GGGI හවුල්කාරීත්වය සමඟින් කොමර්ෂල් බැංකුව තම හරිත මූල්‍යකරණය ශක්තිමත් කරයි

GGGI partnership (LBN)

 



 

 

තිරසාර මූල්‍ය මූලාරම්භයන් පිළිබඳ ප‍්‍රමුඛ පෙළ ජාත්‍යන්තර අන්තර් රාජ්‍ය තාක්ෂණික උපදේශකයෙකු වන සෝල් නුවර මූලස්ථාන කරගත් ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute – GGGI) සමඟ කොමර්ෂල් බැංකුව සන්ධිස්ථානාත්මක ගිවිසුමක් අත්සන් කර ඇත.

මෙම ආයතන දෙක විසින් අනුමත කරන ලද අවබෝධතා ගිවිසුම තිරසාර මූල්‍ය සහයෝගීතා වැඩසටහනක් සඳහා වේදිකාව සකසන අතර ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශය සඳහා හරිත හා නීල ආයෝජන අවස්ථා බලමුලු ගැන්වීමට කොමර්ෂල් බැංකුව සතු සූදානම තියුණු කරයි.

GGGI වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්රෑන්ක් රිජ්ස්බර්මන් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා අත්සන් තැබීය.

කොමර්ෂල් බැංකුව සහ GGGI  අතර මෙම පරිවර්තනීය හවුල්කාරීත්වය ශ‍්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය මුලපිරීම් කඩිනම් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අතර, ඉදිරි පරම්පරාවන් සඳහා හරිත හා වඩා ඔරොත්තු දෙන ආර්ථිකයක් සඳහා මාවත විවර කරන බව බැංකුව පවසයි.

GGGI යට අනුව, කොමර්ෂල් බැංකුව තේමාත්මක බැඳුම්කර නිකුතුව පිළිබඳ ගවේෂණය තුළින් සිය හරිත කළඔ පුළුල් කිරීම උදෙසා ඇති කැපවීම පෙන්නුම් කරමින් පවතී. මෙම හවුල්කාරීත්වය හරහා බැංකුවට තේමාත්මක බැඳුම්කර රාමුවක් නිර්මාණය කිරීම සඳහා GGGI වෙතින් ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥතාව සහ සහය ලබා ගැනීමට හැකි අතර  බැංකුවේ ආයතනික ධාරිතාව ද ශක්තිමත් වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ හරිත මූල්‍යකරණයට යොමු වූ ප‍්‍රථම බැංකුවලින් එකක් වන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ ජයග‍්‍රාහකයා ලෙස සම්මාන ලබා ඇත. තවද එහි ණය ලබා දීමේ දී සිදුකළ යුතු අනිවාර්ය සමාජ හා පාරිසරික පිරික්සුම් ක‍්‍රියාවලිය හේතුවෙන් තිරසාරත්වයේ පුරෝගාමියා බවටද පත්ව තිබේ. කොමර්ෂල් බැංකුව පුනර්ජනනීය බලශක්ති අංශයේ ප‍්‍රමුඛතම ණය දෙන්නා වන අතර ආයතනික හා සමාජයීය වගකීම් ක‍්‍රියාකාරකම් රැසක් ක‍්‍රියාවට නංවා ඇත. කොග්ගල කඩොලාන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, පානම මුහුදු කැස්බෑ සංරක්ෂණ වැඩසටහන, සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර් 100ක විනාශ වූ වාසභූමියේ නැවත වන වගා කිරීම ඒ අතර වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 250 කට සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව