HNB, PPOD උපදේශන සමාගම සමඟින් එක්ව SMEs සඳහා පවත්වනු ලබන වැඩමුළු මාලාවේ තවත් අදියරක් සාර්ථකව අවසන් වෙයි

Image 02 (LBN)

 



 

 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම සඳහා වන සිය අඛණ්ඩ ගමන් මගේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක‍්‍රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟින් එක්ව පවත්වනු ලබන ධාරිතා සංවර්ධන වැඩමුළු මාලාවේ තවත් අදියරක් පසුගියදා සාර්ථකව අවසන් කළේය.

විශේෂයෙන් ගිණුම්කරණය, මූල්‍ය, මුදල් ප‍්‍රවාහ කළමනාකරණය, ආයෝජන, පොත්තැබීම්, බදු, තොරතුරු තාක්ෂණය සහ එක් එක් කර්මාන්තයට අදාළ වෙනත් විශේෂිත හැකියාවන් වැනි අංශවල SME ව්‍යවසායකයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් මෙම මූල්‍ය සාක්ෂරතා වැඩමුළුවල දෙවන අදියර HNB විසින් සම්පූර්ණ කරන ලදී. අදාල අවබෝධතා ගිවිසුමේ කොටසක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර මෙහෙයුම් ව්‍යාප්ත කිරීම, පහසුකම් වැඩිදියුණු කිරීම, මානව සම්පත් සහ ඵලදායිතා කළමනාකරණය, ආයෝජන සහ ඒකාබද්ධ කිරීම් ඇතුළුව පුළුල් ව්‍යාපාරික සැලැසුමක් නිර්මාණය කිරීමට සහාය වීමට HNB SMEs වෙත ප‍්‍රවේශය ලැබෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ නිෂ්පාදන හා හවුල්කාරීත්ව ප‍්‍රධානී නිලූක ටී. අමරසිංහ මහතා පැවසුවේ ‘‘යම් සමාගමක දියුණුව රඳා පවතින්නේ විශේෂයෙන්ම දෛනික මෙහෙයුම් හරහා වියදම් කළමනාකරණය කිරීම සහ ප‍්‍රශස්ත කිරීමත් ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා ආයෝජන යොමු කිරීමේදී ගන්නා බුද්ධිමත්, තොරතුරු මත තීරණ ගැනීමේ හැකියාව මතයි. විශේෂයෙන්ම වත්මන් ආර්ථික තත්වය අනුව, සියලූම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නිවැරදි හා කාලෝචිත මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමත් ඔවුන්ගේ දිගුකාලීන හැකියාව සුරක්ෂිත කිරීමත් ඉතා වැදගත් වනවා. එබැවින්, අපගේ SMEs පුහුණු කිරීමට, නිවැරදි මග පෙන්වීමට සහ ඔවුන්ට සහාය වීමට මෙන්ම ඔවුන්ව තිරසාර දියුණුවක් කරා රැගෙන යාමට PPOD උපදේශන සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.’’ යනුවෙනි.

‘‘මෙවැනි වැදගත් කටයුත්තකට අපගේ විශේෂඥ දැනුම අඛණ්ඩව ලබා දීමට ලැබීම අප ඇත්තෙන්ම ගෞරවයක් කොට සලකනවා. අපගේ ඉලක්කය වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමටත් ඔවුන්ට දියුණු වීමට සහ නව වෙළෙඳපොලවල් වෙත පිවිසීමට අවශ්‍ය ඔරොත්තු දීමේ හැකියාව තවත් වැඩිදියුණු කිරීමට උපකාර කිරීමයි. අවසාන වශයෙන්, මෙම වැඩමුළු මගින් ඔවුන්ගේම ව්‍යවසායකත්ව මානසිකත්වය සොයා ගැනීමට මග පෙන්වනු ඇති බවටත් ඒවගේම ඔවුන් ව්‍යාපාර මූලධර්ම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව මූල්‍ය සහ කළමනාකරණය පිළිබඳ තීරණ ගනු ඇති බවටත් අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් PPOD හි ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සහ උපදේශන ස්ටීවන් ඒ. පෝල්රාජ් මහතා පැවසුවේය.

මීට පෙර, PPOD, 2022 වසර තුළ HNB SME පාරිභෝගිකයින් සඳහා වැඩමුළු හතරක් පවත්වා ඇත. මෙම වැඩමුළුවලට සහභාගී වන SME පාරිභෝගිකයින්ට තමන්ට කැමති  ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි) ප‍්‍රවේශය විය හැකිය. HNB සමඟ මීට පෙර සාර්ථකව සැසි පවත්වා ඇති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ පුරෝගාමීන් විසින් මෙම වැඩසටහන් පවත්වා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව