HNB, 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන උළෙලේදී හොඳම ප‍්‍රචාරක සහකරු ලෙස පිළිගැනීමට ලක් වෙයි

Image 01 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට තුළ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් සහකරු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පසුගියදා පිළිගැනීමට ලක් කළේය.

මෙහිදී 2023 වාර්ෂික Daraz ගෙවීම් සහකරු කාර්යසාධන සම්මාන උළෙලේදී කාඞ්පත් පදනම් කරගත් හොඳම ප‍්‍රචාරක සහකරු ලෙස HNB සම්මාන හිමිකර ගත්තේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කාඞ්පත් ප‍්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය සඳහන් කර සිටියේ ‘‘වසංගතයේ ආරම්භයත් සමඟ ශ‍්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වූ සුවිශේෂී ඩිජිටල් පරිවර්තන පසුබිම තුළ අපගේ ගනුදෙනුකාරභවතුන්ට බාධාවකින් තොරව වැඩකටයුතු කර ගැනීමේ හැකියාව සහතික කිරීම වෙනුවෙන් HNB වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. Daraz වෙතින් හිමි වූ මෙම අඛණ්ඩ පිළිගැනීම තුළින් අපගේ උත්සාහයේ සාර්ථකත්වය මනාව ප‍්‍රදර්ශනය වනවා. සෑම සම්මානයක් වෙනුවෙන්ම පාරිභෝගික තෘප්තිමත් බව අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස හඳුනාගෙන ඇති අපගේ කණ්ඩායම ඒ වෙනුවෙන් කැප වෙමින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහතික කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරනු ලැබුවා. ගනුදෙනු පමණක් නොව අත්දැකීම් ලෙසත් ඩිජිටල් සේවාව සලකනු ලබන HNB අපගේ පොරොන්දුව වන්නේ ඩිජිටල් ගෙවීම් විසඳුම්හි නව කඩඉමක් සනිටුහන් කරමින් ගනුදෙනුකරුවන් හට බාධාවකින් තොරව ප‍්‍රතිලාභ ගෙන එන අත්දැකීමක් නිර්මාණය කිරීමයි.’’ යනුවෙනි.

මෙම සම්මානයට අමතරව HNB 2021 හා 2022 වසරවල දීද ‘වඩාත් පරිපූර්ණ වර්ධනයක් සහිත කාඞ්පත් පදනම’ සහිත බැංකුව (The best all-round growth) ලෙසද Daraz වෙතින් පිළිගැනීමට ලක් විය.

එපමණක් නොව, HNB කාඞ්පත් හිමියන්ට HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් සඳහා ආකර්ෂණීය වට්ටම් සහිතව මාස 12ක් දක්වා පොළී රහිත පහසු වාරික ගෙවීමේ සැලසුම් ඇතුළුව Daraz වෙතින් විවිධ ප‍්‍රතිලාභ භුක්ති විඳිය හැකිය. Daraz වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී සෙනසුරාදා දිනයන්හිදී HNB ක්‍රෙඩිට් කාඞ්පත් සඳහාද ඉරිදා දිනයන්හිදී HNB ඩෙබිට් කාඞ්පත් සඳහාද 10%ක මිල අඩු කිරීමක් හිමි වීමද විශේෂත්වයකි. එසේම HNB, 11.11 සහ Black Friday වැනි විශේෂ අවස්ථාවන්හිදී සිය කාඞ්පත් හිමියන් සඳහා දැවැන්ත වට්ටම් පිරිනැමීමට ද Daraz සමඟ අත්වැල් බැඳ ගෙන සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව