Huawei විසින් උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළ ධවල පත්‍රිකාව නිකුත් කරයි

Gu Xuejun, Vice President of Huawei IT Product Line (LBN Fill)

 



 

 

මෑතක දී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගම විසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළව ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි. මෙම ධවල පත්‍රිකාව හරහා දත්ත ගබඩාකරණයේ  වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්‍යතාව මැනීම සඳහා ප්‍රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, ලොව පුරා විසිරී ඇති දත්ත ගබඩා ක්‍රමවේදයන් විශ්ලේෂණය කරමින් ගුණාත්මක දත්ත ගබඩාකරණ පද්ධතියක් ගොඩනංවා ගැනීමට රජයන්ට හා ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙයි.

Huawei IT නිෂ්පාදනායතනයේ උප සභාපති ගු ක්සුවේජුන් මහතා පැවසුවේ, “දැනට දත්ත ගබඩා කිරීමේ හැකියාව මනිනු ලබන්නේ ධාරිතාව අනුවයි. එය එසේ වුණත්, කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුව,  කෘත්‍රිම බුද්ධිය, ප්‍රමාණයෙන් විශාල දත්ත, ධාරිතාව වැනි දත්ත ආශ්‍රිත විවිධ අවශ්‍යතාවන් නිර්මාණය වීම නිසා පවතින දත්ත ගබඩාකරණ ක්‍රමවේද ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට තිබෙනවා. එම නිසා ම දත්ත ගබඩා කිරීමේ හැකියාව ඵලදායී ලෙස වර්ධනය කරගැනීමට අපට සුවිශේෂී සේවාවක අවශ්‍යතාව මතු වෙලා තිබෙනවා.යනුවෙනි.

බුද්ධිමය ලෝකය තුළ ක්‍රියාත්මක වන කර්මාන්ත ආශ්‍රිතව අති විශාල දත්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර, එම කර්මාන්තවල ඩිජිටල් පරිවර්තනය සඳහා දත්ත ගබඩා කිරීමේ ගුණාත්මක ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වේ. Huawei සමාගම නිකුත් කළ ධවල පත්‍රිකාව මගින් දත්ත ගබඩා කිරීම වෙනුවෙන් එම සමාගම හඳුන්වා දී ඇති නව්‍ය සේවාවන් බලගන්වයි.

දත්ත ගබඩා කිරීමේ බලය පිළිබඳ සංකල්පයක් හා අරුතක් : දත්ත ගබඩා කිරීමේ බලය යනු, ගබඩා ධාරිතාව, කාර්ය සාධනය, විශ්වසනීයත්වය හා හරිත සංකල්පයන්ට අනුගත වීම යන ගුණාංග ඇතුළත් විස්තීරණ සංකල්පයකි.

දත්ත ගබඩාකරණයේ වටිනාකම පිළිබඳ ප්‍රමාණාත්මක පර්යේෂණ : Huawei සමාගම සිදුකළ ගණනය කිරීම්වලින් පෙන්නුම් කරන්නේ දත්ත ගබඩා කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන ඇමරිකානු ඩොලර් 1 ක ආයෝජනයක්, ඇමරිකානු ඩොලර් 5 ක සෘජු වටිනාක්, ඇමරිකානු ඩොලර් 8 ක වක්‍ර අගයක් සහ ඇමරිකානු ඩොලර් 30-40 වටිනා ප්‍රේරිත අගයක් නිර්මාණය කරන බවයි.

යම් ප්‍රදේශයක හෝ දත්ත මධ්‍යස්ථානයක දත්ත ගබඩා කිරීමේ බලය තක්සේරු කරන දර්ශක පද්ධතියක් : මෙම පද්ධතිය රාජ්‍ය  හා ව්‍යාපාරික ලක්ෂණ මත පදනම්ව විශාලත්වය, කාර්යක්ෂමතාව, පදනම සහ වර්ධනය යන අංශ  හරහා දිවෙන දර්ශක 35 කින් පමණ සමන්විත වේ.

රටවල් 20ක හා කලාපීය ගබඩා බලය පිළිබඳ ඇගයීමක් : මෙම ධවල පත්‍රිකාව මගින් දත්ත ගබඩා කිරීමේ බලය ශ්‍රේණිගත කිරීමේ දී ඇතැම් රටවල් පෙරමුණ ගැනීම සම්බන්ධව සහ පහත ශ්‍රේණිගත පාර්ශ්වයන්ට එය ලබා ගත හැක්කේ කෙසේ ද යන්න විශ්ලේෂණය කරයි. එමෙන් ම එමඟින් දත්ත ගබඩා කිරීමේ බලය වැඩි දියුණු කෙරෙන ප්‍රතිපත්ති යෝජනා සැපයීම ද සිදු කරයි.

“මෙම ධවල පත්‍රිකාව දත්ත ගබඩා කිරීම් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන අර්ථවත් ගවේෂණයක් විදියට මා දකිනවා. එමගින් දත්ත සහ උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට වගේ ම, ඩිජිටල් යටිතල ව්‍යුහය වර්ධනය කිරීම සඳහා  දත්ත මනාව ගබඩා කිරීම, කාර්‍යක්ෂමව ගණනය කිරීම හා ජාල හරහා ස්ථායීව සම්ප්‍රේෂණය කිරීම යන කරුණු පූර්ණ කිරීමත් සුවිශේෂයි.” යනුවෙන් ක්සුවේජුන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව