Huawei විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්ඩායමට Nova 5T ස්මාර්ට් ජංගම දුරකථන පිළිගන්වයි

Huawei felicitates Sri Lanka Cricket Team

Huawei විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයේදී පවත්වන ලදී. පසුගියදා අවසන් කරන ලද සාර්ථක පාකිස්තාන ක්‍රීඩා සංචාරයෙන් අනතුරුව පැවැත්වුණු මෙම උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ෂම්මි සිල්වා මහතා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා, Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක පීටර් ලියු මහතා ඇතුළු එහි කලමණාකාරීත්වය සහභාගී විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජංගම දුරකථන හවුල්කරු වන Huawei විසින් මෙහිදී සුභ පැතුම් සංකේතයක් ලෙස  ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සහ නිලධාරීන් 28 දෙනෙකු සඳහා මෑතකදී වෙළඳපලට හඳුන්වා දුන් Huawei Nova 5T ස්මාර්ට් ජංගම දුරකථන පිළිගැන්වීය. ලොව අංක එකේ විස්සයි-20 කණ්ඩායම වන පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් ලෙස ජය ගනිමින් දක්වන ලද දක්ෂතා වලට ඇගැයීමක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම උත්සවය සංවිධානය කළහ.අදාළ උපහාර පිරිනැමීමේ උළෙලේදී  එක්දින මෙන්ම විස්සයි-20 කණ්ඩායම්වල ක්‍රීඩකයින් සියළු දෙනා මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලයද ඇගැයීමට ලක් කිරීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා පවසා සිටියේ විවිධ ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු රාශියකට මැදිවී සිටි අවධියක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් මෙවර තරඟාවලියේ දී දැක්වූ දක්ෂතා බෙහෙවින් ඇගයීමට ලක් කරන බවයි. තවද රටට මෙවැනි අභිමානයක් ගෙන දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැකි වීම පිළිබඳ හෙතෙම සතුටු වන බවත්, මෙවැනි අවස්ථාවකදී කණ්ඩායම ඇගයීම සඳහා සහ ඔවුන්ව තවත් දිරිමත් කිරීම සඳහා වන කර්තව්‍යයයේදී Huawei ඔවුන් හා අත්වැල් බැඳ ගැනීම සතුටට කාරණයක් වන බවත් හෙතෙම පවසා සිටියේය.

මෙහිදී අදහස් දක්‌වමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක පීටර් ලියු මහතා පවසා සිටියේ, මෙවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබීම පිළිබඳව ඔහු ඉතා සතුටට පත් වන බවත්, මේ ජයග්‍රහණය පිටුපස සිටින සියලු දෙනා හට සිය අවංක ප්‍රණාමය සහ සුභ පැතුම් එක් කර සිටින බවයි. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිළ ජංගම දුරකථන සහකරු මෙන්ම මෙම තරඟාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට හැකි වීම භාග්‍යයක් කොට සළකන බවයි.

මෙම අවසථාවේදී කණ්ඩායමේ සාමාජිකයින් 28 දෙනෙකු සඳහා Nova 5T ස්මාර්ට් දුරකථන නිල වශයෙන් පිළිගැන්වීම  ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ෂම්මි සිල්වා මහතා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා, Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක පීටර් ලියු මහතා සහ Huawei ශ්‍රී ලංකා සාමාන්‍යධිකාරී කල්ප පෙරේරා යන මහත්වරු අතින් සිදු විය.

අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර දෙමින්  මෑතකදී  ශ්‍රී ලාංකීය ස්මාර්ට් ජංගම දුරකථන අතර පෙරළියක් ඇති කරමින් වෙළඳපලට හඳුන්වා දුන් Nova 5T සදහා මිලියනයකට අධික ගෝලීය වශයෙන් විසුරුණු පාරිභෝගික පිරිසක් සහ ලක්ෂ 2 ක් ඉක්මවන දේශීය පාරිභෝගික පිරිසක් සිටී.Nova 5T  හි T යනු “Talent” (හැකියාවන්) යන්නයි. එම නිසා හැකියාවන් ඇගයීමට කදිම ත්‍යාගයක් වශයෙන් මෙම දුරකථනය හැඳින්විය හැක. හඳුන්වා දීමේ සිටම තරුණ තරුණියන් අතර විශාල වශයෙන් ජනප්‍රිය වූ Nova 5T   පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන  Black, Crush Blue හා Iconic – Midsummer Purple වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ. 8GB of RAM සහ 128GB මතක ධාරිතාවයක් ඇති Nova 5T,3,750mAh බැටරියකින්  සහ  22.5W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ. ලොව ප්‍රථම 7nm flagship chipset Kirin 980, Nova 5T සඳහා ඇතුළත් වන අතර, EROFS file reading system තුලින් Nova 5T හි  ඇතුළත මෙමරිය සම්පූර්ණයෙන් ඇහිරී තිබියදී පවා, අඩු loading කාලයක් තුළින්  ඉතා හොඳ අත්දැකීමක් පාරිභෝගිකයාට ලබා දේ.  EMUI 9.1 සමගින්, 59% ක අමතර වේගයකින් app launch හැකියාවද Nova 5T සතු වෙයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව