
පෙර SmithKline Beecham Private Limited යන නමින් හදුන්වන ලද දැන් ප්‍රමුඛ පාරිභෝගික සෞඛ්‍ය සමාගමක් වන Haleon Lanka සමාගම, , 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ නිල අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගිය මාර්තු 4 වන දින පැවති උත්සවයකදී අත්සන් තබන ලදී.
සෑම වසරකම මාර්තු 20 වන දින සමරනු ලබන ලෝක මුඛ සෞඛ්‍ය දින මෙවර තේමාව වන්නේ “ප්‍රීතිමත් මුඛයක් යනු ප්‍රීතිමත් ජීවිතයකි” යන්නයි. ජීවිතයේ සෑම පියවරකදීම සමස්ත යහපැවැත්ම සඳහා මුඛ සෞඛ්‍යය ඉටු කරන අත්‍යවශ්‍ය කාර්යභාරය මෙම තේමාව තුළින් ඉස්මතු කරයි.
මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වූයේ, ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීමේ සාම්ප්‍රදායික ක්‍රමයේ වෙනසක් ඇති කිරීම වන අතර, මෙම ගිවිසුම මඟින් “#BeSensitiveTooralHealth: Take the first step” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දියත් කිරීමට ද කටයුතු යොදා ඇත. මෙම සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාව පුරා මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමටත්, දන්ත සත්කාර සඳහා ඇති අවස්ථාවන් පුළුල් කිරීම සඳහාත් දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වේ.
මෙම වැඩසටහන් මාලාවට අදාළව, කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ප්‍රධාන උත්සවය ඇතුළුව, දිවයින පුරා පවත්වන වැඩසටහන් මගින් නොමිලේ දන්ත පරීක්ෂණ පවත්වනු ලබන අතර, එමඟින් මුඛ සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය, දන්ත සංවේදීතා පරීක්ෂාවන් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් 10,000කට වැඩි පිරිසකට මෙමඟින් ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගුණාත්මක දන්ත ප්‍රතිකාර සැමට වඩාත් පහසුවෙන් ලබා දීම සඳහා SLDA සාමාජිකයින් දිවයින පුරා ක්‍රියාකාරීව මෙම වැඩසටහන්වලට සහභාගී වීමට නියමිතය.
සාම්ප්‍රදායික සහ ඩිජිටල් මාධ්‍යයන් හරහා ජනතාව දැනුවත් කිරීමේ ශක්තිමත් ප්‍රචාරණ වැඩපිළිවෙළකින් ද මෙම සහයෝගීතාව සමන්විතය. දැනුවත්භාවය සහ මුඛ සෞඛ්‍ය සේවා සඳහා අවස්ථාවන් ලබා දීම යන අරමුණ පුළුල් කිරීම මුල් කරගත් මෙම ජාතික වැඩසටහන් මාලාව තුළින්, ජනතාවට වඩා හොඳ දෛනික දන්ත සෞඛ්‍යයක් ලබා දීමේ Haleon අරමුණ ද ශක්තිමත් කරයි.
1956 දී දේශීය නිෂ්පාදනය ආරම්භ කළ Haleon Sri Lanka, Sensodyne, Panadol, Iodex, සහ ENO ඇතුළු විශ්වසනීය සන්නාම රැසක් හරහා වඩාත් හොඳ දෛනික සෞඛ්‍යයක් ලාංකිකයන්ට ලබා දීම අඛණ්ඩව කටයුතු කරයි.


