HNB FINANCE PLC හි තිරසාර මූල්‍යකරණ වැඩපිළිවෙල යටතේ සණස සාමාජිකයින්ගේ  ගෘහස්ත සූර්ය බලශක්ති  ඉල්ලුමට මූල්‍ය පහසුකම්

Press Photo (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි තිරසාර හා හරිත මූල්‍යකරණ  (Sustainable & Green Financing) සංකල්පය යටතේ සණස සමිතියේ සාමාජිකයින්  සඳහා ගෘහස්ත සූර්ය බලශක්ති කට්ටල මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් සලසා දී ඇත. HNB FINANCE සමාගම මෙම වැඩ පිළිවෙල පළමු වරට අතුරුගිරිය සණස සමිතිය තුළින් ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගෘහස්ත සූර්ය බලශක්ති උපාංග සහ එහි සවිකිරීමේ කටයුතු සඳහා  රුපියල් මිලියන 33ක් අතුරුගිරිය සණස සමිතිය වෙත  ලබා දී ඇත. ඒ අනුව මේ වනවිට HNB Finance මූල්‍ය සහයෝගීතාවය සහ සණස අරමුදල් හරහා කි.වො. 06 ක ධාරිතාවෙන් යුත් සූර්ය බලශක්ති පද්ධති 65 ස්ථාපනය කර ඇත. මෙම වසර අවසන් වනවිට එම ප්‍රමාණය ඒකක 100 දක්වා වර්ධනය කරගැනීම සමිතියේ අපේක්ෂාවයි




මේ පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ මූල්‍ය සේවා සැපයීමේදී එම මූල්‍ය පහසුකම් ලබා දෙන ව්‍යාපෘතීන් වල ස්වභාවය එය සමාජය කෙරෙහි ඇති කරන බලපෑම පිලිබඳව නිරන්තර ඇගයීමක් අපට තිබෙන අතර පරිසර හිතකාමී ව්‍යාපාර සහ වාණිජ ව්‍යාපෘතීන් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මෙහි අනිවාර්ය අංගයක් ලෙස අප සලකනවා. මේ කටයුත්ත වඩාත් විස්තීරණ හා ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යෑම සඳහා Sustainable Financing වැඩසටහනක් ලෙස මෙය දියත් කරන්නට අපට හැකි වුණා. මෙලෙස ආරම්භ කරනු ලැබූ  මෙම ව්‍යාපෘතිය අපගේ සේවා ප්‍රමුඛතාවන්ගේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන අතර තවත් බොහෝ මූල්‍ය ආයතන තිරසාර මූල්‍ය පහසුකම් වෙත නැඹූරු කරවීමේ පියවරක් ලෙසද සඳහන් කරන්න කැමතියි” යනුවෙන් පැවසීය.

 

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව