FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන

Photo

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතිගරු ජනාධිපතිතුමාට මහත්  ගෞරවයෙන් හෘදයාංගම සුභාශිංෂන පිරිනමයි.

අනාගත පරපුර වෙනුවෙන් පොහොසත් උරුමයන් රැකගනිමින්, ගෝලීය වශයෙන් මනා පිළිගැනීමක් ගොඩනගමින් නවෝත්පාදන සහ උසස් තිරසාරභාවය තුළින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිබල ගැන්වීම  SLGJA හි දැක්ම වේ.එමෙන්ම සදාචාරාත්මක පිළිවෙත් ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය කෙරෙහි දායකත්වය සැපයීම/ සමනය කිරීම, වෙළෙඳපල ප්‍රවේශය පහසු කිරීම, කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් කුසලතා පෝෂණය කිරීම සහ තිරසාර මූලාශ්‍රකරණය වැනි දැවැන්ත මෙහෙවරක් මෙමඟින් සිදුකෙරේ. SLGJA ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ පුරෝගාමියා ලෙස කටයුතු කරමින් කර්මාන්තය ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය සහ අනෙකුත් අදාළ ආයතන වෙත බලපෑම් සිදු කරනු ලැබේ. වසර 31කට නොඅඩු කාලයක් පුරාවට FACETS Sri Lanka ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සංවිධායකවරයා ලෙස ද  SLGJA කටයුතු කරන අතර  එය සහයෝගීතාවය, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් පෝෂණය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ සාමාජිකයන් සඳහා  මූලික පදනම සපයයි.
 



 

නව ජනාධිපතිතුමන්ගේ දූරදර්ශී නායකත්වය යටතේ අපේ රට අඛණ්ඩව දියුණුවෙමින් සෞභාග්‍යයේ නව මාවත වෙත ළඟා වනු ඇතැයි ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයේ සහ සවිමත් ආර්ථිකයේ  දීර්ඝ කාලීන අංගයක් වූ  කර්මාන්තයක් ලෙස  අපි විශ්වාස කරන්නෙමු. සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහ ප්‍රගතිය මෙන්ම ජාතික සමගිය සඳහා ඔහු දක්වන කැපවීම, මෙරට අනන්‍යතාවයේ සහ එහි ආර්ථිකයේ වැදගත් සාධකයක් වන මැණික් හා ස්වර්ණාභරණ අංශයේ වටිනාකම් සහ අභිලාෂයන් සමඟ මැනවින් සමපාත වේ.

මැතිවරණයට පෙර අතිගරු ජනාධිපතිතුමා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පවත්වන ලද  සාකච්ඡාවේදී  මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මුහුණ දෙන සුවිශේෂී අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව ඔවුන්  මැනවින් අවබෝධ කරගත් අතර එබැවින් එතුමන්ගේ නායකත්වය සහ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ  දීප්තිමත් අනාගතය පිළිබඳ සුවිශාල   විශ්වාසයක්  අපට තිබේ.

ගෝලීය වශයෙන් ශ්‍රි ලංකාවේ කීර්තිය ඉහළ නැංවීම සඳහා වැදගත් කාර්යභාරයක් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මගින් ඉටු කරයි.  මෙම කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එතුමන්ගේ පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට SLGJA මහත් උනන්දුවෙන් පසුවේ.සහයෝගයෙන් කටයුතු කිරීම ඔස්සේ තිරසාර වර්ධනය සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කිරීමට සහ ජාත්‍යන්තර තරඟකාරිත්වය ඉහළ නැංවීමට මෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන් කර්මාන්තයේ දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.

එතුමන්ගේ පරිපාලනය විසින් අඛණ්ඩව ජාතික ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සපයන කර්මාන්ත සඳහා සහය දැක්වීමටත් එම කර්මාන්ත සවිමත් කිරීමටත්   ප්‍රගතිශීලී පියවර අනුගමනය කරනු ඇතැයි SLGJA  විශ්වාස කරයි. එමෙන්ම ආර්ථික සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය සහ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳාම පිළිබඳ  ගෝලීය ප්‍රමුඛයා වශයෙන්  ශ්‍රී ලංකාවේ  ස්ථාවරය ඉහළ නංවන ඕනෑම පියවරක් සඳහා දායකත්වය සැපයීමට  SLGJA අපේක්ෂාවෙන් සිටියි.

අතිගරු ජනාධිපතිතුමන් ලැබූ ජයග්‍රහණය සඳහා නැවත වරක් අපගේ සුභාශිංෂන පිරිනමන අතර  ඔහුගේ පළමු ධූර කාලයේ  සියලුම කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.  එතුමාගේ නායකත්වය ඔස්සේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත සාමය සහ සෞභාග්‍යය උදාවේවා !.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව