HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025‘ වැඩි ගෞරවය ජපානයට සහ ඉන්දුනීසියාවට

MIX- D -WINNERS (LBN)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් කොළඹ සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියේ වැඩි ගෞරවය ජපානය සහ ඉන්දුනීසියාව අත්කර ගනිද්දී තරගාවලියේ ශූරයා සහ ශූරිය ලෙස අභිෂේක ලැබීමට මැලේසියාවේ ෂොලේ අයිඩිල් සහ ජපානයේ මනාමි සුයිසූ සමත්වූහ.

පිරිමි ඒකල අවසන් පූර්ව මහා තරගයේදී විරේන් නෙත්තසිංහ පරාජය කළ ආදිල් අවසන් මහා තරගයේදී ඉන්දියාවේ ප්‍රනායි කට්ටා තරග වට 2-0කින් පරාජයට පත් කළ අතර, කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ඉන්දියාවේ අදිතා රාඕ තරග වට 2-0කින් පරාජයට පත් කිරීමට සුයිසූ සමත් වූවාය.

 



 
චීන තායිපේ චියා යෙන් ලින් සහ යොං ශෙං ලින් තරග වට 2-0කින් පරාජය කරමින් ඉන්දුනීසියාවේ රේමන්ඩ් ඉන්ද්‍රා සහ නිකොලස් ජෝකිම් පිරිමි යුගල රන් පදක්කම දිනා ගත් අතර, තරග වට 2-1කින් තායිලන්තයේ ටිඩප්‍රොන් ක්ලීබ්යේසුන් සහ නට්ටමොන් ලයිසුවාන් පරාජයට පත් කරමින් කාන්තා යුගල රන් පදක්කම දිනා ගැනීමට ජපානයේ හිනා ඔසාවා සහ අකාරි සාටෝ සමත්වූහ.

මිශ්‍ර යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ තරග වට 2-1කින් ජපානයේ යූටා වටනබේ සහ මායා ටගුචි පරාජය කළ ඉන්දුනීසියාවේ බොබී සෙටියාබුඩි සහ මෙලාටි ඔක්ටාවියැන්ටි විසිනි.

ඒ අනුව කාන්තා ඒකල සහ යුගල තරග අංශයෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූ ජපානය මිශ්‍ර යුගල තරගයේ රිදී පදක්කමට ද හිමිකම් කී අතර, ඉන්දුනීසියාව පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරග අංශයෙන් රන් පදක්කම් සහ පිරිමි ඒකල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල තරගවලින් ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත්තේය. පිරිමි ඒකල තරග අංශයේ රන් පදක්කම දිනා ගැනීමට මැලේසියාව සමත්වූ අතර, පිරිමි යුගල තරග අංශයේ ලෝකඩ පදක්කමටද හිමිකම් කීමට සමත් විය.

කාන්තා හා පිරිමි ඒකල තරගවලදී අනුශූරයන් වූ ඉන්දියාව රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, චීන තායිපේ පිරිමි යුගල තරග අංශයේ රිදී පදක්කමට හිමිකම් කීවේය. කාන්තා  යුගල තරග අංශයේ රිදී පදක්කම සමඟ ලෝකඩ පදක්කම් දෙකක් තායිලන්තයට හිමි විය. ශ්‍රී ලංකාව දිනා ගත් එකම පදක්කමට හිමිකම් කීමට විරේන් නෙත්තසිංහ සමත්වූයේ පිරිමි ඒකල තරග අංශයේ ලෝකඩ පදක්කමකට හිමිකම් කියමිනි.

එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තාපොතට එක්වූ ජොහෑන් පීරිස් ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර,  අමෙරිකානු ඩොලර් 17,500ක ත්‍යාග මුදලක් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අතර බෙදී ගියේය. මෙම තරගාවලියට HUNDRED, LiNing, Mobil, McFoil,  සහ 3M අනුග්‍රාහකත්වය ලැබී තිබිණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව