Galaxy Unpacked 2022 හිදී S22 ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩය සමඟින් SAMSUNG සියලූ සීමා මායිම් බිඳ හෙලයි

Samsung Galaxy S22

 



 

 

 

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්  “Samsung Galaxy Unpacked 2022: The Epic Standard of Smartphone Experiences,” යන උද්දෘතය යටතේ සැම්සුන් Galaxy devices අතර දැනට ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S කාණ්ඩය online තාක්ෂණය ඔස්සේ පසුගියදා හඳුන්වා දුන්නේය. එහිදී Galaxy S22 කාණ්ඩයේ smartphones තුනක් සහ Galaxy Tab S8 කාණ්ඩයේ tablet තුනක් එළිදක්වන ලදී.

මෙම Galaxy S22 කාණ්ඩය මගින් මෙතෙක් හඳුන්වා දෙන ලද Galaxy smartphones වලට වඩා ඉහළම ක‍්‍රියාකාරීත්වයක් ලබා දීම සුවිශේෂී වේ. මෙහි ඇති image sensor මෙයට පෙර හඳුන්වා දෙන ලද smartphones කාණ්ඩයට වඩා විශාල වන අතර අද්විතීය AI තාක්ෂණය මත පදනම් වූ Nightography වැනි නවීනතම කැමරා විශේෂාංග ද මෙම Galaxy S22 කාණ්ඩයට ඇතුළත්ය. ප‍්‍රථම වරට හඳුන්වා දෙන ලද Galaxy හි 4nm  ප්‍රොසෙසරයකින් ද මෙම smartphones සමන්විත වන අතර අනෙක් tablets වලට වඩා Galaxy Tab S8 කාණ්ඩයේ tablet වල ඇති සුවිශේෂී හැකියාවන් ඔබව පුදුමයට පත් කරනු ඇතx

Smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Galaxy Note හා S කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් S22 Ultra හඳුන්වා දෙන අතරම Galaxy S22 සහ S22+ මගින් නිර්මාණශීලිත්වය නව මානයකට රැගෙන යාමට හා තමන්ගේ පෞරුෂය නිරූපණය කිරීමට පරිශීලකයින්ට අවස්ථාව උදා කරයි. මේ අතර Galaxy Tab S8, S8+ සහ S8 Ultra හි නවීන දෘඩාංග සමඟින් ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වයක් ගෙන එන අතර පරිශීලකයින්ට වැඩ කිරීමේදී හා වීඩියෝ ක‍්‍රීඩාවල නිරත වීමේදී මින් පෙර අත් නොවිඳි නම්‍යශීලීභාවයක් හා නිදහසක් ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් MX (Mobile eXperience) ව්‍යාපාර ප‍්‍රධානී ටී. එම් රෝහ් මහතා පැවසුවේ ”අපගේ smartphone කැමරා මගින් අප නිර්මාණය කරන, share කරන හා සන්නිවේදනය කරන ආකාරය වෙනසකට ලක් කර තිබෙනවා. ඡායාරූප සහ වීඩියෝ හරහා අපි අපගේ අදහස් ප‍්‍රකාශ කරමින් අප ආදරය කරන පුද්ගලයින් සමඟ සම්බන්ධ වනවා. දවසේ ඕනෑම වේලාවක ක‍්‍රියා කරන අළුත්මල නිර්මාණශීලි කැමරා හැකියාවන් සහිත අපගේ නවතම S කාණ්ඩයේ devices නිර්මාණය කිරීමට අප අවධානය යොමු කළේ ඒ නිසයි.’’ යනුවෙනි.

නිර්මාණශීලිත්වය විදහා දක්වන හා තමන්ගේ පෞරුෂය නිරූපණය කරන Galaxy S22 සහ S22+ යන ප‍්‍රධාන devices දෙක සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් මෙහිදී එළිදැක්වීය. ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම සොඳුරු මොහොතක් බවට පත් කිරීම සඳහා advanced intelligent imaging තාක්ෂණය සහිත ක‍්‍රියාශීලී කැමරාවලින් සමන්විතව Galaxy S22 සහ S22+ ඔබ වෙත හඳුන්වා දෙයි. තවද Galaxy S22 සහ S22+ විචිත‍්‍රවත් හා පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

පරිශීලකයින්ට කොතැනක සිට හෝ සම්බන්ධ වී  ඕනෑම දෙයක් බෙදාහදා ගැනීමට හැකි වන ලෙස උසස් තත්වයේ කැමරා අත්දැකීමක් ලබා දීම සඳහා Galaxy S22 සහ S22+ නිර්මාණය කර ඇත. S22 සහ S22+ ට වඩා 23‍% larger sensor එකකින් යුත් අළුත්ම Nightography විශේෂාංගය සහ Adaptive Pixel තාක්ෂණයෙන් සමන්විතව එන Galaxy S22 කාණ්ඩයේ කැමරාව ඔබගේ ඡායාරූපවලට සවිස්තරාත්මක හා වැඩි දීප්තිමත් බවක් ලබා දෙන අතර අඳුරේදී පවා වර්ණ ග‍්‍රහණය කරගනිමින් ඔබේ අන්තර්ගතය හොඳින් මතුකර පෙන්වන පරිදි නිර්මාණය කර ඇත.  ප‍්‍රබල 50MP ප‍්‍රධාන කැමරාව, 10MP tele-lens සහ 12MP ultra-wide lens සහිතව නිපදවා ඇති Galaxy S22 සහ S22+ යන devices දෙක මගින් ඔබට සැමවිටම උසස් තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට හැකියාව ඇත. ඔබ මිතුරන් සමඟ වීඩියෝ ගැනීමේදී මෙහි ඇති නව Auto Framing2 විශේෂාංගය මගින් පුද්ගලයන් 10 දෙනෙකු සිටියද එහි කැමරාවේ focus එක ස්වයංක‍්‍රීයව වෙනස් වන නිසා ඔබේ කැමරාව පැහැදිලිව ඒ සෑම කෙනෙකුම ග‍්‍රහණය කරගනී. උසස් VDIS තාක්ෂණයෙන් බලගැන්වුනු මෙම devices දෙකම vibrations අවම කරයි. එනිසා ඔබ ගමන් කරන විටදී පවා ඔබට සුමට, සුපැහැදලි දසුන් ලබා ගත හැකිය.

Galaxy S22 කාණ්ඩය සැම්සුන් හි ප‍්‍රබල Knox Vault ආරක්ෂණ පද්ධතිය මගින් ආරක්ෂා කර ඇත. එමගින් ඔබගේ passwords, ජීව දත්ත හෝ Blockchain keys වැනි සංවේදී දත්ත ඔබගේ ජංගම දුකතනයේ ප‍්‍රධාන operating system එකෙන් සම්පූර්ණයෙන් ඈත් කර තබයි. ඔබේ කැමරාවට හෝ දත්තවලට ප‍්‍රවේශ වීමට app එකක් උත්සාහ කරන විට ඔබව දැනුවත් කිරීමේ සිට ඔබේ සියලූම සැකසුම් (settings) හා පාලනයන් (controls) එක් පහසු ස්ථානයකට ගෙන එන නව රහස්‍යතා උපකරණ පුවරුවක් (privacy dashboard) ඇත. ARM micro architecture ඇතුළුව නව ආරක්ෂක විශේෂාංග කිහිපයක් ද Galaxy S22 කාණ්ඩය හඳුන්වා දී ඇති අතර එය ඔබගේ operating system හා memory වෙතට එල්ල කරනු ලබන සයිබර් ප‍්‍රහාරයන් වළකයි.

නව S22 කාණ්ඩය සමඟින් පරිශීලකයින්ට සෑම ආකාරයකින්ම ඔවුන්ගේ ජීවිතයට බලපානු ලබන කටයුතු සමඟ සම්බන්ධ වී සිටීමට හැකි වන පරිදි සැම්සුන් නවතම tablets පෙළක් සහ Galaxy Watch4 සඳහා update කළ විශේෂාංග රැසක්ද හඳුන්වා දෙයි. නව යුගයක සම්බන්ධතාවක් නිර්මාණය කිරීම පිණිස Tab S8, Tab S8+ හා Tab S8 Ultra ලෙස Galaxy Tab S8 කාණ්ඩය සමන්විත වන අතර සැම්සුන් හි මෙතෙක් වඩාත් බහුකාර්ය හැකියාවන්ගෙන් යුතු tablets පෙළ වන්නේ එයයි. රැකියා කටයුතු, අධ්‍යන කටයුතු, වීඩියෝ ක‍්‍රීඩාවල නිරතවන හා නිර්මාණශීීලී කටයුතු කරන පරිශීලකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර තිබේ. තවද, මෙහි OS වසර 4ක් දක්වා update කළ හැක.

Galaxy S22 කාණ්ඩය ළඟදීම ශ‍්‍රී ලංකාව තුළ ඇණවුම් කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව