HUTCH 2X පහසුකම තුළින් Home Broadband සහ Mobile Data සඳහා 60% ක පෙරළිකාර බිල්පත් ඉතිරියක්

hutch-logo

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට HUTCH 2X සේවාව මගින් Home Broadband සහ Mobile Data  පහසුකම් ඒකාබද්ධ කරමින් 2-in-1 පැකේජයක් එළිදක්වා තිබේ. මෙම පෙරළිකාර පහසුකම ඔස්සේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මුදලකට අන්තර්ජාල සේවා ලබා ගැනීමට හැකි අතර,  Home Broadband  හෝ Router සඳහා යෙදවීමට සිදුවන අමතර වියදම ද මෙමඟින් ඉතිරි වේ.

 


 

HUTCH 2X සේවාව හරහා, ග්‍රාහකයින්ට තම ස්මාර්ට් ෆෝන් Broadband එකක් ලෙස පහසුවෙන් භාවිත කළ හැකි අතර, නිවසේ දීම හොට්ස්පොට් භාවිතා කරමින් Wi-Fi ලබා දීම සහ Mobile Data ලබා දීම ආදී පහසුකම් සපයා ගැනීමේ හැකියාව පවතී. මෙම සේවා පහසුකම ඔස්සේ පාරිභෝගිකයා සහ අන්තර්ජාලය අතර ඇති සම්බන්ධතාවය සරල කිරීමකට ලක්වනවා පමණක් නොව පාරිභෝගිකයින්ට උපරිම Data දීමනා පිරිණැමීමක් ද සිදුකරයි. මෙම සේවාව, නිවසේදී හෝ ඉන් බැහැරදීත් කිසිදු බාධාවකින් තොරව විශ්වාසදායක අන්තර්ජාල ප්‍රවේශයක් සඳහා කදිම තේරීමක් ලෙස ද පෙන්වා දිය හැකිය.

HUTCH 2X පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ Data අත්දැකීමක් ලබා දීම වෙනුවෙන්, සුවිශේෂී මිල ගණන් වලින් යුතු Data පැකේජයන් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, 50GB අවම පැකේජය රු. 1,099/- ආරම්හ වන අතර එම පැකේජයන් රු. 4,999/- ක් දක්වා වූ පරාසයක විහිදී යයි. මෙමගින් ඔබට අසීමිත වූ අන්තර්ජාල සේවාවක් ලබා දීම HUTCH ආයතනයේ අරමුණ වී තිබේ.

HUTCH සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී හම්ඩි හසන් මෙම නව සේවාව පිලිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික Home Broadband සේවාවන් සීමිත බැවින් හා ආරම්භක පිරිවැය අධික හෙයින්, තවමත් WI-FI සබඳතා භාවිතා කරන්නේ 50%කට අඩු ප්‍රමාණයකි.  විවිධ උපාංග සම්බන්ධ කිරීමට, කාර්යාලීය වැඩ කටයුතු සිදුකිරීමට, අධ්‍යාපන කටයුතු හෝ එදිනෙදා ජීවන කටයුතු සිදුකරගෙන යාම සඳහා WIFI සබඳතා අවශ්‍ය වන නමුත්, මෙම සාම්ප්‍රදායික Home Broadband  මගින් ඔබට අදාළ ආවරණ කලාපයෙන් බැහැරට ගිය පසු, එම සේවාවන් ලබා ගැනීමේ හැකියාව මග හැරී යයි. ඒ සඳහා ඔබට ඔබගේ දුරකථනයේ ඇති Data, Hotspot මගින් අනෙක් උපාංගයන්ට සම්බන්ධ කිරීමට සිදුවේ. HUTCH 2X අන්තර්ජාල පහසුකම හදුන්වා දීම මගින් HUTCH සමාගම බලාපොරොත්තු වන්නේ මෙම බාධකය මගහරවා ගනිමින් පාරිභෝගිකයින්ට Home Broadband සහ Mobile Data පහසුකම් එකට ලබාගත හැකි සේවාවක් සැපයීමයි.” යනුවෙනි.

ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සේවා සපයන්නෙකු වන  HUTCH හදුන්වා දුන් මෙම නව සේවාව මගින් සන්නිවේදන ක්ෂේත්‍රයට නව්‍යකරණයන් ඉදිරිපත් කරන අතරම, ලාංකික නිවාස සහ පාරිභෝගිකයින් අන්තර්ජාල සේවාවන්ගෙන් සවිබල ගැන්වීම සඳහා බාධාවකින් තොර, ලාභදායී විසඳුම් ලබා දීමට කැපවී කටයුතු කරමින් සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව