HUTCH, Singer සමාගම සමග එක්ව සිය පාරිභෝගිකයන් වෙත නව ඩිජිටල් අත්දැකීමක් ලබාදෙයි

HUTCH Expands Digital Onboarding for Customers via Singer Branch Network (LBN)

HUTCH සමාගම සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Singer Sri Lanka අතර පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා වෙසෙන HUTCH පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ඩිජිටල් ක්‍රමයට ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ලියාපදිංචි වීමට (Digital Onboarding) අවස්ථාව ලබාදී ඇත.
 



 

HUTCH දුරකථන සම්බන්ධතා දැන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ලබාගත හැකි නිසා තවදුරටත් මුද්‍රිත ආකෘති පත්‍ර සහ ලිපිලේඛන භාවිතා කිරීම හෝ නැවත නැවත දුරකථන සේවා නියෝජිතයන් වෙත යාම අවශ්‍ය නොවේ. තම පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසෙන ආකාරයට මෙම Digital Onboarding ක්‍රමවේදය සැලසුම් කර ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ කිසියම් පාරිභෝගිකයකු Singer Sri Lanka අලෙවිසැලකදී HUTCH දුරකථන සම්බන්ධතාවක් ලබාගන්නා විට, වෙළඳසැලේ ප්‍රදර්ශනය කර ඇති QR කේතය ස්කෑන් කර ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි eSIM ක්‍රමය තෝරාගත හැකි අතර, නැතිනම් ඉක්මනින් සම්පූර්ණ කළ හැකි ඩිජිටල් ආකෘති පත්‍රය පුරවා ඉදිරිපත් කර සාමාන්‍ය සිම්පතක් තම නිවසටම ගෙන්වා ගත හැකි වේ. මෙමගින් ලිපිලේඛන ඉදිරිපත් කිරීම, දුරකථන සේවා නියෝජිතයන් වෙත යාම අවශ්‍ය නොවන අතර, වත්මන් ඩිජිටල් ලෝකයේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් ලබාදිය හැකි වේ.

HUTCH සහ Singer අතර පවතින මෙම හවුල්කාරීත්වය නිසා, Singer අලෙවිසැලකින් ස්මාර්ට් දුරකථන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට HUTCH දුරකථන සම්බන්ධතාවද එම අලෙවිසැලෙන්ම ලබාගත හැක. Singer අලෙවිසැල් දිවයින පුරාම පිහිටා ඇති බැවින් මෙය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ඉමහත් පහසුවක් වනු නිසැකය. මීට අමතරව මෙම හවුල්කාරීත්වය යටතේ HUTCH පාරිභෝගිකයන්ට HONOR සහ ZTE දුරකථන සන්නාමද  ඇතුළත්ව ස්මාර්ට් දුරකථන සඳහා විශේෂ වට්ටම්ද හිමි වේ.

“අපගේ මූලික අරමුණ වන්නේ පාරිභෝගිකයන්ට නවීන ඩිජිටල් යුගයට ගැලපෙන සේවාවන් ලබාදෙමින්, ඩිජිටල් සේවාවන් ඔස්සේ තම ජීවිත වෙනස් කරගැනීම සඳහා ඔවුන්ට අත්වැලක් වීමයි. Singer සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය මේ සඳහා ගත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ යටතේ පාරිභෝගිකයන්ට ක්ෂණික eSIM සම්බන්ධතාවක් ලබාගැනීමට සහ  QR තාක්ෂණය ඔස්සේ සිම්පතක් ගෙන්වා ගැනීමට මෙන්ම ස්මාර්ට් දුරකථන සඳහා වට්ටම් හිමිකර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.” HUTCH Sri Lanka ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා පැවසීය.

“පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සමගින් නවීනතම තාක්ෂණය හඳුන්වා දීමට Singer සෑම විටම උත්සාහ කරනවා. HUTCH සමග අත්වැල් බැඳගැනීම එම උත්සාහයේම තවත් ඉදිරි පියවරක්. මෙම හවුල්කාරීත්වය නිසා පාරිභෝගිකයන්ට දැන් දුරකථන මෙන්ම දුරකථන සම්බන්ධතාද එකම ස්ථානයකින් ලබාගැනීමට පුළුවන්.” Singer Sri Lanka PLC අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්ටනි මහතා පැවසීය.

මෙය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රට පුරාම වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා HUTCH සහ Singer Sri Lanka දරණ උත්සාහයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි වේ. ඉදිරියටත් මේ ආකාරයට නවීනතම තාක්ෂණය ඔස්සේ මෙරට ජංගම දුරකථන පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම දෙපාර්ශ්වයෙහි අරමුණ වී ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව