ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම ශ්‍රී ලංකා බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී රන් සම්මාන දිනයි

1- Forbes Marshall Gold Award (1) (LBN)

වාශ්ප බලශක්ති ඉංජිනේරු සහ බලශක්ති සංරක්ෂණ විසඳුම් සම්පාදනයේ මෙරට ප්‍රමුඛයෙකුවන ෆෝබ්ස් මාෂල් ලංකා (Forbes Marshall Lanka) සමාගම පසුගියදා පැවැති 2025 ශ්‍රී ලංකා බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී හොඳම බලශක්ති සේවා සමාගම කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත්විය.

2026 පෙබරවාරි 24වැනිදා කොළඹ BMICH හිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසිනි. සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, බලශක්ති නාස්තිය අවමකිරීම ජාතික ආර්ථික ප්‍රමුඛතාවක්වන බව ය.




″මෙම ජයග්‍රහණයේ ගෞරවය අපේ කාර්යමණ්ඩලයට වගේම පාරිභෝගිකයින්ටත් එක හා සමානව හිමිවිය යුතුයි. බලශක්ති කාර්යක්ෂමතාව එක් වතාවක් ක්‍රියාත්මක කිරීමෙන් අවසන්වන ව්‍යාපෘතියක් නොවේ. එය දැඩි විනයක් සහිතව ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක්. වර්තමානය වනවිට ශ්‍රී ලාංකික සමාගම් බලශක්ති කාර්යක්ෂමතාව කෙරෙහි දැඩි නැඹුරුවක් දක්වනවා. එහිදී විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ක්‍රියාකිරීමට ලැබීමත්, මෙවැනි ගෞරව සම්මානයක් හිමිවීමත් අපට විශාල සතුටක්″, යනුවෙන් ෆෝබ්ස් මාෂල් ලංකා සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ලොෂාන් පලයන්ගොඩ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව තුළ මේ දක්වා බලශක්ති විගණන 5000කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇති ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම ආයෝජන ශ්‍රේණියේ විගණන හතරක් ද, බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘති 20කට වැඩි ප්‍රමාණයක් ද, ඉංජිනේරුවන් 500කට වැඩි ප්‍රමාණයකට පුහුණුවීම් ද ලබාදී තිබේ. තව ද, යාර මිලියන 25,000කට අධික දර ඉන්ධන සහ ජීවවායු ප්‍රමාණයක් සහ දැවිතෙල් ලීටර මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් ඉතිරිකිරීමට ද සමාගමට මෙම කාලය තුළ හැකිවී තිබේ. බලශක්ති සංරක්ෂණ කාර්යසාධන මට්ටම සාමාන්‍යයෙන් සියයට 70ක මට්ටම පරිසාධිත මට්ටමක් ලෙස පිළිගැනුණ ද ෆෝබ්ස් මාෂල් ලංකා සමාගමට එය සියයට සියයක් දක්වා මට්ටමක් ළඟාකරගැනීමේ හැකියාව පවතී.

වර්ෂ 2018දී ද මෙම සම්මාන කාණ්ඩයේ ජයග්‍රහණය ෆෝබ්ස් මාෂල් ලංකා සමාගමට හිමිවූ අතර, විශිෂ්ටත්ව වෙනුවෙන් සමාගම සතු කැපවීම ඒ හරහා හොඳින් පිළිබිඹු වේ.

සිංගප්පූරුවේ Forbes Marshall International PTE සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක්වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගමට ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1992 වසරේදී ය. වාෂ්ප ඉංජිනේරුවේද (steam engineering), ස්වයංක්‍රීයකරණ විසඳුම් (control instrumentation) සහ බලශක්ති සංරක්ෂණ අංශවල වෙළෙඳපොළ ප්‍රමුඛයාවන  ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම සතුව 600කට වැඩි පාරිභෝගික ජාලයක් සිටී. ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගමේ මව් සමාගම, වසර 75කට වැඩි කාලයක් පුරා වාෂ්ප ඉංජිනේරු සහ ස්වයංක්‍රීයකරණ විසඳුම් සම්පාදනයේ යෙදී සිටින අතර, ලොව පුරා රටවල් 19ක කර්මාන්ත අංශ 30ක් පුරා 8,000කට වැඩි ගනුදෙනුකාර සමාගම් වෙත සේවා සලසයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව