Huawei සහ Viber සම්බන්ධතාවය ශක්තිමත්බවින් වඩා ශක්තිමත්බවට පත් කරමින් පොරොන්දු වූ පරිදි AppGallery පහසුකම ලබා දෙයි

Viber Huawei Image

 




 

 

ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණ සමාගම් අතරින් එකක් වන Huawei සිය දිගුකාලීන සන්නාම සහයෝගීතාව ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වනViber සමග පුළුල් කරන බව දැනුම් දෙයි. AppGallery තාක්ෂණය ඔස්සේ සාර්ථක පාරිභෝගික ප්‍රතිචාර ලබන, නොමිලේ සන්නිවේදන පහසුකම් සලසන Viber ලෝකයේ පළමු හා ප්‍රධානතම සන්නාමයක් මෙන්ම AppGallery හා සම්බන්ධ වූ වඩා ජනප්‍රිය සන්නාමයක්ද වෙයි. Viber භාවිත කරන ලෝකයේ රටවල් 190ක මිලියන 100ක් පරිශීලකයෝ සිටිති.

Viber ශ්‍රව්‍ය හා දෘෂ්‍ය දුරකථන අවස්ථා (Audio, Video Calls), පණිවුඩ ක්‍රම (SMS), සමූහ සංවාද (Group Chats) ක්‍රියාත්මක කරන අතර AppGallery ඔස්සේ විවිධ කලාපවල මිලියන 62ක App බෙදාහැරීමත් සමගින් මේ වන විට ශක්තිමත් ගෝලීය තත්ත්වයක් අත්පත්කරගෙන තිබේ. මේ වන විට වර්ධනය වන සිය පරිශීලක පදනමට වඩාත් ගැඹුරු මැදිහත්වීමක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් මෙම සමාගම් දෙක  වර්තමානයේ එක්ව කටයුතු කරයි.

දේශීය නැඹුරුතාවක් සහිතව ඉහළ ගුණාත්මක තත්ත්වයක් හා විසඳුම් ලබා දීමට සකස් කළ App සැපයුම්කරුවන් සමඟ සහසම්බන්ධතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන Huaweiහි ‘ගෝලීය හා දේශීයව හැඩගැසීමේ’ උපායත් සමග එකිනෙකා වැළඳගැනීමට වයිබර් AppGallery සාර්ථකත්වය සමත් වී ඇත.

මෙම ව්‍යාපාරික සහයෝගිතාවේ කොටසක් වශයෙන් Viber විසින් සිය හිමිකාරී App යාවත්කාලීන කිරීමේ නිදහසත් Viber පරිශීලකයන් සඳහා පමණක් එහි නවතම මාදිලියේ ස්ටිකර් සමූහ AppGallery හරහා බාගත කරගන්නා අවස්ථාවත් Viber App ඔස්සේ ලබා දෙනු ලැබ ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව