HNB FINANCE PLC “Great Place To Work’’ සහතික ලත් සමාගම් අතරට එක්වෙයි

HNB FINANCE PLC achieves Great Place To Work Certification for 2024 - Picture (1) (1) (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය විශිෂ්ටත්වය සනාථ කරමින් සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් අතරට එක්වෙයි. ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත සේවා පරිසරයක් සහිත ව්‍යාපාරයන් හඳුනාගනිමින් එම සමාගම් වාර්ෂිකව ඇගයීම Great Place To Work ශ්‍රේණිගත කිරීම් මගින් සිදු කරන අතර 2024 වසර සඳහාද මෙම ගෞරවනීය පිළිගැනීම හිමිකර ගැනීමට HNB FINANCE සමාගමට හැකි විය.

 



 

ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත Great Place To Work හිදී ව්‍යාපාරික පරිසරය, සේවක අත්දැකීම්, ආයතනික නායකත්වයෙහි ඉදිරි දැක්ම යන සාධකයන් පිළිබඳව ආයතනික  වශයෙන් සේව්‍ය සේවක දෙපාර්ශ්වය අතර වූ අන්‍යෝන්‍ය එකඟතාව හා විශ්වාසය තුළින් එම ව්‍යාපාරයන් අත්පත් කර ගනු ලැබූ ප්‍රගතිය, සේවකයින් එම ව්‍යාපාරයන්හි රැඳී සිටීම සහ නවෝත්පාදන හැකියාවන් වර්ධනය සිදු වූ ආකාරය පිළිබඳව විගණනයකට ලක් කිරීම සිදු කෙරේ.

HNB FINANCE PLC විසින් හිමි කර ගනු ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “මූල්‍ය ආයතනයක් ලෙස අපගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ දක්ෂ සහ දැඩි කැපවීමකින් යුතුව සේවය කරනු ලබන HNB FINANCE පවුලේ සාමාජික සාමාජිකාවන් මතයි. එබැවින් සේවා අත්දැකීම ඉතා යහපත් සහ ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම තුළින් සේවක විශ්වාසය සහ ලැදියාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපට හැකි වී තිබෙනවා. වසර කිහිපයක් පුරා Great Place To Work ලෙස පිළිගැනීමට ලක් වීම මේ සඳහා පෙන්වා දිය හැකි ඉතා ප්‍රශස්තම නිදසුන ලෙස හැඳින්විය හැකියි” යනුවෙන් පැවසීය.

HNB FINANCE PLC ආයතනයේ සියලු සේවා පරිශ්‍රයන් වඩාත් ප්‍රසන්න සහ සේවකයින්ට සතුටින් සේවය කළ හැකි ස්ථානයක් බවට පත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ආයතනය විසින් ගනු ලැබූ එකී ක්‍රියාමාර්ගයන් මෙම සම්මානය තුළින් ඇගයීමට ලක් වී ඇත.

HNB FINANCE සේවා පරිශ්‍රය වඩාත් ප්‍රසන්න ස්ථානයක් බවට පත්කරලීම සඳහා වැඩමුළු සහ දේශන සංවිධානය කරන අතර සේවකයින්ගේ මානසික සුවපත් බව, යහපැවැත්ම, සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වැඩසටහන් සංවිධානය කෙරේ. එමෙන්ම ඔවුන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රාහනයන්හිදී අත්වැලක් සැපයීමට ද සමාගම නිරතුරුව කටයුතු කරන්නේ ඔවුගේ අනාගත ඉලක්කයන් වෙත පියවර තැබීම සඳහා සවිමත් අපේක්ෂාවක් ද එක් කරමින්ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව