HUTCH Sri Lanka අන්තර්ජාලය දරුවන්ට සුරක්ෂිත තැනක් බවට පත්කිරීම සඳහා පෙරමුණ ගනී

WhatsApp Image 2024-09-04 at 09.13.52

අප ජීවත් වන්නේ අන්තර්ජාලය ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරන යුගයක ය. ඉගෙනුම, සන්නිවේදනය සහ විනෝදාස්වාදය ඇතුළු සියලු දේ සඳහා එමගින් ඇති වන බලපෑම සුළුකොට තැකිය නොහැක. කෙසේ නමුත් අන්තර්ජාලය භාවිතා කිරීමට ඇති නිදහස පුළුල් වීමත් සමග මතු වන බරපතළ අවශ්‍යතාවක් නම් එය සුරක්ෂිත සහ වගකීම්සහගත ලෙස භාවිතා වන බව සහතික කරගැනීම ය. විශේෂයෙන්ම අන්තර්ජාලයට පිවිසෙන දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අතිශයින් වැදගත් ය. අන්තර්ජාලය තුළ ඇති අවදානම් මොනවාද යන්න පිළිබඳව වැඩිහිටියන් අතරින් බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් අවබෝධයක් ඇත. හානිකර අන්තර්ගතයන්, සාපරාධී චේතනා සහිත පුද්ගලයන් සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මිලදී ගැනීම් සම්බන්ධයෙන් පවතින අවදානම් ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. අන්තර්ජාලය භාවිතා කිරීමේදී දරුවන් මෙම අවදානම්වල බලපෑමට ලක්වීමේ ඉඩකඩ ඉතා ඉහළ ය.
 



 

නූතන ජීවිතයේ පවතින අවශ්‍යතා දෙස බලන විට, ඩිජිටල් උපාංග දරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් කර තැබීම හෝ දරුවන්ට අන්තර්ජාලය භාවිතා කිරීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අවහිර කිරීම ප්‍රායෝගික නොවේ. මාර්ගගත අධ්‍යාපනය, අධ්‍යාපනික වීඩියෝ සහ ඩිජිටල් ව්‍යාපෘති ආදිය අද දවසේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිතයේ අනිවාර්ය අංග බවට පත් වී තිබේ. කෙසේ වුවද වැඩිහිටියන්ගේ කාර්ය බහුලත්වය හේතුවෙන් දරුවන්ගේ අන්තර්ජාල භාවිතය පූර්ණ වශයෙන් නිරීක්ෂණය කිරීම අතිශයින් දුෂ්කර ය. තත්ත්වය මෙසේ නම්, දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ලැබෙන සම්පත් සමුදායෙන් ප්‍රයෝජන ලැබීමට අවස්ථාව සලසා දෙන අතරම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ කෙසේද?

Hutch යනු අන්තර්ජාල භාවිතයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති සමාගමකි. සමාජයේ යහපත සම්බන්ධයෙන්  Hutch සමාගම සතු වගකීමෙහි කොටසක් ලෙස, දරුවන්ට සුරක්ෂිත ලෙස අන්තර්ජාලය භාවිතා කළ හැකි පසුබිමක් නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත. එහි අරමුණ වන්නේ අන්තර්ජාලය භාවිතා කරන දරු දැරියන් එහි තර්ජනවලින් ආරක්ෂා කිරීම ය. මේ වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය වේගයෙන් පුළුල් වෙමින් පවතින අතර, එහිදී තම ආරක්ෂාව සඳහා තමන් විසින්ම නිසි පියවර ගනු ලැබීම අතිශයින් වැදගත් ය. HUTCH හි අරමුණ වී ඇත්තේ, අන්තර්ජාලය තුළදී තම ආරක්ෂාව තහවුරු කරගැනීමට උපකාරී වන මෙවලම් පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙන අතරම, දරුවන්ට රිසි සේ ගවේෂණය කිරීමට, අධ්‍යාපනය ලැබීමට සහ වර්ධනය වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සේවා සම්පාදකයෙකු වශයෙන් Hutch Sri Lanka තම පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස අන්තර්ජාලයේ සැරිසැරීමට අවස්ථාව ලබාදීම සඳහා කැප වී කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම දරු පරපුර සහ යොවුන් පරපුර මුහුණ දෙන අභියෝග වටහා ගනිමින් HUTCH Sri Lanka මේ වනවිට ‘HUTCH Junior Internet Guard’ නම් සුවිශේෂී විසඳුමක් (පැකේජ එකතුවක්) හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ දුරකථන සේවා සම්පාදකයෙකු විසින් මේ ආකාරයට දෙමාපියන්ට තම දරුවන් අන්තර්ජාලය භාවිතා කරන කාලය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට, පාලනය කිරීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වන විසඳුමක් හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වරට ය.

මෙම විශේෂ පැකේජ එකතුව දින 30 ක කාලසීමාවක් වෙනුවෙන් 1GB සඳහා රු, 215 සිට රු. 1748 දක්වා මිලගණන් යටතේ ලබාගත හැකි වේ. මේ යටතේ විවිධාකාර අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පැකේජ 8 ක් හඳුන්වා දී ඇත. HUTCH Junior Internet Guard පැකේජවලට අන්තර්ගතයන් පාලනය කිරීමේ හැකියාව, අන්තර්ජාලය භාවිතා කරන කාලය සීමා කිරීමේ හැකියාව මෙන්ම දරුවන්ගේ අන්තර්ජාල චර්යාවන් පාලනය කිරීමේ හැකියාව ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වී තිබේ. මෙම විශේෂාංග, දරුවන් සුරක්ෂිත ලෙස සහ වගකීම්සහගත ලෙස අන්තර්ජාලය භාවිතා කරන බව තහවුරු කරගැනීම සඳහා අතිශයින් වැදගත් වනු ඇත. මෙම පැකේජ මගින් අන්තර්ජාල තුළදී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි වීම දෙමාපියන්ට ඉමහත් සහනයක් වනු නිසැක ය.

ලෝක අන්තර්ජාල ස්වයං-ආරක්ෂා දිනය සමරන මේ මොහොතේ, තම ආරක්ෂාව තහවුරු කරගැනීම යනු කායික හා මානසික යහපැවැත්මට පමණක් සීමා වන දෙයක් නොවන බවත්, එයට ඩිජිටල් යහපැවැත්ම තහවුරු කරගැනීමද ඇතුළත් බවත් අප අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු වේ. මුරපද සම්බන්ධයෙන් නිවැරදි ක්‍රමවේද අනුගමනය කිරීම, අප පරිශීලනය කරන දේවල් මොනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් සහ අවධානයකින් පසුවීම සහ අන්තර්ජාල භාවිතයේ ආරක්ෂාව වෙනුවෙන් HUTCH හඳුන්වා දී ඇති විශේෂ පැකේජ වැනි විසඳුම් භාවිතා කිරීම මගින් අපට අන්තර්ජාල භාවිතය වඩා යහපත් හා සුරක්ෂිත අත්දැකීමක් බවට පත්කිරීමට හැකි වනු ඇත.

අන්තර්ජාල ස්වයං-ආරක්ෂා දිනය නිමිත්තෙන්, විශේෂයෙන්ම දරුවන් ඇතුළුව සියලුම දෙනා වෙනුවෙන් අන්තර්ජාලය වඩාත් සුරක්ෂිත තැනක් බවට පත්කිරීමට අදිටන් කරගනිමු. නවෝත්පාදන විසඳුම් සමගින් Hutch Sri Lanka දැනටමත් ඒ සඳහා පෙරමුණ ගෙන සිටින අතර, ඒ ඔස්සේ අපට අන්තර්ජාලයේ අවදානම් අවම කරමින් ඉන් උපරිම ප්‍රතිඵල ලැබීමට ඉදිරි පරම්පරාවට අවස්ථාව ලබාදීමට හැකි වනු ඇත. HUTCH Junior Internet Guard පැකේජ භාවිතා කිරීම යනු ඒ වෙනුවෙන් HUTCH විසින් තබන ලද වැදගත් ඉදිරි පියවරකි. එමගින් අපගේ දරුවන්ට අතිශය සුරක්ෂිත ලෙස අන්තර්ජාලය පරිශීලනය කරමින් අධ්‍යාපනය ලැබීමට හැකි වනු නිසැක ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව