Grand Leisure Care & Wellness Resort වෙතින් වැඩිහිටියන්ට සුව පහසු දිවියක අත්දැකීමක්

A (LBN)

මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාර සහ සුවතා මධ්‍යස්ථානය වන මීගමුව Grand Leisure Care & Wellness Resort (www.grandleisure.lk) සුව පහසුව, වෘත්තීමය රැකවරණය සමග නිවාඩු නිකේතනයක දිවි ගෙවීම හා සමාන අත්දැකීමක් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට හඳුන්වා දෙයි. Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ වන ජ්‍යෙෂ්ට පුරවැසියන්ට 40%ක සුවිශේෂ වට්ටමක්ද හඳුන්වා දී තිබේ. ගෞරවය සහ සතුට පිරුණු ජීවිතයක් ගත කිරීමට ජ්‍යෙෂ්ට පුරවැසියන්ට අවකාශය සළසන Grand Leisure Care & Wellness Resort පැය 24 පුරා ක්‍රියාත්මක වන වෛද්‍ය රැකවරණය, පුද්ගලාරෝපිත සුවතා වැඩසටහන්, භෞත චිකිත්සක පහසුකම්, පුනරුත්ථාපන වැඩසටහන් ඇතුළු සේවා රැසක් පවත්වා ගෙන යයි. රැකියාව, පවුලේ කටයුතු, සංචාරක අවශ්‍යතා හෝ වෙනත් වගකීම් සමග කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඕනෑම අයෙකුට ඔවුන්ගේ පවුල්වල ජ්‍යෙෂ්ට පුරවැසියන් කෙටි කාලයකට හෝ දීර්ඝ කාලයකට Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ කළ හැකිය. එහිදී ඔවුන්ට රැකවරණය, ආරක්ෂාව, සෙනෙහස පිරුණු ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ.

සාම්ප්‍රදායික වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන සංකල්පයෙන් ඔබ්බට යමින් සුඛෝපභෝගී හෝටලයක් හා සමානව නිර්මාණය කර ඇති Grand Leisure Care & Wellness Resort ඉඩ සහිත කාමරවලින්, ප්‍රණීත ආහාර පානවලින්, පිහිනුම් තටාකයකින්, අලංකාර ගෙවත්තකින් සහ අනෙකුත් සියලු පහසුකම්වලින් සමන්විත වේ. සියලු පහසුකම් සහිත පැකේජයක් සඳහා ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 110,000කි (ආසන්න වශයෙන් ඩොලර් 360කි). එය විදේශීය වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන අය කරන ගාස්තුවට වඩා බොහෝ පහළ අගයකි. දෛනික ගාස්තු ක්‍රමයක්ද ක්‍රියාත්මක වේ. එහි නවාතැන් ගන්නා ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ඔවුන්ගේ ආදරණීයයන් සමග නවාතැන් ගැනීමට පහසුකම් සළසා ඇත. ඔවුන්ටද  සුඛෝපභෝගී හෝටලයක ඇති සියලු පහසුකම් අත්විඳිය හැකිය. “තමන්ගේ කටයුතුවල නියැලීමට අවශ්‍ය නිදහස දෙමින් පහසුව, ගෞරවය, සහ සතුට පිරුණු පරිසරයක ජීවත් වීමට ඉඩ ලැබීම ජ්‍යෙෂ්ට පුරවැසියන් ලබන විශාල ජයග්‍රහණයක්.” Grand Leisure Care & Wellness Resortහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව