Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කෙරේ

FADNA (LBN)

වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව  තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවනුයේ තත්වය වඩාත් ත්‍රිව කරමිනි. මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මුල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන දෙන කාරණාවක්  වී ඇත. මෙහිදී  පීඩාවට පත් වූ පවුල්වල සිසුන්ට ඇති වන මානසික පීඩා, නිවසේ වගකීම් වැඩි වීම මෙන්ම, මතුවන ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන්ගේ අධ්‍යාපන ගමන ගැටලුකාරී වී ඇති අවස්ථා බොහොමයක් දැකගත  හැක. ඒ අනුව සිසුන්ගේ අනාගතය තීරණය කරන, ජිවිතයේ වටිනා  කඩඉමක් වන උසස් පෙළ විභාගය සඳහා ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීම අරමුණු කර ගෙන තම Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන  ලාභය යෙදවීමට Fadna ආයතනය කටයුතු කර ඇත.

 



 

Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව  වැඩසටහන ලෙස නම් කර ඇති එහි සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම Fadna ආයතනයේ ප්‍රදානත්වයෙන් හා  මොරටුව නිව් horizon සිංහ සමාජයේ සහයෝගීතාවෙන් 2024 මැයි මස 25 වන දින ගංගාරාම රජමහා විහාරයේදී, සර්ව ආගමික  නායකයන් ඉදිරියේදී සිදු කෙරුණි. මෙහිදී දශක දෙකක අසන්න කාලයක් පුරාවට තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය නොමදව දිනා සිටින කීර්තිමත් සන්නාමයක් වන Fadna කොළඹ විශ්ව විද්‍යාලය සමග එක්ව හඳුන්වා දුන් නවතම නිෂ්පාදන 4 අතරින් Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන් තම කොටස Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව  වැඩසටහන සඳහා වෙන් කිරීම තම සමාජයික  වගකීම යුහුසුළුව ඉදිරියට ගෙන යන ගමනේ තවත් වැදගත් පියවරක් ලෙස සදහන් කල හැක .

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව