ESOFT Metro Campus වෙතින් දිවයින පුරා ශාඛා 40ක තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව 1500ක් පිරිනමයි

1- ESOFT scholarship to a student (LBN)

තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ දක්ෂතා වෙනුවෙන් දායකවීමේ අරමුණු පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus, එක්සත් රාජධානියේ තොරතුරු තාක්ෂණ, 3 වැනි මට්ටමේ ඩිප්ලෝමාවක් හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිසුන් 1,500 කට අධික සංඛ්‍යාවක් තෝරාගෙන ඇත.

 



 

අගෝස්තු 30 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ උත්සවයකදී එහි ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතින් සිසුන් 40 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුකරන ලදී. ESOFT Metro Campus හි සභාපති සහ සමූහ අලෙවි අධ්‍යක්ෂ ආචාර්ය දයාන් රාජපක්ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ විද්වතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ESOFT හි දිවයින පුරා පිහිටි ශාඛා 40ක සහ පාසල්වල සිදුකරනු ලැබූ තරඟ විභාගයක් මඟින් 10 සහ 11 වසර සිසුන් මේ සඳහා තෝරාපත්කර ගෙන ඇත. මෙය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව, සිසුන්ට 4 සහ 5 යන මට්ටම්වල උසස් ජාතික ඩිප්ලෝමා හදාරා, බ්‍රිතාන්‍ය උපාධියක් සම්පූර්ණ කිරීමට හැකිවන අතර, ඒ අනුව ඔවුන් සියල්ලෝම වයස අවුරුදු 20 වීමටත් පෙර, ආයතනික ලෝකයේ විශිෂ්ටත්වය දැක්වීමට හෝ ඔවුන්ගේ ව්‍යවසායකත්ව ප්‍රයත්න ආරම්භ කිරීම සඳහා හෝ ඉහළ සුදුසුකම් ලත් දක්ෂතා සහිත පිරිසක් බවට කරනු ලබයි.

මෙම මුලපිරීම සැලසුම්කර ඇත්තේ සිසුන්ට එක අතකින්  ඔවුන්ගේ සාමාන්‍ය පාසල් විෂය මාලාව හැදෑරීමට ඉඩ සලසන අතරම තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ ඊළඟ පරම්පරාවත් පෝෂණය කිරීම සඳහා ය. මෙය අනාගතයට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට අවශ්‍ය අංග සම්පූර්ණ ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමේ ශ්‍රී ලංකා රජයේ දැක්ම සමඟ ද සමපාත වේ.

තවද පෙර තේරීම් වටය මග හැරුණු සිසුන්ට සැප්තැම්බර් 30 වනදා දක්වා ඕනෑම ESOFT ශාඛාවකට ගොස් ඔවුන්ගේ කාර්යසාධනය මත පදනම්ව පූර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා පරිගණක මඟින් තේරීම් පරීක්ෂණයට පෙනී සිටිය හැකි බව ESOFT නිවේදනය කරයි. ජාතික, පළාත් හෝ ජාත්‍යන්තර පාසල්වල 10 වසර සිසුන් මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව