Grand Leisure Care and Wellness Resort 40%ක සුවිශේෂ වට්ටමක් සහිතව මීගමුවේදී විවෘත වේ

B

ජ්‍යෙෂ්ට පුරවැසියන්, සුවය ලබමින් සිටින රෝගීන්, සුව පහසු රැකවරණයක් බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා වෙන් වූ මෙරට පළමු සුවතා මධ්‍යස්ථානය වන Grand Leisure Care and Wellness Resort අංක 7, පළඟතුරේ නැගෙනහිර, කොච්චිකඩේ, මීගමුව ලිපිනයේදී විවෘත විය. ආගන්තුක සත්කාර, සෞඛ්‍යාරක්ෂාව, මානසික සුවතාව වෙනුවෙන් කැප වූ එම ආයතනයට දැනටමත් ඇත්තේ විශාල ඉල්ලුමකි. “මෙය හුදෙක් වැඩිහිටි නිවාසයක් නොවෙයි; වෘත්තීය මට්ටමේ රැකවරණයක් සමග අභිමානය, නිදහස සහ සතුට පිරුණු පරිසරයක සුව පහසු ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන ජ්‍යෙෂ්ට පුරවැසියන් සඳහාම වෙන් වූ පාරාදීසයක්.” එහි ප්‍රකාශකයෙක් පැවසීය.
 



 

Grand Leisure Care and Wellness Resort

එකිනෙකට වෙනස් අවශ්‍යතා සහ මූල්‍ය හැකියාවලට ගැළපෙන පරිදි නවාතැන් කාණ්ඩ රැසක් හඳුන්වා දී ඇත. තනිව හෝ පවුලේ සාමාජිකයන් සමග නිදහසේ ජීවත් වීමට බලාපොරොත්තු වන ජ්‍යෙෂ්ට පුරවැසියන් හෝ යුවල සඳහා ගැළපෙන විශාල ප්‍රමාණයේ පෞද්ගලික ඒකක, තනි කාමර, දෙදෙනෙකුට නවාතැන් ගත හැකි කාමර, කිහිප දෙනෙකුට නවාතැන් ගත හැකි ඒකක ඒ අතර වේ. වායුසමීකරණ, ස්මාට් රූපවාහිනී, වයි ෆයි, අභ්‍යන්තර නාන කාමර සහ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකතන පද්ධති ඇතුළු පහසුකම් සමග සුව පහසු ජීවිතයක් අත්විඳිය හැකිය. අවශ්‍ය නම් වෛද්‍ය ඇඳන් සහ පැය 24 පුරා ක්‍රියාත්මක වෛද්‍ය සේවාද ගත හැකිය. නවාතැන්, ආහාර පාන, සුවතා පරීක්ෂණ, පෞද්ගලික රැකවරණය වැනි සියලු පහසුකම්වලින් සමන්විත සම්පූර්ණ පැකේජයක් සඳහා ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 95,000ක් (ආසන්න වශයෙන් ඩොලර් 315ක්) පමණ වේ. දෛනික සුවතා පරීක්ෂණ, නිදන්ගත රෝග කළමනාකරණය, වෛද්‍ය ප්‍රතිකාර සහාය, පෝෂණ සැළැසුම්, ආධ්‍යාත්මික, විනෝදාත්මක සහ ව්‍යායාම වැඩසටහන් වැනි සේවා සැපයීමට හෙද නිලධාරීහු, සුවතා වෘත්තිකයෝ සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ කැප වීමෙන් කටයුතු කරති. පවුලේ සාමාජිකයන් සමග නවාතැන් ගැනීමේ පහසුකම් ඇති නිසා ආදරණීයයන් සමග කාලය ගත කිරීමට ජ්‍යෙෂ්ට පුරවැසියන්ට හැකිය. සම්පූර්ණ පැකේජය සඳහා ජ්‍යෙෂ්ට පුරවැසියන්ට සහ විශ්‍රාමිකයන්ට 40%ක සුවිශේෂ වට්ටමක්ද හඳුන්වා දී ඇත. +94713010101, +94312210010, info@grandleisure.lk, www.grandleisure.lk හරහා වැඩි විස්තර ගත හැකිය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව