Finagle ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන ද්විත්වයක් දිනයි

A (LBN)

Finagle Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී බේකරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන්  විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස (මහා පරිමාණ – ආහාර පාන කර්මාන්තය) ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානය සහ විශිෂ්ටම ආයතනික පර්යේෂණ හා සංවර්ධන ඒකකය සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ඒ තුළින් නව්‍යකරණය, පර්යේෂණ හා සංවර්ධන විශිෂ්ටත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳව Finagle Lanka සමාගම සතු කැපවීම තව දුරටත් තහවුරු වේ.
 



 

Finagle Lanka සමාගම පාන්, බනිස්, කේක්, කුකීස් සහ ශීත කළ හා අර්ධ වශයෙන් බේක් කළ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. KFC හා Burger King වැනි ජාත්‍යන්තර සන්නාම, ප්‍රධාන පෙළේ හෝටල්, ආපන ශාලා, රෝහල්, සුපිරි වෙළෙඳසැල් සහ දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරුවෝ වෙති. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මාලදිවයින වැනි රටවලට සිය නිෂ්පාදන අපනයනය කරන එම සමාගමට අයත් නවීන තාක්ෂණයෙන් සපිරි කර්මාන්තශාලාව ඒකල කර්මාන්තපුරයේ පිහිටා ඇත. එය මෙරට බේකරි කර්මාන්ත ආයතනයක් සතු විශාලම සහ වඩාත් උසස් නිෂ්පාදන පහසුකම්වලින් පරිපූර්ණ නිෂ්පාදනාගාරය වේ. සනීපාරක්ෂාවට, ආරක්ෂාවට, ගුණාත්මකභාවයට ප්‍රමුඛතාව දෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය සකසා ඇත. ISO 9001:2000 සහ HACCP යන ජාත්‍යන්තර තත්ත්ව සහතික දිනූ මෙරට පළමු බේකරි ආයතනය වන්නේ Finagle Lanka සමාගමයි. ගෝලීය වශයෙන් පිළිගත් ආහාර සුරක්ෂිතතා ප්‍රමිති සහතිකයක් වන FSSC 22000 සහතිකයද ලබා ඇති එම සමාගම දැඩි තත්ත්ව පරීක්ෂා, සැපැයුම් විගණන, විද්‍යාගාර පර්යේෂණ වැනි ක්‍රියාමාර්ග තුළින් නිෂ්පාදන කටයුතුවලට යොදා ගන්නා අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සහතික කරයි. ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනුව උසස් තත්ත්වයේ බේකරි නිෂ්පාදන හඳුන්වා දෙන Finagle Lanka සමාගම ශීත කළ සහ මද වශයෙන් බේක් කළ නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දුන් සමාගම් අතර ප්‍රමුඛයෙක් වේ. එම සමාගම මීට පෙරද දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව