Huawei සමාගමේ හා ASEAN පදනමේ සත්කාරකත්වයෙන් ආසියා පැසිෆික් ඩිජිටල් කුසලතා සමුළුව පැවැත්වෙයි

Talent Summit (LBN Fill)

 



 

 

Huawei සමාගමේ හා ASEAN පදනමේ සත්කාරකත්වයෙන් ආසියා-පැසිෆික් කලාපය තුළ අනාගතයට ගැළපෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංචිතයක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරුණු ආසියා පැසිෆික් ඩිජිටල් කුසලතා සමුළුව රාජ්‍ය, අධ්‍යාපනික හා ව්‍යාපාරික අංශවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි. ඩිජිටල් බලය මුදා හැරීම සඳහා කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණු මෙම සාකච්ඡාව Huawei සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම වැඩසටහනක් වන Huawei Connect සමුළුවට සමගාමීව පැවත්වුණි.
මෙහි දී අදහස් දැක්වූ ASEAN පදනමේ සමාජ-සංස්කෘතික ප්‍රජාව සඳහා වන නියෝජ්‍ය මහලේකම් එක්කෆාබ් ෆැන්තවෝන්ග් මහතා ප්‍රකාශ කළේ, “කලාපය තුළ නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කර ගත හැකි ආකාරය ගැන දැනගැනීමට, ඔවුන්ගේ වර්තමාන තත්ත්වය හඳුනා ගැනීමට වගේ ම අනාගතයේ දී ගත යුතු පියවර ගැන සම්බන්ධීකරණය කිරීමටත් අපට මෙම සමුළුව ඉතා වැදගත්.” යනුවෙනි.
ASEAN පදනමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය යං මී එන්ග් මහතා පැවසුවේ එවන් අදහසකි. ” මෙම සමුළුව හරහා කලාපය පුරා අපගේ සහයෝගීතාව වර්ධනය කරගැනීමට, දුෂ්කරතා නිරාකරණය කරගැනීමට, ඩිජිටල් අවශ්‍යතා සපුරාලීමට, නව්‍ය කුසලතා වර්ධනය කිරීමට වගේ ම ඩිජිටල්කරණය ප්‍රවර්ධනයට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීමටත් සහයෝගය ලබා දෙනවා.”
Huawei සමාගමේ මහජන කටයුතු හා සන්නිවේදන කටයුතු පිළිබඳ සභාපති ජෙෆ් වැන්ග් මහතා අදහස් දක්වමින්, “ඩිජිටල් පරිවර්තනයක් කරා යන ගමනේ දී ජනතාව ඒකාබද්ධ කිරීම සහ අනාගත පරම්පරාවේ කුසලතා ගොඩනැංවීම ඉතා වැදගත්. වසර 20කට වැඩි කාලයක් තිස්සේ අන්තර්ජාල පහසුකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපි ආසියා පැසිෆික් කලාපයේ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේ ම 2026 වසර වන විට කලාපය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහිත වෘත්තිකයින් 500,000 ක් පුහුණු කිරීම සඳහා වන අපගේ ඉලක්කය සපුරාගැනීම වෙනුවෙනුත් අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙන් හැකියාවන් වර්ධනය සඳහා සමාගමේ ඉලක්ක පිළිබඳව පැහැදිලි කළේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව