Huawei Smart PV සහ ESS 2026 වෙනුවෙන් ප්‍රධාන ප්‍රවණතා 10ක් ඉදිරිපත් කරයි

Image 01- Eric Zhong, Vice President and Chief Marketing Officer of Smart PV & ESS Product Line, Huawei Digital Power, releasing the Top 10 Trends of Smart PV & ESS
Image 01- Eric Zhong, Vice President and Chief Marketing Officer of Smart PV & ESS Product Line, Huawei Digital Power, releasing the Top 10 Trends of Smart PV & ESS

අද වන විට වේගවත් ව්‍යාප්තියක් ප්‍රදර්ශනය කරමින් සිටින පුනර්ජනනීය බලශක්තිය, පද්ධති ඒකාබද්ධ කිරීම දක්වා සිය හැකියාවන් යොදා ගනිමින් සිටියි. එහිදී විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය, පිරිවැය කාර්යක්ෂමතාව විශාල පරිමාණයේ සම්බන්ධීකරණය වැනි අභියෝග රැසකට මුහුණ දීමට ඊට සිදුව තිබේ. ඊට විසඳුම් ලෙස සූර්ය බලය, සුලං බලය සහ බලශක්ති ගබඩා ක්‍රමයන් ප්‍රධාන බලශක්ති ප්‍රභවයන් ලෙස පෙන්වා දෙමින් Huawei Digital Power විසින් ‘2026 වසර සඳහා Smart PV සහ ESS හි ප්‍රමුඛ ප්‍රවණතා 10ක්’ හඳුන්වා දී තිබේ.




Huawei හි Smart PV සහ ESS දියත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් Huawei Digital Power හි Smart PV සහ ESS නිෂ්පාදන අංශයේ උප සභාපති සහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී Eric Zhong විසින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ ඉදිරි වැඩපිළිවෙල ඇතුළත් ධවල පත්‍රිකාවක් සමඟින් මෙම ප්‍රවණතා එළි දක්වන ලදී.

බලශක්ති ගබඩා පද්ධතීන්හි ආරක්ෂාව තෝරාගත් සාම්පල මත පදනම් වූ පරීක්ෂාවල සිට ජීවන චක්‍රය පුරා විධිමත්, පද්ධති-මට්ටමේ තක්සේරු කිරීම් බවට පරිවර්තනය වෙමින් පවතී. ගණනය කළ හැකි ආරක්ෂක දර්ශක නිර්වදනය කිරීම සහ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි හැකියාවන් ඉහළ නැංවීම මඟින් අපැහැදිලි ආරක්ෂක සීමාවන් හා වැළැක්වීමේ ක්‍රමවේද වැනි දිගු කාලීන ගැටලු විසඳීමට කර්මාන්තයට හැකි වනු ඇති අතර එය බලශක්ති ගබඩා කිරීමේ ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයටද සහාය වනු ඇත.

සියලු අවස්ථාවන්ට ගැලපෙන විදුලිබල පද්ධති නිර්මාණය, කෘතිම බුද්ධිය උපරිම ආකාරයෙන් භාවිත කිරීම සහ විශිෂ්ටත්වය කරා මෙහෙයවීම තාක්ෂණික දියුණුව සඳහා පමණක් නොව තිරසාර සංවර්ධනය සඳහාද වැදගත් වේ. ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සහ විවිධ වෘත්තිකයින් සමඟ එක්ව කටයුතු කරන Huawei Digital Power සූර්ය+සුලං+ESS කර්මාන්තය ප්‍රධාන බලශක්ති ප්‍රභවයන් ලෙස අනුගමනය කිරීම වේගවත් කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ තුලින් සෑම නිවසකටම හා ව්‍යාපාරයකටම හරිත විදුලිය ලබා ගැනීමේ හැකියාව උදා කර දීමට ඔවුන් සමත්ව සිටියි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව