Evolution Auto ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම ඉලෙක්ට්‍රික් වාහන සේවා සංකීර්ණය පෑලියගොඩ දී විවෘත කරයි

27.10.2025_11.15.09_REC

Evolution Auto ආයතනය විසින් ඔක්තෝබර් මස 21 දා,  ඉලෙක්ට්‍රික් වාහන සඳහා අලෙවියෙන් පසුව සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම සේවා සංකීර්ණය පෑලියගොඩ Porsche ප්‍රදර්ශනාගාරයට යාබදව විවෘත කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර, අලෙවියෙන් පසුව ඉලෙක්ට්‍රික් වාහනවලට අවශ්‍ය සේවා සැපයීමේ මංගල ලකුණක් ලෙස ද සැලකිය හැකි.

Avatar, IM, Xpeng, Riddara, King Long සහ KYC EV ​​ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් වාහන සන්නාම රැසක් සඳහා විශ්වාසදායක සහ උසස් තත්වයේ සේවාවක් ලබා දීම වෙනුවෙන් මෙම සේවා ස්ථානය ස්ථාපිත කර ඇති අතර, මෙහි දී ඉලෙක්ට්‍රික් වාහන පරීක්ෂාව, සාමාන්‍ය අලුත්වැඩියාව, රෝද පෙළගැස්ම, සේවා සැපයීම, අධි වෝල්ටීයතා බැටරි අලුත්වැඩියාව, අනතුරු නිසා අවශ්‍ය වන අලුත්වැඩියාවන් මෙන්ම vehicle detailing වැනි පුළුල් පරාසයක සේවාවන් රැසක් එකම ස්ථානයකින් පාරිභෝගිකයින්ට පිරිනැමීමට නියමිතයි.
 



 

පාරිභෝගික තෘප්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන Evolution Auto ආයතනය විසින් සිය ඉලෙක්ට්‍රික් වාහන ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමටත් පෙර, අලෙවියෙන් පසුවත් උසස් සේවාවක් ලබා දෙන බව තහවුරු කිරීම සඳහා මෙම සේවා සංකීර්ණය විවෘත කර තිබේ. මේත් සමඟම ඉලෙක්ට්‍රික් වාහනයක් මිලට ගැනීමෙන් පසුව ඕනෑම පාරිභෝගිකයකුට ඕනෑම සේවා කටයුත්තක් වෙනුවෙන් විශ්වසනීය සේවාවක් ලබාගැනීම සඳහා මෙම Evolution Auto ඉලෙක්ට්‍රික් වාහන සේවා සංකීර්ණය වෙත පිය මැනිය හැකි.

මෙම සේවා සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව Evolution Auto ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි විරාන් ද සොයිසා මහතා විසින් මෙසේ සොය අදහස් පළ කළේය.

 

“Evolution Auto හි, අප සිදු කරන සෑම කාර්යයක ම ප්‍රධාන අරමුණ වන්නේ සුවිශේෂී සේවාවක් ලබා දීමයි. සෑම වාහනයකට ම රැකවරණය ලබා දීම අනිවාර්යය කාරණයක්, ඒ වගේම සෑම වාහන හිමියකු ම නිදහස් මනසින් සිටීමත් අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයක්. මෙය අලෙවියෙන් පසුව වාහන වෙනුවෙන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දෙන සේවාව පිළිබඳ අපේ පොරොන්දුව ඉටු කිරීමක්. අපේ වාහන ප්‍රදර්ශනාගාරයටත් පෙර, අපේ සේවා සංකීර්ණය සම්පූර්ණ ක්‍රියාකාරීත්වයේ පවතින බව අපි මෙහි දී තහවුරු කළා. මේ නිසා අප පාරිභෝගිකයන්ට අලෙවියෙන් පසුව අඛණ්ඩ සේවාවක් ලබා ගනිමින්, වඩාත් සුමට, ආරක්ෂිත සහ තෘප්තිමත් ගමනාගමනයක් තහවුරු කර ගත හැකියි.”

එමෙන්ම මෙහි දී Evolution Auto හි අධ්‍යක්ෂ ධිරේන් කුණ්ඩන්මාල් මහත විසින් මෙසේ පැවසීය.

“මෙම බහු සන්නාම සේවා සංකීර්ණය ආරම්භ කිරීම Evolution Auto හි සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කරනවා. මෙය හුදෙක් ම සේවා ස්ථානයක් පමණක් ම නොවී, ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රික් වාහන හිමිකරුවන්ට වාහන අලෙවියෙන් පසුව ද නිරතුරුව උසස් තත්වයේ සේවාවක් සපයා දීම වෙනුවෙන් අපගේ අඛණ්ඩ කැපවීම පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ලෙස ද හඳුන්වා දෙන්න පුළුවන්. මෙය මෙතෙක් කල් ඉලෙක්ට්‍රික් වාහන හිමිකරුවන්ට තම වාහනවලට සේවා ලබා ගැනීම වෙනුවෙන් තිබූ අවිනිශ්චිත හැඟීම ඉවත් කිරීමට හේතු වූ බව ද සඳහන් කළ හැකි. එම නිසා ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙත මාරු වීමට අදහස් කර ගෙන සිටිනා ඕනෑම අයකුට විශ්වාසයෙන් යුතුව තම ඉලෙක්ට්‍රික් වාහනයක් වෙත මාරු වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.”

මෙම සේවා සංකීර්ණය විවෘත කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙන්ම, මෝටර් රථ ලෝලීන් මෙන්ම දේශීය තිරසාරභාවය වෙනුවෙන් පෙනී සිටින්නන් ද සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන සේවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට Evolution Auto විසින් ගත් මෙම පියවර ඔවුන්ගේ ප්‍රශංසාවට ද ලක් විය.

මෙම සංධිස්ථානයත් සමඟ Evolution Auto ආයතනය විසින් දේශීය ගමනාගමන සේවාවන් හි සුරක්ෂිත භාවය තහවුරු කිරීමට මෙන්ම, දේශීය ප්‍රවාහනයේ අනාගතය වෙනුවෙන් තමන්ට ඇති නිරවුල්, පැහැදිලි දැක්ම පිළිබඳව ද අවධාරණය කිරීමට සමත් විය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව