HUTCH යනු තිරසාර ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමටත් සෑම විටම කැප වී කටයුතු කරන සමාගමකි. එම කැපවීම ඔස්සේ, 2024 ලෝක තිරසාරත්ව දිනය වෙනුවෙන් HUTCH විසින් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. 2024 ඔක්තෝබර් 19 දින ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට HUTCH සමාගමේ කාර්ය මණ්ඩලය ඉමහත් උනන්දුවෙන් සහභාගී වූ අතර, එය තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ සමාගමේ දීර්ඝකාලීන දැක්ම මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් විය. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තිරසාරත්වය සම්බන්ධයෙන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු ආමන්ත්‍රණය කරන අතරම පරිසරය රැකගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා ඔවුන් දායක කරගැනීම අරමුණු කරගෙන ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් මාලාවක එක් අදියරකි.
2024 ලෝක තිරසාරත්ව දිනයේ තේමාව වූ ‘“Our Land, Our Future. We are #GenerationRestoration” යන්න මුල්කර ගනිමින් පවත්වන ලද මෙම වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර 15 වන ඉලක්කය (ගොඩබිම මත ජීවය සහ පරිසර පද්ධති රැකගැනීම) යථාර්ථයක් බවට පත්කිරීම සඳහා HUTCH දක්වන උත්සාහයට සමගාමී මෙහෙවරක්ද විය. මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන තුළදී HUTCH කාර්ය මණ්ඩලය විසින් ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250 කට අධික ප්‍රමාණයක් වැල්ලවත්ත වෙරළ තීරයෙන් ඉවත් කරන ලද අතර, එම අපද්‍රව්‍ය අතරින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය සියල්ල ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකරන ලදි. මෙම ව්‍යාපෘතිය, වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු ලෙස HUTCH සමාගමේ පාරිසරික සංරක්ෂණ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කළ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.
“තිරසාරත්වය යනු එක්වරක් පමණක් සිදුකරන දෙයක් නොවෙයි. එය නිරන්තර වගකීමක්. මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන වැනි වැඩසටහන් ඔස්සේ අප උත්සාහ කරන්නේ අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් නොනැවතී, පරිසර සංරක්ෂණය වෙනුවෙන් සක්‍රීයව පියවර ගැනීම සඳහා අන් අයද යොමුකරවීමයි. මෙබඳු වැඩසටහන් අපගේ සේවාවන් ලබාගන්නා ප්‍රජාවන්ට දීර්ඝකාලීන යහපතක් සිදුකිරීම සඳහා අප ගන්නා පුළුල් තලයේ උත්සාහයක කොටසක් ලෙස හැඳින්වීමට පුළුවන්.” HUTCH Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්ර ගුප්තා මහතා පැවසී ය.
මෙවැනි පිරිසිදු කිරීමේ වැඩසටහන්, දීර්ඝකාලීනව පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ පරිසරය සම්බන්ධයෙන් වගකීම්සහගත ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් HUTCH අනුගමනය කරන පරිපූර්ණ තිරසාරත්ව ක්‍රමෝපායේ එක් වැදගත් අංගයකි. ඉදිරියේදී මහා පරිමාණයෙන් රුක් රෝපණය සිදුකිරීම, ආවේණික ශාක නැවත වගාකිරීම සහ ප්‍රජාවන් දැනුවත් කිරීම වැනි ක්‍රම ඔස්සේ වඩාත් ශක්තිමත් පරිසර පද්ධති නිර්මාණය කරන අතරම තිරසාරත්වය කේන්ද්‍ර කරගත් සංස්කෘතියක් බිහිකිරීම HUTCH හි අරමුණ වී ඇත.