HNB CBSL හි LANKAQR දිරිගැන්වීමේ තවත් වැඩසටහනක් සමඟින් මහරගමට

Image 02- Premasara

ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝගාමී ‘රට පුරාම LankaQR’ වැඩසටහන සඳහා සිය සහයෝගය පුළුල් කරමින් මහරගම ප‍්‍රදේශයේ වෙළෙඳුන් අතර එම වැඩසටහන ප‍්‍රචලිත කිරීම සඳහා ප‍්‍රවර්ධනයක් පසුගියදා දියත් කළේය.

මහරගම HNB පාරිභෝගික ඒකකයේදී පවත්වන ලද මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා සහභාගී වූ අතර HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB හි ප‍්‍රධාන තාක්ෂණික හා ඩිජිටල් නිලධාරී, රොහාන් බුල්ජන්ස්, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී – නිරිත, මහින්ද සෙනෙවිරත්න සහ මහරගම HNB පාරිභෝගික ඒකකයේ කළමනාකාර, කුමුදු ලියනගේ යන මහත්වරුන් ඇතුළු CBSL හා HNB හි ඉහළ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා පැවසුවේ ‘‘කලාපයේ අනෙකුත් ආර්ථිකයන් සමඟ සන්සන්ඳනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබලගැන්විය යුතු අංශ බොහොමයක් තිබෙනවා. කෙසේවෙතත් කොවිඞ්-19 වසංගතයේ ආරම්භයේ සිට ඩිජිටල් ගෙවීමේ විසඳුම්වල පෙර නොවූ විරූ වර්ධනයක් අපට දකින්නට ලැබුණා.’’ යනුවෙනි.

‘’LANKAQR හරහා ගෙවීම් කටයුතු සඳහා පොදු ප‍්‍රමිතියක් හඳුන්වා දීම සියලූම ශ්‍රී ලාංකිකයින්ට මුදල් රහිත ගෙවීම් සිදු කිරීම සඳහා ප‍්‍රවේශය ලබා දෙන පැහැදිලි සලකුණක් ලෙස හැඳින්වීමට පුළුවන්. එබැවින් මෙම ජාතික කර්තව්‍යයට පූර්ණ සහයෝගය ලබා දීම පිළිබඳව අප HNB හට කෘතඥ වනවා. එමෙන්ම වෙළෙඳුන් හා ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවකට QR කේත පදනම් කරගත් ගෙවීම් ඔවුන්ගේ ප‍්‍රියතම ගනුදෙනු ක‍්‍රමවේදයක් ලෙස භාවිතා කිරීමට ඔවුන්ව දිරිමත් කිරීම සඳහා HNB සහ සමස්ත බැංකු ක්ෂේත‍්‍රය සමඟ ඉදිරියේදී අප කටයතු කිරීමට බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 




 

 

මෙම උත්සවයට සමගාමීව මහරගම ප‍්‍රදේශයේ වෙළෙඳුන් කිහිප දෙනෙකුට ගනුදෙනු කටයුතු කිරීම සඳහා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා විසින් LANKAQR කේත ලබා දෙන ලදී. එම කලාපයේ HNB පාරිභෝගික ඒකක කණ්ඩායම් ද HNB SOLO තුලින් සිදු කළ හැකි මුදල් රහිත හා කායික සබඳතාවලින් තොර ගෙවීම් කිරීමේ විකල්ප පිළිබඳව ප‍්‍රදේශයේ වෙළෙඳ මහතුන් දැනුවත් කළහ.

HNB හි ප‍්‍රධානතම ඩිජිටල් ගෙවීම් විසඳුම වන SOLO 2019 වසරේදී හදුන්වා දුන් අතර එමගින් දැරිය හැකි, පහසු මිලකට හා පහසුවෙන් භාවිතා කළ හැකි QR කේත හරහා ඩිජිටල් ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව ලබා දෙයි. එමෙන්ම එය දැනට වෙළෙඳපොළේ ඇති අනෙකුත් ඩිජිටල් ගෙවීමේ විසඳුම් සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලාභදායී විකල්පයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

HNB SOLO, දැනටමත් LANKAQR වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත QR කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්‍යාප්ත කිරීමේ ප‍්‍රයත්නයට අනෙකුත් බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වී සිටී.

LANKAQR යනු ඕනෑම සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙන්දෙකුට වේගවත්, ආරක්ෂිත හා අඩු වියදම් ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සැලසීමට මෙරට මූල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත පදනම් කරගත් ගෙවීම් ක‍්‍රමවේදයකි. පරිශීලකයින්ට SOLO භාවිතා කර QR කේතය ස්කෑන් කිරීමෙන් ගෙවීම් සිදු කළ හැකි අතර ගෙවීම් ලැබීම තහවුරු කිරීම සඳහා වෙළෙඳ මහතුන්ට ක්ෂණික කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

SOLO හි පරිශීලක අතුරු මුහුණත සඳහා නිරන්තරයෙන් අලූත්කිරීම් සිදු කරමින් යෙදවුමේ විශේෂාංග හා ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට HNB අඛණ්ඩව කටයුතු කිරීම මගින් ගනුදෙනුකරුවන්ට භාවිතයට පහසු හා නම්‍යශීලී QR පදනම් කරගත් ගෙවීම් අත්විඳීමට හැකියාව ලැබේ. මීට අමතරව වීසා, මාස්ටර්ස් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඞ්පත් ඇතුළු JustPay ගෙවීමේ විකල්පයට සම්බන්ධ  ඕනෑම බැංකු ගිණුමකට අදාලව සිදු කළ සියලූ ගෙවීම් තොරතුරු ඩිජිටල් ලෙස ගබඩා කිරීමේ විකල්පයක් ද SOLO යෙදවුම සතුව ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව