HNB සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා අසමසම ලීසිං දීමනා

HNB INdraTraders

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලියාපදිංචි කළ හා නොකළ රථවාහන සහ අධිශීතකරණ රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දීමට මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ  අත්වැල් බැඳ ගත්තේය.

2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ වට්ටම් අත්විඳිය හැක. දෙපාර්ශවය අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳ නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව HNB හි ප‍්‍රධාන කාර්යාලයේදී පැවති අතර HNB හි විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා ”ආනයන සීමා නිසා ලියාපදිංචි කළ, නොකළ වාහන වෙළෙඳපොළ වෙනස් වෙමින් ඉදිරියට ගොස් තිබෙනවා. සෑම වසරකම අපි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වෙළෙඳපොලේ හොඳම ප‍්‍රතිලාභ ලබා දෙනවා. ඒ නිසාම වාහන සිහිනය යථාර්තයක් කර ගැනීමට වෙර දරන්නන්ට අලෙවියෙන් පසු ඉහළම පාරිභෝගික සේවාවක් සහ ඉහළ වට්ටම් ලබා දීම සඳහා අපි ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අපගේ හවුල්කාරීත්වය නැවත් අලූත් කරනු ලැබුවා.” යනුවෙන් පැවසුවේය.

මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට තමාගේ ආදායමට සරිලන පරිදි වාරිකය සකස්කර ගැනීමේ හැකියාව (Structured Leases) ඇති සහ සාමාන්‍ය ලීසිං පහසුකම් සඳහා ලීසිං වටිනාකමින් 25%ක අවශේෂ වටිනාකමක් HNB විසින් දැනට පවත්නා පොළී අනුපාතය ලබා දෙනු ඇත. එමෙන්ම, ලීසිං ගනුදෙනුකාරභවතුන්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

”අපගේ අන්‍යෝන්‍ය පාරිභෝගික පදනමට ආකර්ෂණීය ලීසිං විසඳුම් සහ විශිෂ්ට ප‍්‍රතිලාභ පිරිනැමීමට නැවතත් HNB සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. HNB සමඟ වන අපගේ අඛණ්ඩ හවුල්කාරීත්වය ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා බව අපට පෙනෙන්නට තිබෙන අතර තමන්ගේම වාහනයක් මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීමට මෙම අවස්ථාව නැවතත් ප‍්‍රයෝජනයට ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා මහතා පැවසුවේය.

ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි නොකළ කාර්, වෑන් සහ අධිශීතකරණ රථ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට පළමු වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වෙතින් නොමිලේ රක්ෂණයක් ලබා දෙනු ඇත. තවද HNB පාරිභෝගිකයින්ට පළමු වසර සඳහා Indra Motor Spares වෙතින් අමතර කොටස් සහ Indra Service Park වෙතින් කම්කරු ගාස්තු සඳහා 10% දක්වා වට්ටම් හිමි කර ගත හැකි වේ.

ලියාපදිංචි කළ හෝ නොකළ මගී වාහන සඳහා ආයෝජනය කරන පාරිභෝගික භවතුන්ට ඔවුන්ගේ වාහන සඳහා විනෝදාස්වාද පද්ධතියක් හා රිවර්ස් කැමරාවක් නොමිලේ හිමි කර දීම ද මෙහි ඇති විශේෂත්වයකි. ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් පාරිභෝගිකයින්ට එන්ජින් සහ ගියර් බොක්ස් සඳහා වසර දෙකක වගකීමක් සහ හයිබි‍්‍රඞ් බැටරි සඳහා වසර තුනක වගකීමක් ද ලබා දෙනු ඇත.

1975 දී පිහිටුවන ලද ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් රථ වාහන ක්ෂේත‍්‍රය තුළ විවිධ ව්‍යාපාරික අංශ වෙත විවිධාංගීකරණය වී ඇත. උසස් තත්වයේ මෝටර් වාහන හා ඒ ආශ‍්‍රිත සේවා සපයන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් අද වන විට උසස් තත්වයේ වාහන සපයන්නෙකු පමණක් නොව ප‍්‍රවාහන විසඳුම් සපයන්නෙකු ද වේ.

පාරිභෝගික මධ්‍යස්ථාන 256ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත. එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව පස්වරක් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලද අතර 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස ද HNB සම්මානයට පාත‍්‍ර විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව