HCL Technologies ශ්‍රී ලංකාවේ සිය පළමු වසර සමරයි දේශීය කාර්යමණ්ඩලය 1000 සීමාව ද ඉක්මවයි

Srimathi-Shivashankar-Corporate-Vice-President-HCL-Technologies

 




 

 

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන HCL Technologies ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිදාරීන් මෙන්ම ක්ශේත්‍රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමග එහි දේශීය සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යෑමේ සන්ධිශ්ඨානය සනිටුහන් කරන ලදි.

ලෝකයේ විශාලතම සමාගම් කිහිපයක් වෙනුවෙන් තාක්ෂණික වැඩසටහන්/ක්‍රමවේදයන් සම්පාදනය කරමින් මෙරට  සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත්කිරීමේ අරමුණින් 2020 දී ශ්‍රී ලංකාවට සේන්දු විය. සමාගම දැන් සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය කොලඹ Orion City හී ස්ථාපනය කර ඇති අතර, එතැනින් නොනැවතී තවදුරටත් ව්‍යාප්ත වෙමින් සිය නවීනතම පන්නයේ කාර්යාලයක් කොළඹ නගරයේ Cinnamon Life හී ද ස්ථාපනය කිරීමට යෙදී තිබේ.

මෙරට තුළ සිය වසරක මෙහෙයුම් අතරතුර, නව හැකියාවන් ඔප්නැංවීමට සහ ආකර්ෂණය පිණිස HCL  විසින් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන ලදි. තාක්ෂණික මෙන්ම, තාක්ෂණික නොවන විෂය ධාරා ඔස්සේ වසර 3ක හෝ වසර 4ක අධ්‍යයන කාලයන් නිමකළ තරුණ උපාධිධාරීන් වෙත HCL Sri Lanka විසින් මෘදුකාංග ඉංජිනේරුවන් හෝ තොරතුරු තාක්ෂණික විශ්ලේෂකයන් ලෙසින් තමන් හා එක්වීමේ අවස්ථාව සලසා දෙනු ලැබීය. මෙම වසර මුල, සමාගම විසින් එහි මුල් වෘත්තීය වැඩසටහන වන HCL TechBee හඳුන්වාදුන් අතර, උසස් පෙළ සිසුන් හට සිය වෘත්තීය ගමන්මග සකසාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන හොරයිසන් කැම්පස් වෙතින් උසස් අධ්‍යාපනය හිමිකරගැනීමට එමගින් අවස්ථාව සලසා දෙයි. මෙම වැඩසටහනට අමතරව HCL Sri Lanka විසින් ඩිජිටල් යෙදුම් සහ යටිතල කළමනාකරණය වෙනුවෙන් අත්දැකීම් සහිත වෘත්තිකයන් සේවයේ යෙදවූ අතර සිය බඳවාගැනීමේ ප්‍රයත්නයන් පෙරට රැගෙන යමින් මාර්ගගත සම්මන්ත්‍රණ සහ වැඩසටහන් පැවැත්වීම හරහා කුසලතාවන් සමග ක්‍රියාකාරීව සම්බන්ධ විය.

HCL Technologies හී ප්‍රධාන මානව සම්පත් නිලධාරී අප්පාරාඕ VV, මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ‘ශ්‍රී ලංකාවේ අප සාර්ථක පළමු වසර සැමරීමට හැකිවීම ගැන අප මහත් සතුටට පත්වෙනවා’ යි පවසන ලදි. තවදුරටත් අදහස් දක්වමින් ‘ රටේ සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව අපි සුබවාදීව බලාසිටින අතර දේශීය ප්‍රජාව වෙත ගෝලීය වශයෙන් වැඩි අවස්ථා ප්‍රමානයක් උදාකරදීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ, දක්ෂතාවලින් පිරිපුන් මෙන්ම ලෝක මට්ටමේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සිටිනවා. අපගේ Global 2000 සේවාදායකයන්ට මෙන්ම ලෝකය පුරා පිහිටා සිටින හවුල්කරුවන්ට අඛණ්ඩව සහ වර්ධනය වන භූමිකාවක් සමගින් සේවා සැපයීම පිණිස මෙහි සිටින අප HCL පවුලේ සාමාජිකයන්ට හැකිවන බව නිසැකයි’

‘අප ශ්‍රී ලංකාවට පැමිණීමේ පළමු සංවත්සරය යෙදෙන විට HCL Sri Lanka හි දේශීය සේවකයන් 1000කට වැඩි පිරිසක් සේවයේ යෙදවීමට හැකිවීම ගැන අප අතිශයින් ආඩම්භරයට පත්වෙනවා’ යි පවසන HCL Technologies හී ආයතනික උප සභාපතිනී ශ්‍රීමතී ශිවශංකර් ‘රට තුළ අපගේ පදනම ශක්තිමත් කරගැනීම වෙනුවෙන් අඛණ්ඩව සහය දක්වන අයෝජන මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකාවේ රජයටත් අපි අතිශයින් කෘතඥවෙනවා’යි පැවසුවාය.

 

 

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව