Grindlays Regency ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Grindlays Regency Hotel (LBN)

Grindlays Regency පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සේවා අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. Grindlays Regency සමාගමේ සභාපති දර්ශන ලියනසේකර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා ඔයට යාබදව අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Grindlays Regency විශිෂ්ට සහ ගුණාත්මක සේවාවක් සපයන මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටලයකි. සුඛෝපභෝගී පහසුකම්වලින් සහ පළපුරුදු කාර්යය මණ්ඩලයකින් සමන්විත Grindlays Regency හෝටලය අමුත්තන්ගේ අවශ්‍යතා මැනවින් හදුනා ගෙන ඔවුන්ට ආකර්ෂණීය අත්දැකීමක් සපයයි.

Grindlays Regency හෝටලයේ ඇති Standard, Deluxe සහ Suite යන වර්ග තුනට අයත් සුඛෝපභෝගී කාමර අමුත්තන්ට සුව පහසු අත්දැකීමක් ලැබෙන අයුරින් සැළැසුම් කර ඇත. Sapphire සහ Crystal බෝල්රූම්ස්, සම්මන්ත්‍රණ ශාලා, රූෆ්ටොප්, ආපන ශාලා, අලංකාර උද්‍යානය, පිහිනුම් තටාකය සහ මත්පැන්හල හෝටලය සතු අනෙකුත් පහසුකම් අතර වේ. දේශීය සහ විදේශීය අමුත්තන්ට සේවා සපයන Grindlays Regency හෝටලය අමුත්තන්ගේ පහසුව පිණිස ගුවන්තොටුපොළේ සිට හෝටලය දක්වාත්, හෝටලයේ සිට ගුවන්තොටුපොළ දක්වාත් ප්‍රවාහන පහසුකම් සපයයි. Grindlays Regency හෝටලය වර්තමානයේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවට රැකියා රැසක් සපයා ඇත. දේශීය ව්‍යවසායකයන්ට සහ ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයන්ට අතහිත දීමේ අරමුණෙන් හෝටල් පරිශ්‍රය තුළ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමටත්, සේවා සැපැයීමටත් අවස්ථාව දී තිබීම සුවිශේෂ වේ. හෝටල් ක්ෂේත්‍රයේ නවකයන් වෙනුවෙන් ආගන්තුක සත්කාර වැඩමුළු, වෘත්තීය අධ්‍යාපන සැසි සහ ප්‍රයෝගික අත්දැකීම් ලැබිය හැකි වැඩමුළුද සංවිධානය කරයි. Booking.com පිරිනමන පාරිභෝගික ඇගැයීම් සම්මානය (2020) ඇතුළු සම්මාන රැසක් දිනා ඇති Grindlays Regency හෝටලයේ නිර්මාතෘ ලියනසේකර මහතා 2019දී සබරගමුව පළාතේ හෝටල් සහ සංචාරක අංශයේ විශිෂ්ටම ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබුවේය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව