HNB SOLO ජංගම දුරකතන යෙදවුම ශ්‍රී ලංකා මහ බැංකුවේ Lanka QR වැඩසටහන සමඟ එක් වෙයි

Image 02 (1)

සිය ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත හා කාර්යක්ෂම මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීමට දරණ උත්සාහය ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද Lanka QR වැඩසටහන සමඟ පසුගියදා සාර්ථකව එක් වූ බව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් Lanka QR ප‍්‍රමිතීන් සක‍්‍රීය කිරීම රට පුරාම QR කේත මත පදනම් වූ ගෙවීම් සඳහා ප‍්‍රවේශය වේගවත් කිරීමට මෙන්ම මෙරට ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත ගෙවීම් කඩිනමින් ව්‍යාප්ත කිරීම සඳහා ශක්තිමත් අඩිතාලමක් ද දමා ඇත

.

‘‘අපගේ ජනප‍්‍රියතම ඩිජිටල් ජංගම පසුම්බිය වන HNB SOLO යෙදවුම භාවිතය වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ මුදල් රහිත ඩිජිටල් ගනුදෙනු සිදු කරන මූල්‍ය ආයතන අතර HNB පසුගිය වසර කිහිපය මුළුල්ලේම ඉදිරියෙන්ම සිටිනවාx සියලූම ඩිජිටල් ගෙවීම් කටයුතු පොදු ප‍්‍රමිතියක් හරහා සිදු කිරීම තුළින් සෑම තරාතිරකම වෙළෙඳ මහතුන්ට සම්පූර්ණ වෙනස් ආකාරයේ විප්ලවීය ගෙවීම් අත්දැකීමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවස්ථාව සලසා දී තිබෙනවා.

 




 

 

‘‘මෙය SOLO භාවිතා කරන වෙළෙඳ මහතුන්ට පහසුවක් මෙන්ම පෙර නොවු විරූ අවස්ථාවක්. ඩිජිටල් ගෙවීම් අවකාශය තුළ නවමු ආදර්ශයක් ඇති කිරීමට හැකි වීම පිළිබඳව මහ බැංකුවට ප‍්‍රශංසා කළ යුතුයි. ඒවගේම ශ්‍රී ලංකාවේ මුදල් රහිත ඩිජිටල් ගෙවීම්වලට නව ආදර්ශයක් එක් කළ මෙම ක‍්‍රමවේදයට අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා.’’ HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

LANKA QR යනු ඕනෑම සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙන්දෙකුට වේගවත්ල ආරක්ෂිත හා අඩු වියදම් ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සැලසීමට මෙරට මූල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත පදනම් කරගත් ගෙවීම් ක‍්‍රමවේදයකි.

ගනුදෙනුකාරභවතුන්ට LANKAQR කේතය උපයෝගී කොටගෙන, එම පහසුකම ඇති බැංකු සහ මූල්‍ය ආයතනවල ඇති තම ගිණුම හරහා, ගනුදෙනු කිරීම සඳහා ලබා දී ඇති ජංගම දුරකතන යෙදුම් භාවිතා කර ව්‍යාපාරවලට සහ සේවා සපයන ආයතනවලට ගෙවීම් කිරීමේ පහසුව සලසා දී ඇත. LANKAQR මුද්‍රිත ලේබල LANKAQR සාමාජික ආයතන විසින් වෙළෙඳ මහතුන් වෙත තම ව්‍යාපාරික ස්ථානයේ ප‍්‍රදර්ශනය කිරීමට නොමිලේ ලබා දෙනු ඇත.

LANKAQR සඳහා සහාය දක්වන HNB SOLO වැනි ඕනෑම ජංගම දුරකතන ගෙවීම් යෙදවුමක් මගින් QR කේතය ස්කෑන් කර ගෙවීම් සිදු කළ හැකි අතර ගෙවීම් ලැබීම තහවුරු කිරීම සඳහා වෙළෙඳ මහතුන්ට ක්ෂණික කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ සමාජ දුරස්ථභාවය අවශ්‍යම මොහොතක HNB SOLO, LANKA QR වැඩසටහන සමඟ එක් වීම QR කේත පදනම් කරගත් ගෙවීම් වෙළෙඳුන් අතර පිළිගැනීම වැඩි කිරීමටත් ඉදිරි සති හා මාස කිහිපය තුළදී HNB SOLO ගනුදෙනුකාර පදනම පුළුල් කිරීමටත් බැංකුව අපේක්ෂා කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව