HUTCH, පාරිසරික තිරසාරත්වය සඳහා සිය කැපවීම තහවුරු කරමින් Sirāt NetZero ආයතනය සමඟ අත්වැල් බැඳගනී

image (2)

දේශීය ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛයෙකු වන HUTCH, සිය අලෙවිකරණ මෙහෙයුම් කාර්යයන් සඳහා Sirāt NetZero මෘදුකාංග තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවෙකු ලෙස Sirāt2sustainability Pvt Ltd සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. තිරසාර සංවර්ධනය සඳහා වූ ප්‍රමුඛපෙළේ ඉන්දීය සමාගමක් වන මෙම සමාගම සමඟ  පාර්ශ්වකරුවකු වීම HUTCH සමාගමේ කීර්තිනාමය තහවුරු කිරීමට සුවිශේෂ බලපෑමක් වනු ඇත. තවද සිය දෛනික ව්‍යාපාරික මෙහෙයුම් කර්යයන් වලදී තිරසාර ක්‍රමවේද භාවිත කිරීම සඳහා HUTCH සමාගම දක්වන අඛණ්ඩ උත්සාහයේ මෙය වැදගත් පියවරක් වනවා මෙන්ම, සිය මෙහෙයුම් කාර්යයන් වලදී පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට සමාගම දක්වන කැපවීමට මෙය මනා නිදර්ශනයක්ද වේ. 



 

NetZero සංකල්පය භාවිතයට ගැනීම ඔස්සේ, විශේෂයෙන්ම සිය අලෙවිකරණ කටයුතුවලට අදාළව, සිය කාබන් භාවිතයන් විධිමත් ලෙස ගණනය කිරීම, විශ්ලේෂණය කිරීම සහ අවම කිරීම HUTCH හි ඉලක්කය වී තිබේ.

“තිරසාරත්වය යනු අපගේ ආයතනික ක්‍රමෝපායේ අනිවාර්ය අංගයක්. Sirāt2sustainability සමාගම සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය එයට සාක්ෂි දරනවා. Sirāt NetZero මෘදුකාංග තාක්ෂණය භාවිතයට ගැනීම මගින් අපගේ කාබන් භාවිතය අවම කරගැනීම සඳහා ප්‍රායෝගික පියවර ගැනීමට අපට හැකියාව ලැබේවි. එමෙන්ම එය තිරසාර වර්ධනය සම්බන්ධයෙන් අප සතු දැක්ම සමග මැනැවින් අනුගත වන හවුල්කාරීත්වයක්. මේ ආකාරයට තිරසාර ක්‍රමවේදයන් අපගේ ව්‍යාපාරික මෙහෙයුම්වල අනිවාර්ය අංගයක් බවට පත්කර ගැනීම තුළින් අප උත්සාහ කරන්නේ වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පෙරමුණ ගැනීමටයි.” HUTCH Sri Lanka සාමාන්‍යාධිකාරී මංගල බණ්ඩාර මහතා පැවසී ය.

“NetZero ඉලක්ක වෙනුවෙන් මෙලෙස HUTCH සමග එක්ව කටයුතු කිරීමට ලැබීම අපට මහත් සතුටක්. අපගේ NetZero මෘදුකාංග සකස් කර තිබෙන්නේ මැනිය හැකි ප්‍රතිඵල ලබාගැනීම සඳහා ප්‍රායෝගික මගපෙන්වීමක් හිමි වන ආකාරයටයි. මෙමගින් HUTCH සමාගමට සිය තිරසාරත්ව අරමුණු ඉටු කර ගනිමින් වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා දායක වීමට හැකියාව ලැබේවි.” Sirāt2sustainability පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් ෂෆීක් මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය, තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට මෙන්ම පාරිසරික වගකීම්සහගත භාවය වෙනුවෙන් දීර්ඝ කාලීනව කැපවීමට HUTCH දක්වන උනන්දුවට මනා සාක්ෂියකි. Sirāt NetZeroහී සහයෝගය සමගින් අහිතකර වායු විමෝචනයන් අවම කරමින් සහ වඩාත් පරිසර හිතකාමී ආයතනික සංස්කෘතියක් අනුගමනය කරමින් අර්ථවත් වෙනසක් ඇතිකිරීමට HUTCH සමත් වනු නිසැක ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව