Huawei සමාගම, බුද්ධිමය අධ්‍යාපන පරිණත තක්සේරු ආකෘතිය ගවේෂණය කිරීම සඳහා ඩිජිටල් අධ්‍යාපනික පරිවර්තන අවස්ථා පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කරයි

Education Whitepaper Launch (LBN Fill)

 



 

 

බැංකොක් නුවර දී පැවැත්වුණු HUAWEI CONNECT 2022 සමුළුවේ  ‘අධ්‍යාපන ක්ෂේත්‍රයේ  ඩිජිටල්කරණය වේගවත් කිරීම’ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු  සැසියේ දී, Huawei සමාගම විසින් ප්‍රථම වරට, බුද්ධිමය අධ්‍යාපන පරිණත තක්සේරු ආකෘතිය ගවේෂණය කරන ඩිජිටල් අධ්‍යාපනික පරිවර්තන අවස්ථා පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි. එහි දී මෙම ධවල පත්‍රිකාව මඟින් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ඉගැන්වීම් ක්‍රම නව්‍යකරණය කිරීම, අධ්‍යාපනික සම්පත් ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ කළමනාකරණය වැඩිදියුණු කිරීම වැනි ක්ෂේත්‍ර ආශ්‍රිතව පවතින සියලු අධ්‍යාපනික විසඳුම් ප්‍රයෝජනයට ගත යුතු බව Huawei සමාගම යෝජනා කළේය.

Huawei සමාගමේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂ මාර්ක් යැං මහතා පැවසුවේ, “ඩිජිටල් අධ්‍යාපනික පරිවර්තන අවස්ථා පිළිබඳ ධවල පත්‍රිකාව, Huawei සමාගම අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ පාරිභෝගිකයින් හා හවුල්කරුවන් ඇසුරින් සිදු කළ සමීක්ෂණයක් මගින් අනාවරණය කරගත් ගෝලීය උපාය මාර්ගයන්ගේ සහ භාවිතයන්ගේ එකතුවක්. එය බුද්ධිමය අධ්‍යාපනයේ සංකල්පමය රාමුව පිළිබඳ නිර්වචන සපයනවා. මෙම ධවල පත්‍රිකාව ප්‍රථම වරට බුද්ධිමය අධ්‍යාපනයේ පරිණත තක්සේරු ආකෘතිය ගවේෂණය කරනවා. මෙම ආකෘතියට උප මානයන් හයක් සහ විවිධ මට්ටම් පහක් ඇතුළත්. එමගින් තමා පිළිබඳව ස්වයං තක්සේරුවක් කරගැනීමට පාසල්වලට සහයෝගය ලබා දීම අපගේ අරමුණයි. අපි අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණයට  නිරන්තරයෙන් මඟ පෙන්වනවා. යනුවෙනි.

අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන පැට්‍රික් ලෝ මහතා, Huawei සමාගමේ ගෝලීය සාර්ථකත්වය සමඟින්, එම සමාගම ලබා දෙන සියලු ම අධ්‍යාපනික විසඳුම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කළේය.  “Huawei සමාගම, බුද්ධිය පදනම් කරගත් සියලු ම අධ්‍යාපනික විසඳුම් මගින් අරමුණු කරන්නේ බුද්ධිමය අධ්‍යාපනය සඳහා පුළුල් රාමුවක් ගොඩනැගීම, විශ්වවිද්‍යාලවල විවිධ ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීම, විවිධාංගීකරණය වූ ඉගැන්වීම් යෙදුම් ප්‍රවර්ධනය සහ සෑම අවස්ථාවක දී ම ගුණාත්මක ඉගැන්වීම්, ඉගෙනීම්, කළමනාකරණ හා පර්යේෂණ කුසලතා ඉහළ නැංවීම ආදී අවශ්‍යතාවන්ට පහසුකම් සැලසීමයි.” යනුවෙන් ලෝ මහතා වැඩිදුරටත් පැවසුවේය.

ආවෘත අධ්‍යාපනය (Inclusive education)  ද මෙම සැසියේ දී අවධානය යොමු වූ තවත් සුවිශේෂී මාතෘකාවකි. තායිලන්යේ යුනිනෙට් විද්‍යාත්මක පර්යේෂණ ජාලයේ, අධ්‍යාපනික සංවර්ධනය සඳහා වූ තොරතුරු තාක්ෂණික පරිපාලන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එකපොංග් මුසිකචරෝන්  මහතා පැවසුවේ, සියලු දෙනාට සාධාරණව අධ්‍යාපනික පහසුකම් ලබා දීම සහ ආවෘත අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්තයේ NREN විශ්ව විද්‍යාල 155ක් සම්බන්ධ කර 100 Gbit/s වෙත සංක්‍රමණය පහසු කරමින්, සියලු දෙනාට උසස් තත්ත්වයේ ජාල සම්බන්ධතා ලබා දීමට කටයුතු කර ඇති බවයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව