Huawei වෙතින් කොවිඩ්-19 මැඩලීම සඳහා ශ්‍රී ලංකාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහය

IMG_0224-(1)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සැපයීමෙහි ගෝලීය ප්‍රමුඛයා වන Huawei, කොරෝනා අර්බුදය මැඩලීමට සහය වන ICT විසඳුම් ඇතුළත් නවතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ  පෙළක්  රජයට පරිත්‍යාග කරමින්, කොරෝනා වෛරසය පරාජය කිරීමට කඩිනම් පියවර ගැනීමට ශ්‍රී ලංකාවට සහය දක්වන  බවට ප්‍රතිඥා දී තිබේ.

ඒ අනුව, කොරෝනා අවදානම හේතුවෙන්, පුද්ගල ඒකරාශී වීම් අවම කර, අදාළ පාර්ශව සම්බන්ධ කර ගනිමින් තීරණ ගැනීමට රාජ්‍ය අංශයට හැකි වන පරිදි, Huawei high definition video conference පද්ධති 5 ක් රජය වෙත ලබා දෙන ලදී. මෙම පරිත්‍යාගයට, ඉහළ නිරවද්‍ය තාප කැමරා 6 ක්ද ඇතුළත් වන අතර, ඉහළ නිරවද්‍ය ප්‍රමිතිය අනුව අවදානම් වේගයෙන් හඳුනා ගැනීම සඳහා ඒවා ප්‍රධාන ස්ථානයන්හි යෙදවීමට නියමිතය. මෙම උපකරණවල සමස්ත වටිනාකම රු. මිලියන 50 කට ආසන්න වේ.

“වර්තමානයේ අපට සිටින්නේ එකම පොදු සතුරෙක්,‍් ඒ සතුරා නම් කොරෝනා වෛරසයයි. ඒ හමුවේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේ වගකීම රජය විසින් ඉටුකරනවා. සියලු අංශ  එක්ව උත්සාහයෙන් යුතුව මෙම තත්ත්වය පරාජය කිරීමට කටයුතු කරන ආකාරය අනුව එහි ප්‍රතිඵල රැඳී පවතිනවා.” යනුවෙන් එහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“මෙම අභියෝගාත්මක කාල සීමාව තුළ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ඔවුන්ගේ අද්විතීය වටිනාකම් මගින්, රජයේ වැඩපිළිවෙලට මෙලෙස දායක වීම ගැන මම සතුටට පත් වෙනවා. ඒ වගේම, රාජ්‍ය අංශය සඳහා දුරස්ථ සන්නිවේදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට නවීන තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කර, කොරෝනා වෛරසයට මැඩලීමේ කාර්යයට අපට සහය වෙමින්,  Huawei දක්වන කාලෝචිත සහයෝගය මම අගය කිරීමට කැමතියි.” ගරු අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. “Huawei වැනි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම්වලට, සමස්ත රට හා එක්ව,‍් අපේ රටේ ඩිජිටල් පරිවර්තනය අඛණ්ඩව ඉහළ නැංවීමටත්, ජනතාවගේ සෞභාග්‍යය හා සෞඛ්‍ය සම්පන්න ජීවිතය වර්ධනය කිරීමටත් ඉදිරියේදී කටයුතු කිරීමට හැකි වනු ඇතැයි මම සිතනවා.”

ශ්‍රී ලාංකික ජනතාවගේ සහ රටෙහි සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා රජය විසින් දැඩි සෞඛ්‍ය නියෝග පනවා ඇති බවද,‍් රජය විසින් අනුගමනය කළ නිවැරදි හා කාලෝචිත පියවර සමග සියලු ශ්‍රී ලාංකිකයින් දැක්වූ සහයෝගය ඉතිහාසයේ බොහෝ අභියෝග ජයගෙන ඇති ශ්‍රී ලංකාවට මෙම අභියෝගයද ජය ගැනීමට මග පාදා තිබෙන බවද එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

“වත්මන් තත්ත්වය තුළ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරට එන, 5G, IoT, AI, හා cloud වැනි අංශ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව අපි විශ්වාස කරනවා. කොරෝනා වසංගත සටන පරාජය කිරීමට මෙම සුන්දර දිවයිනට සහය වීමටත්, මිනිසුන්ගේ ජීවිතවලට සතුට හා තෘප්තිය යළි ගෙන ඒමටත්,‍් Huawei නවීන තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වේවි.” යනුවෙන් Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී, ලියැන්ග් යි මහතා සඳහන් කළේය.

Huawei විසින් පසුගියදා, හදිසි අවස්ථා වලදී භාවිතා කළ හැකි සෞඛ්‍යයට අදාළ යෙදවුම් ඇතුළත් කිරීමට සම්බන්ධතාවයෙන් ඔබ්බට ඩිජිටල් විෂය පථය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ TECH4ALL ඩිජිටල් ඇතුළත් කිරීමේ වැඩසටහන දියත් කරනු ලැබීය. TECH4ALL හි එක් පියවරක් ලෙසින්, ඉහත වැඩසටහන සඳහා Huawei හි දේශීය ව්‍යාපාරික සහකරු වන සොෆ්ට්ලොජික් සහාය දක්වා තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව