![Sri Lankanization - Image (LBN)](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/Sri-Lankanization-Image-LBN.jpeg)
HUTCH සමාගම Trainocate සමග එක් වී ‘Srilankanization’ නම් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහි අරමුණ වන්නේ රටේ ඩිජිටල් ආර්ථිකයට වැදගත් වන දැනුම හා පුහුණුව ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමය.
මේ යටතේ මෙරට සිසුන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන්, ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඇතුළුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට, Microsoft, AWS, Google Cloud සහ Cisco වැනි ලොව ප්‍රධාන පෙළේ සමාගම් හරහා පිරිනමන පාඨමාලා රාශියක් අතරින් තමන් කැමති පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙමගින් මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් කුසලතා වැඩිදියුණු කරමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඩිජිටල් කේන්ද්‍රයක් බවට පත්කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පාඨමාලාවලට වැදගත් වන කරුණු රැසක් HUTCH වෙබ් අඩවියෙහි (www.hutch.lk/srilankanization) ‘RESET’ විද්‍යුත් ඉගෙනුම් ක්‍රමවේදය හරහා ලබාගත හැක. විවිධ ඩිජිටල් ක්ෂේත්රයන්ට සම්බන්ධ සහතිකපත්‍ර පාඨමාලා 130 කට අධික සංඛ්‍යාවකට අදාළ පාඨමාලා තොරතුරු සහ අයදුම් කිරීමේ පහසුකම් මෙන්ම පුහුණු වීඩියෝ 5,000 කට අධික ප්‍රමාණයක් මීට ඇතුළත් කර තිබේ.
රු. 7,500/- ක් වැනි සහනදායී ගාස්තුවක් යටතේ හඳුන්වා දී ඇති මෙම පාඨමාලා සඳහා ඕනෑම අයෙකුට ලියාපදිංචි විය හැකි අතර, ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන්ට වසර පුරාම තමන් කැමති හා පහසු ආකාරයට ඕනෑම පාඨමාලාවක් හැදෑරීමට හැකියාව ලැබේ.
HUTCH යනු කවදත් ඩිජිටල්කරණ ප්රයත්නයන් තුළ පෙරමුණ ගත් සමාගමකි. ‘Srilankanization’ වැඩසටහන එම මෙහෙවරෙහි තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක.
මේ වන විට ලොව පුරා අධික ඉල්ලුමක් පවතින නවීන ඩිජිටල් රාජකාරි මෙවලම්, මෘදුකාංග, ක්ලවුඩ් පරිගණ තාක්ෂණය, සයිබර් ආරක්ෂාව, දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙම වැඩසටහන යටතේ වැඩි අවධානයක් යොමු කෙරේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමගාමීව ශ්‍රී ලාංකිකයන්ගේ හැකියාව වැඩිදියුණු කරමින්, රටේ ආර්ථිකයේ වර්ධනය දිරිගන්වන අතරම ගෝලීය තාක්ෂණ ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව ඉහළින් ස්ථානගත කිරීම මෙහි අරමුණ වී ඇත.
ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනයට සමගාමීව 2025 පෙබරවාරි 04 වැනි දින මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදි. මේ යටතේ නිසි සුදුසුකම් සපුරාලන පුද්ගලයන්ට ශිෂ්‍යත්ව 77 ක් පිරිනැමීමටද HUTCH සහ Trainocate සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HUTCH Sri Lanka සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී හම්දි හසන් මහතා පැවසුවේ, මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැකියාවන් වර්ධනය කරන අතරම, රටේ ඩිජිටල්කරණයට උර දෙන ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස HUTCH සතු කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි. ක්ෂේත්‍ර රැසකට අදාළව දැනුම හා පුහුණුව ලබාදෙමින්, බුද්ධි ගලනය නිසා ඇති වී තිබෙන ගැටලු මෙන්ම නිසි පුහුණුවක් සහිත වෘත්තිකයන් නොමැති වීම සම්බන්ද ගැටලු අවම කිරීමට මෙමගින් උත්සාහ දරනු ලැබේ. මේ ආකාරයට ලොව පිළිගත් පාඨමාලා සහනදායී ගාස්තු යටතේ වඩාත් පහසුවෙන් හැදෑරීමට අවස්ථාව සලසා දීම තුළින්, දේශීය ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීමට මෙන්ම ලෝක ඩිජිටල් ආර්ථිකය ජයගැනීමට අවශ්‍ය කුසලතා ශ්‍රී ලාංකිකයන් තුළ වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
මේ අතර Trainocate SEANM & Gulf සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සෆරුල්ලා හෂීම් මහතා කියා සිටියේ, ‘Srilankanization’ වැඩසටහන යනු ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් කේන්ද්‍රයක් බවට පත්කිරීමේ හැකියාව සහිත ඩිජිටල් කුසලතා හිමි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා තැබූ දූරදර්ශී පියවරක් බවයි. මෙහිදී RESET විද්‍යුත් ඉගෙනුම් ක්‍රමවේදය භාවිතා කිරීම මගින්, පාඨමාලා හදාරන පුද්ගලයන්ට වඩාත් ප්‍රායෝගික මෙන්ම අදාළ ක්ෂේත්රයන්ට හොඳින් ගැළපෙන දැනුමක් ලබාදීමට හැකි වනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
‘Srilankanization’ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.hutch.lk/srilankanization/ වෙත පිවිසෙන්න.