙසේ නමුත් අපගේ බිරියානි වල තමන් අපේක්ෂා කරන නැවුම් බව නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා එල්ල කරන විට අපට දැනුණේ අපගේ වෑයම අසාර්ථක වී ඇති බවකි. ඒ අනුව, පාරිභෝගික අදහස් සැලකිල්ලට ගනිමින්, ඉතා ඉක්මනින්ම මේ සදහා නව වෙනසක් සිදු කිරීමට අපි අදිටන් කරගතිමු.
 



 

පාරිභෝගික විවේචන අප දුටුවේ හුදෙක් ප්‍රතිචාර ලෙස පමණක් ම නොවේ. ඒවා අපගේ නිෂ්පාදනයන් හි වැඩිදියුණු කළ යුත්තේ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා ලැබුණු අව්‍යාජ මගපෙන්වීම් ලෙස ය. ඒ අනුව අපි බිරියානි හි තිඹිරිගෙය වන ඉන්දියාව දෙසට අපගේ අවදානය යොමු කෙරුවෙමු. ඒ අනුව අප බිරියානි පිළිබඳව හසල දැනුමක් ඇති එරට ප්‍රවීණ සූපවේදීන්ගෙන් සහ බිරියානි කලාවේ විශේෂඥයන්ගෙන් අදහස් විමසීමක් සිදු කළෙමු.

බිරියානි පිළියෙල කිරීමේදී සැබෑම බිරියානි රසය මතුකරගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔවුහු නොමසුරුව අපට උපදෙස් ලබාදුන් අතර,  අප ආරම්භයේ පටන්ම නියම ඉන්දියානු කුළුබඩු වර්ග භාවිතා කළ නමුදු මෙවර ඒ කුළුබඩු වර්ගවලට අමතරව ආහාර පිසීම සඳහා නවීනතම තාක්ෂණය ද භාවිතයට ගැනීමට පියවර ගත්තෙමු.  එමෙන්ම බිරියානිවල උසස් තත්ත්වය ආරක්ෂා වන පරිදි නැවුම්ව පිළියෙල කර, උණු උණුවේම පාරිභෝගිකයන් වෙත පිළිගැන්වීමට අවශ්‍ය කටයුතු ද මේ සමඟම සැලැස්වීමට කටයුතු කරන ලදී.

බත්වල සිට මස් වර්ග දක්වා සියලුම අමුද්‍රව්‍ය වල ගුණාත්මකභාවය ද රැකගෙන, බිරියානියේ ඉන්දියානු රසය ද සුරැකෙන පරිදි කුළුබඩු යොදාගැනීමට අප දැන් පියවර ගෙන තිබේ. මින් ඉදිරියට Indian Affair අපගේ හයිද්‍රාබාද් චිකන් බිරියානි, ඇෆ්ගානි චිකන් බිරියානි, පනීර් මක්නි බිරියානි, මට්න් කාඩි බිරියානි, බොම්බේ චිකන් බිරියානි සහ හයිද්‍රාබාද් ප්‍රෝන් බිරියානි ඇතුළු සියලුම වර්ගයේ බිරියානි මෙලෙස සාම්ප්‍රදායික යහගුණය, රසය සහ ප්‍රමිතිය ආරක්ෂා වන පරිදි පිළියෙල වනු ඇත.

අප මේ බිරියානි එකතුව නවතම රසයන්ගෙන් යුතුව වැඩිදියුණු කොට හදුන්වා දෙන්නේ නියම ඉන්දියානු බිරියානියේ රසය කිසිදු වෙනස් කිරීමකට ලක් නොකොට මේ බිරියානි එකතුවට මුසු කිරීමට වන  පොරොන්දුවත් සමඟිනි. අපගේ පාරිභෝගිකයන්ට දැන් ඒ සැබෑ වෙනස අවබෝධ වී තිබේ. මීට ඉහතදී අප වෙත එල්ල වුණු විවේචන වෙනුවට දැන් අපට ලැබෙන්න පාරිභෝගිකයන්ගේ ආදරයයි.

අප  නැවුම්ව, උසස්ම ප්‍රමිතියෙන් යුතුව පිළියෙල කරන බිරියානි එකතුව රස විඳීමට ඔබත් එන්න. වෙනස වටහාගෙන Indian Affair සමග නැවතත් ආදරයෙන් බැඳෙන්න. හදවත කුල්මත් කරන සැබෑම ඉන්දියානු රසයක මිහිර විඳගන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව