HNB, HNBA සමඟින් එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවකයින් වෙනුවෙන් Group Term Policy හඳුන්වා දෙයි

Image 01 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, HNB ඇෂුවරන්ස් (HNBA) සමඟ අත්වැල් බැඳගනිමින් අවම වශයෙන් සේවකයින් 10 දෙනෙකුට අවදානම් ආරක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් Group Term Policy දියත් කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න සහ HNBA ප‍්‍රධාන විධායක නිලධාරීල ලසිත විමලරත්න යන මහත්වරුන් එක්ව සිටියේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි සේවකයින් හට වාර්ෂිකව අලූත් කර ගත හැකි මෙම ප‍්‍රතිපත්ති පැකේජය ඔවුන්ගේ අවශ්‍යතා සහ කැමැත්ත අනුව සකස් කර ගැනීමේ හැකියාව ද ඔවුන් සතුය. සේවකයකුගේ මරණය, පූර්ණ ස්ථාවර ආබාධිත වීම, බරපතල රෝගාබාධ සහ අනෙකුත් සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වැනි අවාසනාවන්ත අවස්ථාවන්හිදී එම පවුල් සඳහා ආවරණයක් ලබා දෙන මෙම ප‍්‍රතිපත්තිය තුළින් සේවකයින් හට ඔවුන්ගේ රෝහල් බිල්පත් දෛනික පදනමින් ගෙවීමේ අරමුදල් සපයා ගැනීමේ අවස්ථාවද උදා කරගත හැකිය. එසේම මරණයකදී පවුල සඳහා සුවිශේෂී වැටුප් ආරක්ෂණ ආවරණයක්ද HNBA විසින් ලබා දෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරී කයිලවාසන් ඉන්ද්‍රවාසන් මහතා පැවසුවේ ‘‘අපගේ ආර්ථිකයේ ප‍්‍රධාන ගාමක බලවේගය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ ඉතා සමීපව කටයුතු කරන බැංකුවක් ලෙස HNBA සමඟ එක්ව හඳුන්වා දෙනු ලැබූ මෙම Group Term Policy එම ව්‍යවසායන්ට ඉමහත් සහනයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා’’ යනුවෙන් පැවසීය.
ඒ සම්බන්ධයෙන් HNBA නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලසිත විමලරත්න මහතා සඳහන් කර සිටියේ ‘‘වත්මන් ආර්ථික තත්වය තුළ සෞඛ්‍ය සේවාවන් සඳහා දැරිය යුතු වියදම් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ආරම්භයේදී සුළු පරිමාණ ව්‍යවසායන්හි සේවකයන් වෙත සෞඛ්‍ය සහතික කිරීමේ වැඩපිළිවෙලක් ලබා දිය යුතුයි. ඒ නිසා විවිධ කර්මාන්ත සමඟ කටයුතු කරන වගකිවයුතු සමාගමක් ලෙස අවශ්‍ය අය සඳහා මෙම සේවාවන් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා’’

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව