Global Air Connection සමාගම BWIO සේවා විශිෂ්ටතා සම්මාන දිනයි

Global Air Connection IMAGE - 1 (LBN)

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ අනුමැතිය ලද ප්‍රමුඛ පෙළේ ගමනාන්ත කළමනාකරණ සමාගමක් (DMC) වන Global Air Connection පෞද්ගලික සමාගම Business World International සම්මාන උළෙලේදී සංචාරක අංශයේ සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහමඩ් සාදිකීන් මොහමඩ් සෆ්රාන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට අමාත්‍යවරු, තානාපතිවරු සහ කළාකරුවෝ රැසක් සහභාගී වූහ. 2015දී ඇරැඹූ Global Air Connection සමාගම වීසා උපදේශනය, ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම, හෝටල් වෙන් කිරීම, පිළිගැනීමේ සහ VIP සේවා, ප්‍රවාහන පහසුකම් සැපයීම, වාහන කුලියට දීම සහ වීසා හා ආගමන ක්‍රියාවලිවලට අදාළ කටයුතු ආදී සේවා සපයයි. සිය පාරිභෝගිකයන්ට වගකීම් සහගත සේවාවක් සැපයීම Global Air Connection සමාගමේ ප්‍රධාන අරමුණයි.

 




 

සමාගමේ සියලු මෙහෙයුම් නවීන තාක්ෂණික මෙවලම් හා උපක්‍රම භාවිතයෙන් කැපවීමෙන් යුතු වෘත්තිකයන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. Global Air Connection සමාගම විසින් සපයනු ලබන සේවාවල තත්ත්වය සුවිශේෂ පුහුණුව ලද විදේශීය කළමනාකාර කණ්ඩායමක් විසින් අධීක්ෂණය කරනු ලබයි. සිය පාරිභෝගිකයන්ගේ සංචාරක අවශ්‍යතා මනාව හඳුනා ගෙන ඇති Global Air Connection සමාගම ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් එකම ස්ථානයකින් සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර තිබේ. ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් රැසක් සමඟ ඔවුන් ඇති කර ගෙන ඇති ආයතනික මට්ටමේ ගිවිසුම්වල සහ එකඟතාවල ප්‍රතිපලයක් ලෙස සිය පාරිභෝගිකයන්ට ආකර්ෂණීය මිළ ගණන් සහ සුවිශේෂ වාසි යටතේ ගුවන් ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ අවස්ථාව උදා කර දීමට Global Air Connection සමාගම කටයුතු කරයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව