HNB, CMTA හි වාර්ෂික ආයතනික ලීසිං හවුල්කරුවකු ලෙස එක්වෙයි

Image 01 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියෝජිත ආයතනය වන Ceylon Motor Traders Association (CMTA) හි නිල ලීසිං සහකරුවා ලෙස පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.

HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ CMTA සභාපති චරක පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඇති කරගත් මෙම නව හවුල්කාරීත්වය තුළින් ආයතන දෙක අතර පවතින උපාය මාර්ගික සබඳ තාව මත CMTA සාමාජිකයින් හට HNB හි පුළුල් පරාසයක විහිදුණු ලීසිං පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘වත්මන් ආර්ථික තත්වය මගහරවා ගැනීම සඳහා මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය නව ක‍්‍රියාකාරකම් රැසක් ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා. මෙය එහි එක් වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකියි. මේ වන විට අභියෝගාත්මක කාලයකට මුහුණ දෙමින් සිටියද මෙම හවුල්කාරීත්වය තුළින් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට හැකියාව උදා වනවා’’ යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ CMTA සභාපති චරක පෙරේරා මහතා සඳහන් කර සිටියේ ‘‘නිෂ්පාදනයක කාර්යක්ෂමතාවට බොහෝ විට බලපානු ලබන ප‍්‍රාග්ධන භාණ්ඩයක් ලෙස ප‍්‍රවාහනය සඳහන් කළ හැකියි. තවද රටේ වත්මන් තත්වය අනුව ආනයන තහනම පවතින විටත් කර්මාන්තය මුහුණ දෙන බාධාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට හා ඒවා විසඳීමට මේ ආකාරයේ සහයෝගීතාවයන් තුළින් අත්‍යාවශ්‍ය මැදිහත්වීමක් සිදු කළ හැකියි’’ යනුවෙනි.

1919 වසරේදී පිහිටුවන ලද Ceylon Motor Traders Association යනු ලංකා වාණිජ මණ්ඩලය හා සම්බන්ධ මෙරට මෝටර් රථ කර්මාන්තයේ නියෝජිතයා ලෙස පිළිගනු ලබයි. කලාපයේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන එය තම  නියෝජිතයින් හරහා සියලූ ප‍්‍රධාන ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදකයින් නියෝජනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව