HSR Engineering සමාගම, Megakem Engineering ලෙස ප්‍රති සන්නාමගත කෙරෙයි

Manjula Kalubowila – General Manager of Megakem Engineering

 



 

 

වර්ධන හෝල්ඩින්ග්ස් ගෲප්හි සාමාජිකයෙකු වන HSR Engineering (Private) Limited සමාගම සිය සහෝදර සමාගම වන Megakem Lanka (Private) Limited හි නිෂ්පාදන විශේෂඥතාව තවදුරටත් ඉහළ නංවමින් , ගුණාත්මක බවින් ඉහළ ඒකාබද්ධ සේවාවක් ලබා දීමේ  මූලික අරමුණ පෙරදැරිව,  Megakem Engineering (Private) Limited ලෙස නීත්‍යානුකූලව සිය නාමය වෙනස් කර ඇති බව නිවේදනය කරයි.

Megakem Lanka යනු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත විශේෂිත රසායනික අමුද්‍රව්‍ය නිෂ්පාදකයා සහ සැපයුම්කරුවකු වන අතර, Megakem Engineering සමාගම  (කලින් HSR Engineering ලෙස හැඳින් වූ) ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත විශේෂිත රසායනික අමු ද්‍රව්‍ය,  ආලේපන සහ ඒ ආශ්‍රිත විශේෂිත ඉංජිනේරු සේවාවන් පිළිබඳව  වෘත්තීයමය භාවයෙන් යුත්  කීර්තිමත් සමාගමක් වන අතර, එක්සත් රාජධානිය පදනම් කරගත් Cormix international, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂිත රසායනික අමු ද්‍රව්‍ය නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ද වේ.

මෙම  පිළිබඳව අදහස් දක්වමින්,  Megakem Engineering සමාගමේ සාමාන්‍යාධිකාරී මංජුල කළුබෝවිල මහතා පැවසුවේ, “Megakem Engineering නම් නව නාමය යටතේ තාක්‍ෂණික විශිෂ්ටත්වයෙන් යුතු සේවාවන් හා ගුණාත්මක භාවයෙන් සහ කාර්යක්ෂම බෙදාහැරීමේ ජාලයකින් සමන්විත  සුවිශේෂී සේවාවක් මේ රටේ පාරිභෝගිකයින්ට ලබා දීමට අපි කටයුතු කරනවා. මෙය සමාගමේ නම වෙනස් කිරීමක් පමණක් බවත්, ආයතනික හිමිකාරිත්වයේ හෝ කළමනාකාරිත්වයේ වෙනස් වීමක් නොවන බවත් අවධාරණය කිරීමට කැමතියි. ඒ වගේ ම මෙම නාමය වෙනස් වීම නිසා ආයතනික මෙහෙයුම්, සැපයුම් හෝ සැපයුම් දාමයන්ට කිසිඳු බලපෑමක් සිදු නොවන බවත් පැවසිය යුතු ම යි. මෙම නව වෙනස මගින් අපගේ සහෝදර සමාගම මෙන් ම අපගේ ප්‍රධානතම ඉදිකිරීම් ආලේපන සහ විශේෂිත රසායනික අමු ද්‍රව්‍ය සැපයුම්කරු වන Megakem Lanka සමඟ ඉතා හොඳ සබඳතාවකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

Megakem Engineering සහ Megakem Lanka යන සමාගම් දෙක ම ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Wardena Holdings සමූහයේ සාමාජිකයින් වන අතර, එම සමාගම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂිත රසායනික අමු ද්‍රව්‍ය, තාර ආලේපන සහ අනෙකුත් ජල නිවාරණ  ආලේපන, සහ එම නිෂ්පාදනවල ප්‍රමිතිගත යෙදවුම් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් වෙළෙඳපොළ වෙත නිකුත් කරයි.  මෙම සමූහය තාර ආශ්‍රිත මාර්ග ඉදිකිරීම්, කෘෂිකර්මාන්ත, පොල් සහ පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ශරීර සුවතා වැනි ක්ෂේත්‍රවලට අදාළ නිෂ්පාදන ද බෙදාහැරීමෙහි නිරත වෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව