HNB SOLO අවුරුදු පොළ ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සවියක් වෙමින් LANKAQR ප‍්‍රවර්ධනයට කැපවෙයි

Image 01

 



 

 

ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB, QR කේත පදනම් කරගත් LANKAQR ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කළ HNB SOLO අවුරුදු පොළ පසුගියදා දිවයිනේ ප‍්‍රධාන නගර 8කදී ඉතා සාර්ථකව පැවැත්විණ. එහිදී HNB සමඟ එක්ව සිටින දිවයින පුරා සිටින ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හවුල්කරුවන් සඳහා ද සුවිසල් අවස්ථාවක් හිමි කර දීමට HNB කටයුතු කරනු ලැබුවේ ඔවුන්ගේ ව්‍යාපාර දියුණුවටද සවියක් වෙමිනි.

මුදල් රහිත ගෙවීම් පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට අඛණ්ඩව සහාය දක්වමින් HNB සිය ඩිජිටල් ගෙවීම් විසඳුම වන SOLO භාවිතා කරනු ලබන ගනුදෙනුකරුවන් සඳහා වෙළෙඳ ප‍්‍රදර්ශනයන්හිදී සුවිශේෂී වට්ටම් හිමි කර දීමට ද බැංකුව කටයුතු කරනු ලැබීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පසුගියදා නුගේගොඩ, කොට්ටාව, මීගමුව, හෙට්ටිපොළ, මාතර, නුවරඑළිය, බණ්ඩාරවෙල සහ මඩකලපුව යන නගරයන්හිදී සංවිධානය කරනු ලැබූ මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනයන් වෙත 450කට අධික අලෙවිකරුවන් පිරිසක් එක්ව සිටියහ. එහිදී එළවළු සහ පළතුරු, ආයුර්වේද නිෂ්පාදන, මල්, අත්කම් නිර්මාණ, විදුලි උපකරණ, සම්ප‍්‍රදායික කැවිලි වර්ග මෙන්ම පිත්තල භාණ්ඩ වැනි බොහෝ දේ මිලදී ගැනීමටද පාරිභෝගිකයන් හට අවස්ථාව උදා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB පාරිභෝගික හා කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා ‘‘සම්ප‍්‍රදායික වෙළෙඳ ප‍්‍රදර්ශනයකින් හෝ අලෙවිසැලකින් ඔබ්බට යමින් ව්‍යාපාරිකයින් හට ඔවුන්ගේ සැපයුම් දාම ශක්තිමත් කර ගැනීමේ හැකියාව සහිත ඒ මොහොතේම මුදල් රහිත ගෙවීම් ක‍්‍රමයක් තුළින් භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි සුවිශේෂී වෙළෙඳපොලක් ලෙස අවුරුදු පොළ හැඳින්විය හැකියි. ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයකට හිමිකම් කියන බැංකුවක් ලෙස HNB, LANKAQR මුදල් රහිත ගෙවීම් ක‍්‍රමය ප‍්‍රවර්ධනය කිරීමට මෙන්ම වැඩි වශයෙන් ඩිජිටල් ආර්ථිකයක් සමඟ කටයුතු කිරීම සඳහා මෙම ව්‍යවසායකයින් දිරි ගැන්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා’’ යනුවෙන් පැවසුවේය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව