
HUTCH සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී තිරසාර ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා එම අමාත්‍යාංශය සතු දැක්මට සමගාමීව පාසල් සිසුන් සඳහා විද්‍යුත් පාපැදි 100 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.
ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. මෙය දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසමින් රට පුරා ප්‍රජා සංවර්ධනය සවිබල ගැන්වීම සඳහා HUTCH දරණ දීර්ඝකාලීන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැක.
මෙම පාපැදි ප්‍රදානය කිරීමේ උත්සවයට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ HUTCH සමාගමේ වැඩබලන ප්‍රධාන මූල්‍ය නිලධාරී ශකිල විජේසිංහ යන මහත්වරුන් ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් ප්‍රධාන පෙළේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. මෙය ග්‍රාමීය පළාත්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඵලදායී හවුල්කාරීත්වයක් ඇතිකරගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.
මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, “HUTCH විසින් සිදුකරන ලද මෙම ප්‍රදානය, රටේ විවිධ පළාත්වල පවතින අධ්‍යාපන විෂමතා දුරු කිරීම සඳහා අප දරණ පරිශ්‍රමයන්ට මනා පිටිවහලක් වේවි. දුරබැහැර පළාත්වල වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගැටලුවකින් තොරව පාසල් වෙත පැමිණීමට අවස්ථාව සලසා දීම යනු හුදෙක් ඔවුන්ගේ අනාගතයන් වෙනුවෙන් සිදුකරන යහපතක් පමණක් නොවෙයි. එය සමස්තයක් ලෙස රටේම අනාගතයට යහපතක් සිදුකරන මෙහෙවරක්. මේ ආකාරයට අපගේ අධ්‍යාපනය පද්ධතිය තුළ තිරසාර ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් මා HUTCH සමාගමට ස්තූතිවන්ත වන බවයි.”
HUTCH Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා මේ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් පළකළේය. “අධ්‍යාපනය හා තිරසාරත්වය නංවන ජාතික මට්ටමේ වැඩසටහන්වලට අත්වැලක් වීම තුළින් අර්ථවත් වෙනස්කම් සිදු කිරීම සඳහා HUTCH කැප වී සිටිනවා. මෙය ග්‍රාමීය ප්‍රජාවන් තුළ අධ්‍යාපන පහසුකම් සම්බන්ධයෙන් පවතින විෂමතා තුරන් කරන අතරම, වඩාත් පරිසර හිතකාමී හා තිරසාර ප්‍රවර්ධන මාධ්‍යයන් ප්‍රවර්ධනය කිරීම සඳහා අප දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ආකාරයට සෑම දරුවෙකුටම බාධාවකින් තොරව තම අධ්‍යාපන කටයුතු සිදුකිරීමට හැකි වන අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක් සහ ගෞරවයක්.”
මෙම ව්‍යාපෘතිය තිරසාරත්වය, අධ්‍යාපනය සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම මුල්කරගත් HUTCH සමාගමේ ප්‍රධාන ආයතනික ප්‍රජා සත්කාර න්‍යායපත්‍රයෙහිම කොටසක් ලෙස හැඳින්විය හැකි වේ. මෙවැනි වැඩසටහන් ඔස්සේ දුරකථන සන්නිවේදන සේවාවන් සැපයීමෙන් ඔබ්බට යමින්, වඩාත් තිරසාර වූ ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකිරීම HUTCH සමාගමේ අරමුණ වී ඇත.