ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා නිමාව දුටු Future Minds උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයේ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේ ය. මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු 17 දින සිට 19 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මීට අමතරව, 2023 ජූනි මස 10 සහ 11 දිනවල ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හිදී සහ 2023 ජූලි 01 සහ 02 යන දිනවල ගාල්ල ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත Future Minds ප්‍රදර්ශන සඳහා නොමිලේ Wi-Fi පහසුකම් ලබාදීමට ද SLT-MOBITEL කටයුතු යොදා ඇත.
මෙමගින් ප්‍රදර්ශනයට පැමිණෙන නරඹන්නන්ට බාධාවකින් තොරව අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් අත්විඳීමට අවස්ථාව හිමි වේ. මීට අමතරව, තම පුහුණු මධ්‍යස්ථානය තුළ හැදෑරිය හැකි පාඨමාලා පිළිබඳව Future Minds ප්‍රදර්ශනයට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමට ද SLT-MOBITEL කටයුතු කරයි.
Future Minds යනු මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඵලදායී උසස් අධ්‍යාපන අවස්ථාවන් පිරිනැමීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකරන ප්‍රදර්ශනයකි. ශ්‍රී ලංකාවේදී මෙන්ම විදේශ රටවලදී උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාවන් රාශියක් එකම වහලක් යටදී දැකගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්, “No One Left Behind” යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශන මාලාව සංවිධානය කෙරේ. වසර 16 ක කාලයක් පුරා මෙරට ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින Future Minds ප්‍රදර්ශනය මෙරට වෘත්තීය උපදේශනය සම්බන්ධ පුරෝගාමී ප්‍රදර්ශනයක් මෙන්ම, දිවයිනේ වැඩිම පිරිසක් නැරඹීමට පැමිණෙන උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය ලෙසද සැලකේ.