HUTCH කහවණු උදානය පළමු අදියර සමගින් සිය අලෙවි නියෝජිතවරුන් අගයයි

Kahawanu Udanaya - Image 01 (LBN)

HUTCH Sri Lanka  සමාගම සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කරන ලද කහවණු උදානය වැඩසටහනෙහි පළමු අදියර පසුගියදා අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම වැඩසටහන, රට පුරා විසිරී සිටින තම බෙදාහැරීමේ නියෝජිතයන් දිරි ගැන්වීම, අගය කිරීම, සහාය දීම සහ ත්‍යාග පිරිනැමීම සඳහා නිර්මාණය කරන ලද්දකි. කහවණු උදානය, හුදෙක් සැමරීමකට එහා ගිය, සාර්ථක දිරිගැන්වීම් මෙන්ම කැපී පෙනෙන කාර්යය සාධනයක් ඔස්සේ තම බෙදාහැරීමේ නියෝජිතයන් සවිබල ගැන්වීම පිළිබඳව, එම සමාගම සතු විශ්වාසයට මනා වූ සාක්ෂියකි.
 



 
පසුගිය අප්‍රේල් 02 වන දා මොනාක් ඉම්පීරියල් හෝටල් (Monarch Imperial) පරිශ්‍රයේ දී පැවැති උත්කර්ෂවත් උත්සවයකින් පළමු අදියරෙහි අවසානය සනිටුහන් වූ අතර, ඒ සඳහා 10,000කට අධික බෙදාහැරීමේ නියෝජිතයෝ පිරිසක් ලියාපදිංචිව සිටියහ. තම නියෝජිතයින් දිරිමත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම අතරින් HUTCH සමාගම ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින අතර, බෙදාහැරීමේ  නියෝජිතයන්ගේ සාර්ථකත්වය සහ මහඟු කැපවීම ඒ ඔස්සේ තවදුරටත් පිළිඹිබු කරයි. සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් බෙදාහැරීමේ නියෝජිතයෝ මෙම වැඩසටහන හා ක්‍රියාකාරීව සම්බන්ධ වීම, HUTCH  සමාගමෙහි පුළුල් ජාතික පැවැත්මේ ශක්තිය මෙන්ම එකමුතුකම ද පෙන්නුම් කරති.

HUTCH කහවණු උදානය, සේවා අලෙවිය මත පදනම්ව බෙදාහැරීමේ නියෝජිතයන්ට ප්‍රතිලාබ ගෙන දෙන වැඩසටහනකි. ඔවුන් විසින් සිදු කරනු ලබන සේවා අලෙවියට අනුරූපීව  ඔවුනට ඩිජිටල් කාසි (Digital Coins) උපයා ගත හැකි අතර, ඒවා පළමු අදියර තුළ ත්‍යාග වවුචරයන් ලෙස ආපසු ලබාගැනීමට හෝ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අදියර සඳහා ආයෝජනය කිරීමට හැකි ආකාරයට විකල්ප අවස්ථා ලබා දී තිබේ. එමගින් ඔවුන්ගේ උත්සාහයන්ට නම්‍යශීලීබවක් මෙන්ම දිගුකාලීන වටිනාකමක් ලබා දීමට ද HUTCH සමාගම කටයුතු කර තිබේ.

මෙම උත්සවයේ කැපී පෙනෙන ම අංගය වූයේ විකුණුම් කාර්යය සාධනයක් දැක්වීම වෙනුවෙන් පිරිනමන රුපියල් මිලියනයක මුදල් ත්‍යාගය දිනා ගැනීමට පැමිණ සිටි නියෝජිතයෝ අතරින් අයෙකු සමත් වීමයි. එම මුදල් ත්‍යාගයට අමතරව, රන් කාසි, විදුලි උපකරණ සඳහා වවුචරපත්, සාප්පු සවාරි සඳහා වවුචරපත්, රීලෝඩ් සහ තවත් වටිනා බොහෝ දෑ අතිරේක ත්‍යාග අතරට ඇතුළත් විය. මෙම වැඩසටහන හරහා මේ වනවිට  බෙදාහැරීමේ නියෝජිතයෝ 3,000 කට අධික සංඛ්‍යාවක් ත්‍යාග දිනා ගෙන තිබේ.

HUTCH Sri Lanka හි සාමාන්‍යාධිකාරී (විකුණුම්) තරිඳු විජේරත්න මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, කහවණු උදානය යනු හුදෙක් දිරිගැන්වීමේ වැඩසටහනක් පමණක්ම නොව, එය අපගේ බෙදාහැරීමේ නියෝජිතයන් සඳහා වන කැපවීමක් මෙන්ම ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් යන ගමනේ ආයෝජනයක් ද වන බවයි. හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ, මෙම පළමු අදියර එම සමාගමෙහි බෙදාහැරීමේ නියෝජිතයන් සමඟ ඔවුන් ගොඩනගා ගෙන  ඇති ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබිඹු කරන අතරම, ඔවුන්ගේ දායකත්වය අර්ථවත් ආකාරයකින් හඳුනා ගැනීමට මඟ පෙන්වීමට ලැබීම පිළිබඳව ආයතනයක් ලෙස ආඩම්බරයට පත්වන බවත් ය.අප ආයතනයේ විශ්වාසය වන ‘Together We Rise’ සංකල්පය මෙම වැඩසටහනේ සාර්ථකත්වය පිටුපස ඇති බව මනා ලෙස පිළිබිඹු කරයි.

පළමු අදියරේ සාර්ථකත්වයත් සමග, දෙවන අදියර ඊටත් වඩා සාර්ථකව සංවිධානය කිරීමට HUTCH  කටයුතු කිරීමට සූදානම් අතර, ඒ සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයට අමතරව, බෙදාහැරීමේ නියෝජිතයින්ට UNITED MOTORS සමූහය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වයෙන් රුපියල් මිලියන පහක මුදල් වවුචරයක් දිනා ගැනීමට ද දැන් අවස්ථාව සලසා දී තිබේ.

අද වන විට මෙම වැඩසටහන සමඟ ක්‍රියාකාරීව සහභාගීවන නියෝජිතයින් සංඛ්‍යාව වේගවත් ව ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් HUTCH සමාගම සහ එහි නියෝජිතයින් අතර ශක්තිමත් සම්බන්ධතාවයක් නිර්මාණය වී තිබේ. තවද මෙමගින් ඔවුන්ගේ ජීවිත වලට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට සිදුකරන අභිප්‍රේරණයන් මගින් අර්ථවත් ප්‍රතිලාභ ලබා දී ඇති අතර, එය HUTCH  සන්නාමයක් ලෙස අඛණ්ඩ වර්ධනයට සෘජුවම දායක වී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව