HNB පිළියන්දල පාරිභෝගික මධ්‍යස්ථානය නව නිවහනකට පිවිසෙයි

hnb-piliyandala

 

පිළියන්දල නගරයේ වැඩි වන ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය පිළියන්දල පාරිභෝගික මධ්‍යස්ථානය අංක 92/A, මොරටුව පාර, පිළියන්දල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී.

සතියේ සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ව්‍යාපාර සඳහා විවෘතව පවතින බැංකුවේ ඉඩ පහසුකම් සපිරි නව පරිශ‍්‍රය සියලූම ආකාරයේ බැංකු පහසුකම්වලින් සමන්විත වන අතර HNB හි ප‍්‍රමුඛතම බැංකු උපදේශන සේවාවක් වන Priority Circle Unit (ප‍්‍රමුඛතා බැංකු ඒකකය) එකකින් ද නව පාරිභෝගික මධ්‍යස්ථානය සමන්විත වෙයි. පිළියන්දල නගරය හා ඒ අවට සිටින ගනුදෙනුකාරභවතුන්ට බැංකු සේවාවන් පිළිබඳව නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කිරීමේ අරමුණින් මෙම නවීනතම පාරිභෝගික මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත.

නව පාරිභෝගික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට HNB හි විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ, ආරාධිත අමුත්තා ලෙස සපැමිණි කැස්බෑව ප‍්‍රාදේශීය ලේකම්, කේ. පී. පේමදාස යන මහත්වරුන් හා HNB හි ජාල කළමනාකරණය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී, විනෝද් ප‍්‍රනාන්දු මහතා ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

නව පාරිභෝගික මධ්‍යස්ථානයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින්, HNB හි විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ මහතා ප‍්‍රදේශයේ ව්‍යාපාරික හා ගනුදෙනුකාරභවතුන් සමඟ බැංකුව ගොඩනගා ගෙන ඇති විශේෂ සම්බන්ධතාවය පිළිබඳව විස්තර කළේය.

‘‘පිළියන්දල ජනතාවගේ සිහින සැබෑ කිරීමට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයක්. ඩිජිටල් හා ප‍්‍රමුඛතා බැංකු මධ්‍යස්ථානයක් ලෙස පූර්ණ පහසුකම්වලින් සමන්විත මෙම නව ගොඩනැගිල්ල අනාගතය සඳහා වූ අපගේ කැපවීම පිළිබඳ සාක්ෂි දරන බවට කිසිඳු සැකයක් නෑ.’’ යනුවෙන් ඔහු පැවසුවේය.

HNB Payfast, HNB MOMO, HNB Solo, HNB AppiGo වැනි ඩිජිටල් වේදිකා සහ විවිධාකාර ඩිජිටල් පහසුකම් සහිත ගෙවීම් වේදිකා හරහා HNB ප‍්‍රදේශය තුළ සිය බැංකු සේවාවන් ශක්තිමත් කරමින් දියුණු වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට පහසු හා ඩිජිටල් ලෙස වැඩිදියුණු කළ බැංකු සේවා සපයයි.

 

HNB හි විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ මහතා ප‍්‍රසාද් ටෙක්ස්ටයිල්ස් හිමිකරු, සරත් ධර්මසිරි මහතා අතින් පළමු තැන්පතුව භාර ගනිමින්. පිළියන්දල HNB පාරිභෝගික මධ්‍යස්ථානයේ කළමනාකාර, චමින්ද සුදආරච්චි යන මහතා ද ඡායාරූපයේ වෙයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව