HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී ග්‍රාමීය පාසල්වලට විද්‍යුත් පාපැදි 130 ක් පිරිනමයි.

CHA_2368 (1) (LBN)

මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH Sri Lanka, සිය ආයතනික ප්‍රජා සත්කාර හා තිරසාරත්ව වැඩසටහන්වල තවත් පියවරක් වශයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී මෙරට ග්‍රාමීය පාසල්වලට විද්‍යුත් පාපැදි 130 ක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ප්‍රජා සංවර්ධනය සහ තිරසාර ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙන්ම රටේ දරු පරපුරේ සහ අධ්‍යාපනයේ යහපත උදෙසා HUTCH තැබූ තවත් සුවිශේෂී පියවරකි.

දුරකථන සන්නිවේදන සේවාවන් සැපයීමෙන් නොනැවතී ජනතාවගේ යහපත වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට HUTCH නිරන්තරයෙන් කටයුතු කරයි. ‘තිරසාර ගමනාගමනය හරහා අධ්‍යාපනය නගාසිටුවීම’ (Uplifting Education through Sustainable Mobility) යන තේමාව යටතේ ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහන, රටේ අධ්‍යාපනය නැංවීමට මෙන්ම ඒ සඳහා රජය දරන උත්සාහයන්ට අත්වැලක් වීමට HUTCH දරන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරයි.

 



 

ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධාත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම විද්‍යුත් පාපැදි පාසල් වෙත බෙදාදෙන ලදි. එම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග සහ අධ්‍යක්ෂ ජනරාල් මධුශංඛ දිසානායක යන මහත්වරුද සහභාගී වූහ. HUTCH නියෝජනය කරමින්, මෙම උත්සවය සඳහාම දිවයිනට පැමිණි Hutchison Asia Telecommunications (HAT) හි අධ්‍යක්ෂිකා ඈන් චෙන් මහත්මිය සහ, Hutchison Telecommunications Lanka (HUTCH Sri Lanka) හි ප්‍රධාන විධායක නිලධාරී සුමිත්‍ර ගුප්තා මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීමට, ප්‍රජාවන් නගාසිටුවීමට සහ තාක්ෂණය වැඩිදියුණු කිරීමට අප නිරන්තරයෙන් කැප වී සිටිනවා. මෙම ව්‍යාපෘතිය, අධ්‍යාපනයේ අභිවෘද්ධිය ඇතුළුව මුළුමහත් සමාජයේ යහපත වෙනුවෙන් අප දක්වන කැපවීම සංකේතවත් කරන දෙයක්. මෙය හුදෙක් ආරම්භයක් පමණයි. ඉදිරියේදී තිරසාර ගමනාගමනය වෙනුවෙන් වැඩි වැඩියෙන් දායක වීමට අප බලාපොරොත්තු වනවා. මෙවැනි වැඩසටහන් මගින් අන්තර්කරණය හා තිරසාරත්වය ප්‍රවර්ධනය කරමින් සමාජයට දීර්ඝකාලීන යහපතක් සිදුකිරීමට හැකිවනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.” සුමිත්‍ර ගුප්තා මහතා පැවසී ය.

HUTCH Sri Lanka යනු Fortune Global 500 සමාගමක් වන CK Hutchison Holdings Limited හි සාමාජික සමාගමකි. CK Hutchison Holdings හි දුරකථන සන්නිවේදන අංශය මේ වනවිට යුරෝපය, ආසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාපවල රටවල් 11 ක ක්‍රියාත්මක වන අතර, එහි ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 175 කට අධික ය. තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ දියුණුව වෙනුවෙන් කැපවෙමින් එම සමාගම මේ වනවිට රටවල් 7 ක 5G සේවාවන් ආරම්භ කර තිබේ. මේ සියල්ල නිසා HUTCH මේ වනවිට ලොව දුරකථන සන්නිවේදනය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු බවට පත් වී සිටී.

“මේ ආකාරයට ග්‍රාමීය පාසල්වලට විදුලි පාපැදි 130 ක් පරිත්‍යාග කිරීම, ඵලදායී, කාර්යක්ෂම සහ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමයක් තුළින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමේ පොදු දැක්මේ එක් අදියරක්. මෙම වැඩසටහන යටතේ ඉදිරියේදී තවත් විදුලි පාපැදි පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබෙනවා. තිරසාරත්වය යන සංකල්පය අපගේ අධ්‍යාපන පද්ධතියේ අනිවාර්ය අංගයක් බවට පත්කිරීම අපගේ ඉලක්කයයි. ප්‍රජා සංවර්ධනය සහ අධ්‍යාපනය සවිබල ගැන්වීම සඳහා සමාගම්වලට ඉටුකළ හැකි කාර්යභාරය කුමක්ද යන්න, මෙවැනි හවුල්කාරීත්වයන් මහින් හොඳින් පැහැදිලි වනවා. මේ දායකත්වය වෙනුවෙන් HUTCH සමාගමට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, ඉදිරියේදී තිරසාර විසඳුම් ඔස්සේ ජාතික අධ්‍යාපන ඉලක්ක ළඟා කරගැනීම සඳහා තවදුරටත් එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.” අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසී ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව