HUTCH සහ SLIIT ආයතනය එක් වී Future Connect නමින් විශේෂ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් දියත් කරයි

SLIIT - HUTCH Prepares SLIIT Undergraduates for Sri Lankas Digital Future 1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH එහි Future Connect වැඩසටහන හරහා SLIIT සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ හරහා තොරතුරු තාක්ෂණ, ජාලකරණය පමණක් නොව විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ වෘත්තීය දැනුම සපයන සැසිද පවත්වනු ලබන අතර ඊට ERP, දත්ත විශ්ලේෂණ, soft skill සහ රැකියා මාර්ගෝපදේශනයද ඇතුළත්.

මෙම වැඩසටහනේ පළමු සැසිය පසුගිය පෙබරවාරි 21 දින මාලඹේ SLIIT ආයතනයේදී  පැවැත්වුණු අතර එහිදී Networking, Computer Systems සහ Cloud Infrastructure Management යන විෂයන් සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකෙරිණි. HUTCH සමාගමේ ප්‍රධාන තොරතුරු සහ තාක්ෂණික  නිලධාරී අසංග රණසිංහ මහතා විසින් මෙම සැසිය මෙහෙයවන ලදි. මෙහිදී SLIIT ආයතනයේ සිසුන්ට තමන් ලබන දැනුම අනාගත වෘත්තීය ජීවිතය තුළදී ප්‍රායෝගිකව භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි මගපෙන්වීමක් හිමි විය.
 



 
මෙහි ඉදිරි පියවරක් වශයෙන් පෙබරවාරි 26 දින රාගම, වල්පොළ පිහිටි HUTCH Engineering Complex හි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමටද Future Connect වැඩසටහනට සම්බන්ධ වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාකර දෙන ලදි. මෙහිදී ඔවුන්ට Network Operations Center (NOC), Data Centers සහ Battery Rooms වැනි විවිධ අංශ දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් අවස්ථාව හිමි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HUTCH සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) මංගල බණ්ඩාර මහතා පැවසුවේ අනාගතයේදී තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසෙන වෘත්තිකයන්ට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ඔවුන් වෙත ලබාදීමට HUTCH සෑම විටම කැප වී සිටින බවයි. Future Connect වැනි වැඩසටහන් ඔස්සේ මෙරට සිසු පරපුරේ දැනුම වැඩිදියුණු කිරීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දෙන කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට HUTCH  සමාගමට හැකි වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙය ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත රැකියා ඉල්ලුමට ගැළපෙන දක්ෂ වෘත්තිකයන් පිරිසක් නිර්මාණය කිරීම සඳහා HUTCH දරණ නිරන්තර උත්සාහයේ තවත් වැදගත් පියවරකි. මේ ආකාරයට උසස් අධ්‍යාපන ආයතන සහ ව්‍යාපාර ක්ෂේත්‍රය අතර සම්බන්ධතා ගොඩනංවමින් රටේ ඩිජිටල් අධ්‍යාපනය වැඩිදියුණු කරන අතරම අනාගත පරපුර තුළින් දක්ෂ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් බිහිකිරීම සඳහා දිගින් දිගටම දායක වීම HUTCH සමාගමේ අරමුණ වී තිබේ. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව