HSBC Ceylon Literary & Arts Festival දෙවන අදියර ප්‍රකාශයට පත් කරයි

Logo 1

සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ තරුණ සවිබල ගැන්වීමේ සැමරුම, 2025 ජනවාරි 17 සිට 19 දක්වා

HSBC Ceylon Literary & Arts Festival හි දෙවන අදියර 2025 ජනවරි මස 17වන දින සිට 19 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇත. ශ්‍රී ලාංකීය සාහිත්‍ය සහ සංසකෘතික කලාව පෝෂණය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සහ දේශීය කලාවන් එකම අවකාශයකට ගෙන ඒමේ අරමුණින් දියත් කරනු ලබන මෙම සුවිශේෂ වැඩසටහන, අති සාර්ථක අයුරින් දියත් කිරීමට කටයුතු යොදා ඇත.
 



 
දේශීය මෙන්ම ජාත්‍යන්තර කතුවරුන් 44 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉතාමත් ආකර්ෂණීය අයුරින් පසුගිය වසරේදී මෙම සාහිත්‍ය උළෙළ පැවැත්  වූ අතර, ඒහිදී විවිධ තේමා යටතේ ආකර්ෂණීය සැසි කිහිපයක්ම සංවිධානය වී තිබුණි. මෙම වසරේදී ද පෙර වසරට සාපේක්ෂව අලුත් අත්දැකීම රැසක් සාහිත්‍යලෝලීන් වෙත ලබාදීම සංවිධායක මණ්ඩලයේ අරමුණ වේ.

මෙම උත්සවය අනාගත නවෝත්පාදන සහ නිර්මාණාත්මක කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරමින්, නිර්මාණාත්මක ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, බුද්ධිගලනය අවම කිරීම සහ කලා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයින්ට නව අවස්ථා නිර්මාණය කිරීම තුළින් නැඟී එන දේශීය කුසලතා සඳහා අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුවා දක්වමින් HSBC Ceylon Literary & Arts Festival කලාව සහ සංස්කෘතිය තුළ ලාංකේය අනන්‍යතාවය ගොඩනැගීමට කටයුතු කරයි. එමෙන්ම, මෑතකාලීන අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් සහ ගතික සංස්කෘතික ලක්ෂණයන් ඔප්නංවමින් සංචාරක ආකර්ශනය සහ ආයෝජකයින් අතර විශ්වාසය ගොඩනැගීමටද කටයුතු කරයි.

අනාගත පරම්පරාවේ නිර්මාණශීලී මනස පෝෂණය කිරීමට කැපවීමේ ප්‍රධාන අරමුණින් යුතුව මෙම උත්සවය පවත්වනු ලබන අතර,  පසුගිය වසරේ හඳුන්වා දුන් Future Writers වැඩසටහනට අතිමහත් ප්‍රතිචාරයක් ලැබුණු අතර, මෙම අරමුණ ඉදිරියටත් සාක්ෂාත් කරගැනීම උළෙලේ තවත් ඒක් අරමුණකි. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ අනාගතය සඳහා නව බලාපොරොත්තුවක් එක් කරමින් නිර්මාණශීලී ව්‍යවසායකත්වය පෝෂණය කිරීමට අපේක්ෂා කරන ලේඛකයින් සඳහා නව අවස්ථවන් විවර කිරීමට අපේක්ෂා කරයි.

HSBC Ceylon Literary & Arts Festival ශ්‍රී ලංකාවේ සංස්කෘතික සාරයන් ඔප්නංවමින් එකම වේදිකාවක සාහිත්‍යය ප්‍රමුඛ කලා, සංගීත, සහ සිනමා අංග සහිතව, සියලුම ආරාධිතයන් සඳහා සංස්කෘතිකමය අත්දැකීමක් ලබා දීම අරමුණු කරයි.

තවද, ශ්‍රී ලාංකේය සමාජය සතු ගතික හා ජවසම්පන්න බව පිළිඹිඹු කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ගේ අවධානයට යොමු කිරීම සංවිධායකයින්ගේ ප්‍රධාන අරමුණයි. මේ ඔස්සේ රටෙහි ධනාත්මක ඉදිරි ගමනට සංචාරකයින් හා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණකි.

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින්, රටේ නිර්මාණශීලී කලා ශිල්පයන් එක මිටකට ගෙන ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව කලාත්මක හා ශක්තිමත් සමාජයකට උරුමකම් කියන බව පසක් කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණදුන් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යන අතරතුර, HSBC Ceylon Literary & Arts Festival රටේ නිර්මාණාත්මක හැකියාව පිළිබඳව  ප්‍රතිමූර්තියක් ලෙස කටයුතු කරයි. කලාකරුවන්, ලේඛකයින්, සංගීතඥයන් සහ චිත්‍රපට නිෂ්පාදකයින් එක් කර ගනිමින් සිදු කරනු ලබන මෙම සංස්කෘතික සැමරුම ශ්‍රී ලාංකේය කුසලතා ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ස්ථපිත කිරීම අරමුණු කරයි. HSBC Ceylon Literary & Arts Festival පිළිබඳ වැඩි විස්තර සඳහා www.ceylonliteraryfestival.com වෙත පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව