HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගාවලියේදී බුවනෙක ගුණතිලක අවසන් පූර්ව වටයට

WhatsApp Image 2025-03-06 at 11.51.58 (LBN)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලබන ‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ පිරිමි ඒකල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බුවනෙක ගුණතිලක සමත් විය. කොළඹ 10, සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මෙම තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී ලෝක ශ්‍රේණිගත කිරිම්වල 243 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ නරේන් අයියර් තරග වට 2-1 කින් පරාජය කළ බුවනෙක ගුණතිලක දැනටමත් ලෝකඩ පදක්කම තහවුරු කරගැනීමට සමත් වී සිටී. එය එහු වසර 2019න් පසු අත්කර ගන්නා පළමු ජාත්‍යන්තර බැඩ්මින්ටන් පදක්කම බවටද පත්වනු ඇත.

 



 
‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ පිරිමි ඒකල අවසන් 32 දෙනාගේ වටයේදී ලකුණු 21-7ක් සහ 21-15ක් ලෙස ඉන්දුනීසියාවේ හෙන්රිකෝ කෝ පරාජය කිරීමට බුවනෙක සමත් වූ අතර, 64 දෙනාගේ වටයේදී ඔහු වෙතින් ඉන්දියාවේ සිද්ධාර්ථ මිෂ්රා තරග වට 2-1කින් පරාජයට පත්විය.

‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ පිරිමි ඒකල තරග අංශයේ අවසන් 32දෙනාගේ වටයට එක්වීමට සමත් වූ රසිඳු හෙන්දහේවා එහිදී ඉන්දියාවේ ජින්පෝල් සොනා සමඟ තරග වැදුණු අතර, දෙවැනි වටයේදී ඔහු තරගයෙන් ඉවත් විය.

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 260 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් තරග වදින ‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාව 7 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් 5,000ක මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත අතර, තරගාවලිය සඳහා HUNDRED, Mobil, McFoil, 3M සහ LI-NING අනුග්‍රාහකත්වය ලැබී තිබේ.

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව