
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන First Capital Holdings PLC, 2025/26 මූල්‍ය වර්ෂය තුළ තිරසාරත්වය වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර ඇගයුම් රැසකින් පිදුම් ලැබීමට සමත් විය. එමෙන්ම වගකීම්සහගත මූල්‍ය සේවාවන්, පරිසර හිතකාමීත්වය, මූල්‍ය අන්තර්කරණය සහ සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිලාභ පිරිනැමීම යන අංශ සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට සමාගමට හැකි වී තිබේ.
මේ අතරින් එක් ප්‍රධාන පෙළේ ජයග්‍රහණයක් වන්නේ, European Organisation for Sustainable Development වෙතින් Certificate of Acceptance from the Sustainability Standards & Certification Initiative (SSCI) හිමි කරගත් ප්‍රථම ආයෝජන සමාගම බවට පත්වීමය. එමෙන්ම United Nations Global Compact (UNGC), UN Women’s Empowerment Principles (WEP) සහ Partnership for Carbon Accounting Financials (PCAF) සමඟ එක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයෝජන ආයතනය බවට පත්වීමට සමාගමට හැකි වූ අතර, ඉන් පෙනී යන්නේ සමාගම ආචාරධාර්මික ආයතනික පාලනය, ස්ත්‍රී පුරුෂ සමානත්වය, පාරිසරික විනිවිදභාවය සහ තිරසාර මූල්‍ය ක්‍රමවේදයන් වෙනුවෙන් කැප වී කටයුතු කරන බවයි. එමෙන්ම තම තිරසාරත්ව කැපවීම තවදුරටත් තහවුරු කරමින් UN Principles for Responsible Investment (PRI) සමඟ අත්වැල් බැඳගත් ප්‍රථම ශ්‍රී ලාංකික සමාගමට බවට පත්වීමටද First Capital Asset Management Limited සමත් විය.
“ආයෝජන ආයතනයක් ලෙස, වගකීම්සහගත ආයෝජනය, ශක්තිමත් ආයතනික පාලනය සහ කාටත් විවෘත වර්ධන අවස්ථා තුළින් තිරසාර ආර්ථික වර්ධනයකට දායක වීම සඳහා අපට වගකීමක් පැවරී තිබෙන බව අප දන්නවා. තිරසාරත්වය යනු තවදුරටත් ව්‍යාපාර ක්‍රමෝපායෙහි අප්‍රධාන අංගයක් පමණක් නොවෙයි. එය ආයතනයක දීර්ඝකාලීන ශක්තියට සහ වටිනාකම් නිර්මාණයට අත්‍යවශ්‍ය සාධකයක්. ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රය තුළ තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආදර්ශමත් ලෙස කටයුතු කරමින් වගකීම්සහගත වර්ධනය තුළින් ක්ෂේත්‍රයට නව ආදර්ශයක් ලබාදීමට First Capital සමාගම කටයුතු කරමින් සිටිනවා. 2025/26 මූල්‍ය වර්ෂය තුළ අප අත්කරගෙන තිබෙන ප්‍රගතිය මඟින් පිළිබිඹු වන්නේ, අපගේ පාර්ශ්වකරුවන්, ප්‍රජාවන් සහ ආර්ථිකය වෙනුවෙන් යහපත් බලපෑමක් ඇතිකිරීම සඳහා අප දරන උත්සාහයේ සාර්ථකත්වයයි.” First Capital Holdings PLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ශාන් වීරසේකර මහතා පැවසීය.
පරිසර හිතකාමීත්වය වසර පුරාම සමාගමේ අවධානය යොමු වූ ප්‍රධානතම අංගයක් විය. ඒ යටතේ සමාගම විසින් Deal Place හි සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කරන ලද අතර, WNPS PLANT වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් මාලාව යටතේ වනාන්තර ප්‍රතිසංස්කරණ වැඩසටහනක්ද ආරම්භ කරන ලදි. එමෙන්ම ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය අවම කිරීම සහ සමුද්‍රීය සංරක්ෂණය අරමුණු කරගනිමින් පාරිසරික නායකත්ව වැඩසටහන් පෙළක් ක්‍රියාවට නැංවීමටද සමාගම කටයුතු කළේය. තවද සමාගමේ පාරිසරික මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින්, පරිසරය සම්බන්ධ වාර්තාකරණ සහ අනාවරණ මූලධර්මයන්ට අදාළ SLFRS S1 සහ S2 පුහුණුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත ලබාදීමටද සමාගම කටයුතු කළේය.
“තිරසාරත්වය යනු First Capital සමාගමේ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක්. 2025/26 මූල්‍ය වර්ෂය තුළ අප ආයතනික පාලන රාමු ශක්තිමත් කිරීම, පරිසරය හිතකාමී ක්‍රියාකාරකම් පුළුල් කිරීම, වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තිරසාර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම යනාදිය ඔස්සේ තිරසාරත්ව අරමුණු ප්‍රායෝගික යථාර්ථයන් බවට පත්කිරීමට කටයුතු කළා. අපගේ මේ ප්‍රවේශය, වඩාත් ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් සහ අනාගත අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි ආයතනයක් නිර්මාණය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස හැඳින්විය හැකියි.” First Capital Holdings PLC සමාගමේ තිරසාරත්වය සහ ආයතනික වාර්තාකරණ ප්‍රධානී දිලුනි ධනුෂිකා මහත්මිය පැවසුවාය.
මූල්‍ය සාක්ෂරතාව සහ ආයෝජකයන් සවිබල ගැන්වීම First Capital සමාගමේ තිරසාරත්ව න්‍යායපත්‍රයේ අනිවාර්ය අංග වේ. විශ්ව විද්‍යාල ඉලක්ක කරගත් investED වැඩසටහන, විවිධ භාෂාවන්ගෙන් පවත්වනු ලබන ආයෝජක සංවාද, Stock Talk වෙබ් සම්මන්ත්‍රණ මාලාව සහ දීපව්‍යාප්ත අධ්‍යාපනික වැඩසටහන් ආදිය ඔස්සේ සමාගම ආයෝජනය සම්බන්ධයෙන් රට පුරා ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවරක නිරත වී සිටී. මේ දක්වා investED වැඩසටහනට සම්බන්ධ වූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන 1,000 ඉක්මවයි. එමෙන්ම FinPowerHer වැඩසටහන හරහා සමාගම ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටු කර තිබේ. මූල්‍ය ක්ෂේත්‍රය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සහ ඔවුන්ට නායකත්ව තනතුරුවලට පත් වීමට අවස්ථාව ලබාදීම අත්‍යවශ්‍ය බව සමාගම දැඩි ලෙස විශ්වාස කරයි.
මීට අමතරව අධ්‍යාපනය, පරිසර සංරක්ෂණය, ප්‍රජා සහය, ව්‍යවසායකත්වය සහ තරුණ සංවර්ධනය වැනි විවිධ අංශ යටතේ සමාජ සත්කාර වැඩසටහන් රාශියක් First Capital විසින් ක්‍රියාවට නංවා ඇත. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන්, පාසල්වල යටිතල පහසුකම් නැංවීමේ වැඩසටහන්, Hatch සමඟ එක්ව ක්‍රියාවට නැංවූ First Capital Startup Nation වැඩසටහන, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට මඟපෙන්වීමේ වැඩසටහන්, අධ්‍යාපනික ප්‍රජා සත්කාර වැඩසටහන් සහ Rebuild Sri Lanka අරමුදලට රු. මිලියන 15 ක පරිත්‍යාගයක් සිදුකිරීම ඇතුළු පියවර රාශියක් මේ අතරට ඇතුළත්ය.
බාහිර ක්‍රියාකාරකම්වලට සීමා නොවී, තම කාර්ය මණ්ඩලයද දැනුවත් කරමින් සහ ඔවුන්ද දායක කරගනිමින් ආයතනය තුළ තිරසාරත්වය මූලික කරගත් ආයතනික සම්ප්‍රදායක් නිර්මාණය කර පවත්වාගෙන යාමට First Capital සමාගම පියවර ගෙන තිබේ. මීට සමගාමීව අධීක්ෂණය, වගවීම සහ දීර්ඝකාලීනව අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ආයතනික පාලන ව්‍යුහය ශක්තිමත් කිරීමටද සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. ඉදිරියේදී තම මූල්‍යමය මෙහෙයුම් සම්බන්ධ විමෝචන සීමාවන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමටත්, SLFRS S1 සහ S2 තිරසාර වාර්තාකරණ අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් පුළුල් මට්ටමින් පියවර ගැනීමටත්, සිය තිරසාරත්ව උත්සාහයන්හි තවත් අදියරක් ලෙස SSCI High Impact Goals කරා පිවිසීමටත් සමාගම බලාපොරොත්තු වෙයි.


